Life Events
මාගේ ජිවිතයේ
විශේෂ සිදුවීම්
Life Events
ජිවිතයේ විශේෂ සිදුවීම්
Life of Danesh
විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන – SLT Zero One Awards
විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන – (Best Community Empowerment Programme)
විවිධ ඩිජිටල් ක්‍රියාදාමයන් ආශ්‍රිතව විශිෂ්ඨතාප්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන (Government Institutions and NGOs) යටතේ
Winner :
විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන – (Best Community Empowerment Programme)
හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite) – SLT Zero One Awards
හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite)
විවිධ ඩිජිටල් ක්‍රියාදාමයන් ආශ්‍රිතව විශිෂ්ඨතාප්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන (Government Institutions and NGOs) යටතේ
Winner :
හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite)
හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile) – SLT Zero One Awards
හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile)
විවිධ ඩිජිටල් ක්‍රියාදාමයන් ආශ්‍රිතව විශිෂ්ඨතාප්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන (Government Institutions and NGOs) යටතේ
1st Runner-Up :
හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile)
“සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය
“සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය | සමස්ත ලංකා “දහම් සිසිල” පදනම
වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා “දහම් සිසිල” පදනම මගින් ඓතිහාසික මීරිගම පුරාණ විහාරස්ථානයේදී “සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි.
විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන 2017/18 – SLT Zero One Awards
විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන – (Best Community Empowerment Programme)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”)
In honour and recognition of excellence in Digital initiatives in Sri Lanka. Samajasathkara.lk Foundation was awarded 2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”
දේශමාන්‍ය ගෞරව නාමය (සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම)
දේශමාන්‍ය ගෞරව නාමය (සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම)
නෛකශ්‍රී විරාජමානව සොබා සෞන්දර්යයෙන් ලොව අන් සියලු රටවල් අභිබවමින්, ප්‍රමුඛස්ථානය උසුලන ශ්‍රී ලංකාද්වීපයේ ඉපිද “සැමට දිරිය – රටට සවිය” වෙමින් ලංකා සංස්කෘතික දායාදයන් වැඩිදියුණු කරමින් ද ජාතීන් අතර සහයෝගීතාව පතුරුවාලමින් මා කරනු ලැබූ සේවයට, සහජ දක්ෂතාවට ප්‍රවීණත්වයට සාදු චර්යාවට උපහාර පිරිනැමීම වස් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමේ සංවත්සර මහා සභාවේදී මාහට “දේශමාන්‍ය” ජාතික ගෞරවනාම සම්මාන සන්නස්පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රභූ ආරාධිත අමුත්තන් අතින් 2018ක් වූ මැයි මස 27 වන දින කොළඹදී පිරිනැමූ වගයි !
දේශමාන්‍ය (ජාතියෙහි අභිමානය) යනු, ශ්‍රී ලංකා රජය විසින් සිවිල් සම්මානයක් ලෙසින් පිරිනැමෙන දෙවන ඉහළතම ශ්‍රී ලාංකික ජාතික සම්මානය (ශ්‍රී ලංකාභිමාන්‍ය ට පසුපසින්) වේ.
The Deshamanya National Honor Award presented to me at the Annual General Meeting of the All Ceylon Cultural United Foundation. Deshamanya is the second highest Sri Lankan national award by a Sri Lankan government as a civilian award (behind the Sri Lankan honorary).
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයා – TOYP Awards – 2017
The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017
1954 වසරේ දී ශ්‍රී ලංකා ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සංවිධානය (Junior Chamber International Sri Lanka) ආරම්භ කර ඇත. 1980 වසරේ සිට ලංකාවේ ‘සමාජයේ ප්‍රගමනයට වසරේ වැඩි ම බලපෑමක් කළ තරුණයන් දස දෙනා (The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP) සම්මානය පිරිනමනු ලබයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් දස දෙනා අතරට මානුෂීය සහ ස්වේච්ජා සේවය යටතේ සමාජසත්කාර පදනමේ සභාපති ධනේෂ් මධුරංග එදිරිසුරිය තේරී පත්විය.
The Junior Chamber International Sri Lanka was established in 1954. The Ten Outstanding Young Persons of Sri Lanka (TOYP) Award is given to the ten most influential youngsters of the year. Danesh Maduranga Edirisooriya, Chairman of the SamajaSathkara.lk Foundation has been selected as one of Sri Lanka’s 10 best young men for Humanitarian and Voluntary Services
දේශකීර්ති ශ්රී ලංකාපුත්‍ර ගෞරව නාමය
දේශකීර්ති ශ්රී ලංකාපුත්‍ර ගෞරව නාමය – ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපාකාර පදනම
Deshakirthi Sri Lanka Puthra honor – Sri Anagarika Dharmapala Humanitarian Foundation
“ස්වර්ණ බිම්බ” ගෞරව සම්මාන උපාධි ප්‍රදාන උත්සවයේදී “දේශකීර්ති ශ්රී ලංකාපුත්ර” යන ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබීම.
බංගලාදේශ සංචාරය – “Coding your Way to Opportunity” Grant Event
Coding your Way to Opportunity” Grant Event – Bangladesh
ෆේස්බුක් සමාජයේ යහපැවැත්මට යොදාගැනීමේ සම්මානය – Etisalat Social Good Award
ෆේස්බුක් සමාජයේ යහපැවැත්මට යොදාගැනීමේ සම්මානය
.
ඉන්දියානු සංචාරය – SAMBHAV 2013
“නැනෝ” ආයතනය නැනෝ තින්ක්ලැබ් (Nano ThinkLab) නමින් නව මුහුණුවරකින්
I have launched the new website of my company – Nano ThinkLab.
I took my first steps in 2006 as “Future Center” and was re-branded as “Nano” in August 2009 which boosted our activities. We’ve grown our company with a dedicated group of talented believers in the notion that simple, old fashioned service and value still ring true. Nano has only one aim.
“We Develop the Future!”
Why Nano? We get this question a lot! Well, why call a computer an apple? or “Atom” Inside?
Nano was designed from the start to be a different alternative in Web designing & hosting. We took a look around and saw lots of techno babble, confusing pricing schemes and not much in the way of customer satisfaction or support. We realized that a simpler, more customer friendly approach was needed.
Now in 2013 we are offering 360° Business Solutions for any company world-wide.
Nano Think Lab – Web | Mobile | Software | Robotic | Hardware | Multimedia | Office | Print | Marketing Solutions
Our New Website : http://www.nanothinklab.com/
තෙවන රැකියාව – සර්වෝදය ෆියුෂන්
පොදු සේවා සම්බන්ධිකාරක – Common Services Coordinator
2009 ජනවාරි 01 වැනි දින සිට මා සර්වෝදය ෆියුෂන් ආයතනයට සම්බන්ධ වුනා. ශ්‍රී ලංකාවේ පළමුවෙනි වතාවට ග්‍රාමීය දරුවන් වෙනුවෙන් Online Exam Management System (Fusion Clouds) එකක් සහ Learning Management System එකක් නිර්මාණය කරන ලදි. මේ පද්ධතිය නිසා ශ්‍රී ලංකාව පුරා පරිගණක ආයතන විශාල ප්‍රමාණයක දරුවන් දස දහස් ගණනකට කොළඹ දරුවන්ටවත් අත්විදීමට හැකියාවක් නොවූ තාක්ෂණයක් ඇත විඳීමට හැකියාව ලැබුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ටෙලිසෙන්ටර් වෙනුවෙන් ප්‍රථම පැය 24 පුරා ක්‍රියාත්මක තාක්ෂණික සේවා සහය (24/7 Telecenter Support Hotline) මා විසින් ලබාදෙන ලදි. තවත් නව නිර්මාණ විශාල සංඛ්‍යාවක් මේ ආයතනය හරහා මා එළි දක්වන ලදි. සමාජසත්කාර ආයතනයේ බුද්ධි දාන පරිගණක ශිෂ්‍යත්ව වැඩසටහන සහ සමාජසත්කාර IT යහමග (නැණ සවිය) වැඩසටහන මේ ආයතනය හා එක්ව සිදු කරන ලදි. ඒ සඳහා 100% ප්‍රතිපාදන මාගේ සමාජසත්කර පදනම හරහා ලබාදෙන ලදී. ආයතනයට සම්බන්ධ වූ නිළයට හාත්පසින්ම වෙනස්වූ රාජකාරි තමයි මා විසින් සිදුකලේ. ඒ මගේ තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන. සමාජසේවයට මාහට ඇති කැමැත්ත නිසා මෙම රැකියාව මා සිදුකලේ ඉතාමත් සතුටින්. 2012 දක්වා මා පුර්ණ කාලීනව මෙම ආයතනයේ රැකියාව කරන ලදී.
ව්‍යාපාරයක් ආරම්භ කිරීම – නැනෝ (Nano) වෙබ් අඩවි සංවර්ධන ආයතනය
Managing Director – කළමනාකර අධ්‍යක්ෂක
2006 දී නැණසළ Future Center ලෙස ආරම්භ කල මාගේ තාක්ෂණික ව්‍යාපාරය 2009දී නැනෝ (Nano) ලෙස නම වෙනස් කල අතර තවත් සහකරුවන් දෙදෙනෙක් (බුද්ධික වල්පිට සහ ධම්මික වල්පිට) සමග එකතුව ව්‍යාපාරය තවත් සේවාවන් රැසක්ද සමගින් ඉදිරියට ගෙනයන ලදී. මුලිකව වෙබ් අඩවි සංවර්ධනය තමයි මගේ ආයතනයෙන් කරන්නේ. ව්‍යාපාරය ආරම්භ කිරීමේ ප්‍රධානම හේතුව වුයේ ලැබෙන ලාභයෙන් අසරණ මිනිසුන්ට පිහිට වීමටයි. මාගේ පියාණන්ට පිං පිණිසයි එසේ සිදුකිරීමට අදහස කලේ. රැකියාවෙන් ලැබෙන වැටුප ජිවත් වෙන්න ප්‍රමාණවත් නිසා මම හිතුවා අමතර මුදලක් වෙනම හොයාගෙන අසරණ අයට පිහිටවෙන්න.
පියාගේ වියෝව
මට අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න මග කියා දුන්නේ මගේ තාත්තා. ඩෙංගු රෝගය නිසා 2009 අප්‍රේල් 24 වෙනිදා තාත්තා නැතිවුණා. ජීවිතේම කඩා වැටුනා වගේ තමයි. මොකද පුංචි කාලේ ඉඳන් මාව බලාගත්තේ තාත්තා. පාසල් ගිය අවුරුදු 13ටම තාත්තා මාව පාසලට ගිහින් ඇරලුවා, ආපසු එක්ක ආවා. උසස්පෙළට අමතර පන්ති ගිය අවුරුදු 2 පුරාවටම තාත්තා උදේ 8 සිට සවස 5 වෙනකම් ක්ලාස් එක ළඟ හිටගෙන ඉන්නවා ක්ලාස් ඉවර ඉවර වෙනකම්. ඒ මට තනියම ගමන් බිමන් යන්න බැරි නිසා, විශේෂයෙන්ම කහ ඉරි පනින්න බැරි නිසා. තාත්තා නැති වුනාට පස්සේ ගොඩක් අසරණ වුනා. අදටත් මාව කවුරු හරි පාර පන්නනවා. පසුකාලීනව තාත්තා වෙනුවෙන් මම “බි. එච්. එදිරිසුරිය ප්‍රජා සත්කාරක පදනම” ආරම්භ කළා. පසුව එය සමාජසත්කාර පදනම විදිහට Re-brand කලා.
තෙවන රැකියාව – සර්වෝදය ෆියුෂන්
පොදු සේවා සම්බන්ධිකාරක – Common Services Coordinator
2009 ජනවාරි 01 වැනි දින සිට මා සර්වෝදය ෆියුෂන් ආයතනයට සම්බන්ධ වුනා. ශ්‍රී ලංකාවේ පළමුවෙනි වතාවට ග්‍රාමීය දරුවන් වෙනුවෙන් Online Exam Management System (Fusion Clouds) එකක් සහ Learning Management System එකක් නිර්මාණය කරන ලදි. මේ පද්ධතිය නිසා ශ්‍රී ලංකාව පුරා පරිගණක ආයතන විශාල ප්‍රමාණයක දරුවන් දස දහස් ගණනකට කොළඹ දරුවන්ටවත් අත්විදීමට හැකියාවක් නොවූ තාක්ෂණයක් ඇත විඳීමට හැකියාව ලැබුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ටෙලිසෙන්ටර් වෙනුවෙන් ප්‍රථම පැය 24 පුරා ක්‍රියාත්මක තාක්ෂණික සේවා සහය (24/7 Telecenter Support Hotline) මා විසින් ලබාදෙන ලදි. තවත් නව නිර්මාණ විශාල සංඛ්‍යාවක් මේ ආයතනය හරහා මා එළි දක්වන ලදි. සමාජසත්කාර ආයතනයේ බුද්ධි දාන පරිගණක ශිෂ්‍යත්ව වැඩසටහන සහ සමාජසත්කාර IT යහමග (නැණ සවිය) වැඩසටහන මේ ආයතනය හා එක්ව සිදු කරන ලදි. ඒ සඳහා 100% ප්‍රතිපාදන මාගේ සමාජසත්කර පදනම හරහා ලබාදෙන ලදී. ආයතනයට සම්බන්ධ වූ නිළයට හාත්පසින්ම වෙනස්වූ රාජකාරි තමයි මා විසින් සිදුකලේ. ඒ මගේ තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන. සමාජසේවයට මාහට ඇති කැමැත්ත නිසා මෙම රැකියාව මා සිදුකලේ ඉතාමත් සතුටින්. 2012 දක්වා මා පුර්ණ කාලීනව මෙම ආයතනයේ රැකියාව කරන ලදී.
දෙවන සහ තෙවන ආදරය
මාගේ දෙවන සහ තෙවන ආදරයත් ආරම්භ වුනේ සහ අවසන් වුනේ 2007-2009 කාලය අතරතුර. ඒ අයත් ඉතින් මාව නොබැන්දොත් ජීවිතේම තනිකඩව ඉන්නවා කිවා. දැන්නම් ළමයි එක්ක පාරේ යනවා එහෙම පේනවා. කොහොමත් ඉන් පසුව ආදරයට අවධානය යොමු නොකර මිනිස්සුන්ට පිහිට වීම මගේ ජිවිතය කරගත්තා. තාත්තයි, අයියයි, අක්කලයි මට හැම දෙකටම මට උදව් කලා.
දෙවන රැකියාව – යුනියන් ඇෂුවරන්ස් PLC
පුද්ගලික මුල්‍ය උපදේශකයෙකු – Personal Financial Advisor
නැණසල මධ්‍යස්ථානයේ වැඩකටයුතු සිදුකරන ගමන් මා ඔන්ලයින් රක්ෂණ නියෝජිතයෙකු, පුද්ගලික මුල්‍ය උපදේශකයෙකු (Personal Financial Advisor) ලෙස යුනියන් ඇෂුවරන්ස් සමාගමට සම්බන්ධ වුණා. ඒ අතර මා සම්බන්ධ වුන ශාඛාවට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙබ් අඩවියක් සහ අන්තර්ජාලය ඔස්සේ Quotation සහ රක්ෂණ සැලසුම් ඉල්ලුම් කරන පද්ධතියක් නිර්මාණය කරනු ලැබුවා. පසුව පද්ධති සංවර්ධකයෙකු (System Developer) ලෙසද සම්බන්ධ වුනා.
පළමු රැකියාව – නැණසල පරිගණක මධ්‍යස්ථානය (තුල්හිරිය)
කළමනාකරු / උපදේශක – තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
2006 දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (The Information and Communication Technology Agency (ICTA)) මගින් ආරම්භ කරන ලද නැණසල මධ්‍යස්ථානයක් මා හට භාර වුනා. 2006 සිට 2008 දෙසැම්බර් 31 දක්වා එය සැම දිනකම උදැසන 7 සිට රාත්‍රී 12 දක්වා විවෘතව පැවතුනා. ගමේ දරුවන් විශාල පිරිසකට පරිගණක අධ්‍යාපනය ලබාදුන්නා. 2006 දී මාගේ ආදරණිය පියාණන් සමග එකතුව මම සමාජසත්කාර පදනමේ මුලික අදියරට අඩිතාලම් තැබුවා. නැණසල මධ්‍යස්ථානය හරහා ගමේ ජනතාවට විවිධ පහසුකම් සැලසුවා.
ප්‍රථම ප්‍රේමය
උසස් පෙළ විභාගයේ අන්තිම දවසේ මට Wrong Number එකකින් කෝල් එකක් එකක් ආවා ගැණු ළමයෙක්ගෙන්. ඔන්න ඉතින් එයා දිගටම කතා කරන්න පටන් ගත්තා. ප්‍රථම ප්‍රේමය ආරම්භ වුනේ එහෙමයි. අවුරුද්දක් ෆෝන් එකෙන් තමයි ඉතින් ආදරය කලේ. මුණගැහුනට පසුව මම ඉතින් එයාගේ දෙමවුපියනුත් මුණගැහුනා. එයාලනම් කැමති වුනා. හැබැයි ගැණු ළමයා අකමැති වුනා. මම හිතන්නේ එයාගේ බලාපොරොත්තුව වුනේ කාලය ගෙවාගන්න එක. මම ඇරෙන්න වෙන කෙනෙක්ව බඳින්නෙත් නෑ කීවා. අනේ ඉතින් අපේ ආදරය ඉවර වෙලා ටික කාලෙකින් එයා පැනලත් ගිනින්, ළමයිනුත් දෙන්නෙක් හදාගෙන, ආපහු තනිවෙලා කියලා මිට අවුරුදු 6-7කට කලින් මම දැනගත්තේ. දැන්නම් ඒ ළමයි ඉස්කෝලෙත් යනවා ඇති. ඔන්න ඔහොමයි සුන්දර ප්‍රථම ප්‍රේමය කෙලවර වුනේ.
6 වසරේ සිට 13 වසර දක්වා – ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය
ශිෂ්‍යත්වය පාස් වුනාට පස්සේ මම තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වුනා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දෙකම මේ පාසලෙන් තමා ඉගෙන ගත්තේ. 6 වසරේ ඉඳන් පාසලෙන් අයින් වෙනකම් මම හැමදාම පන්තියේ පන්ති නායකයා. හැමෝම මට කිවේ විද්‍යාඥයා (Scientist) කියලා.
Electronics, Robotics වගේ දේවලට මම පොඩි කලේ ඉඳන් Expert. 6 වසරේදී මම ස්වයංක්‍රියව මා පසුපස එන මගේ විධාන වලට ක්‍රියාත්මක වෙන බයිසිකලයක් හැදුවා. කතා කරන්න පුළුවන් ඔරලෝසුවක්, මගේ කට හඬට ක්‍රියාත්මක වෙන පරිගණකයක්, මගේ ඔරලෝසුවට පමණක් විවෘත වන ලෙස මගේ කාමරයේ දොර නිර්මාණය කළා. ජංගම දුරකතනයට ඇමතුමක් ලැබීමට ප්‍රථම දැනගැනීමට හැකි පද්ධතියක් වැනි ගොඩක් නව නිර්මාණ මම සිදුකලා.