Daily Routine

දින චර්යාව

Daily  Routine 

මගේ දවස වෙනස් වෙන්නේ දෙවිදිහකට.  නිවසේ සිට කාර්යාල කටයුතු කිරීම සහ ව්‍යාපෘති සඳහා සංචාරය කිරීම. කාලයේ වෙනසක් නැහැ. වැඩි වෙලාවක් ගත කරන්නේ අනුන් වෙනුවෙන්. වැඩි විස්තර දැනගන්න පහත කොළ සහ නිල් ටැබ් දෙක ක්ලික් කර බලන්න.

නිවසේ සිට කාර්යාල කටයුතු කරන සාමාන්‍ය දිනයක්

7:30 am7:30 - 8:30 am

අවදි වීම

  • සෑම සාමාන්‍ය දිනකම උදැසන 7.30ට අවදි වෙනවා
  • එලාම් එක ඕෆ් කරලා තව ටිකක් නිදාගන්නවා
  • විනාඩි 15කින් නැගිටිනවා
  • මුහුණ සෝදනවා
  • අම්මා කැඳ වගේ දෙයක් හදලා තිබ්බොත් බොනවා. නැතිනම් මල්ලි නෙස්ටමෝල්ට් එකක් හදලා දෙනවා. 
  • ගේ/මිදුල අතුගාන්න මල්ලිට උදව් කරනවා
8:30 am8:30 - 9:00 am

සුදානම් වීම සහ උදැසන ආහාරය

  • උදේම නානවා 
  • අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන වැඩේ අනුව අඳින ඇඳුමේ වර්ණය වෙනස් වෙනවා
  • උදැසන ආහාරය ගන්නවා
  • සාමාන්‍යයෙන් මම යූ ටියුබ් බල බලා තමයි කෑම කන්නේ. කනවා කියන්නේ ඉතින් මට කවුරු හරි කවනවා.
  • ඉන්පසු ලැප් එක ඔන් කරනවා
09:00 am9:00 - 1:00 pm

ව්‍යාපාර සහ සමාජ සේවා කටයුතු (උදෑසන)

  • දවස පුරාම කරන්නේ ලැප් එකේ ඔන්ලයින් වැඩ කරන එක. කාර්යාලය තියෙන්නේ නිවසේමයි
  • ව්‍යාපාර කටයුතු
    • වෙබ් අඩවි නිර්මාණය
    • කොලර් ටියුන් නිර්මාණය
  • සමාජ සේවා කටයුතු
    • ව්‍යාපෘති වල ඡායාරුප වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීම
    • නව ව්‍යාපෘති නිර්මාණය කිරීම 
    • ගිණුම් කටයුතු 
1:00 pm1:00 - 1:30 pm

දහවල් ආහාරය

  • දවල්ටත් ඉතින් මට කවුරු හරි කෑම කවනවා
  • කෑම කන වෙලාවට පොඩ්ඩක් ආපහු යූ ටියුබ් බලනවා
1:30 pm1:30 - 5:00 pm

ව්‍යාපාර සහ සමාජ සේවා කටයුතු (දහවල්)

  • ව්‍යාපාර කටයුතු
    • වෙබ් අඩවි නිර්මාණය
    • කොලර් ටියුන් නිර්මාණය
  • සමාජ සේවා කටයුතු
    • ව්‍යාපෘති වල ඡායාරුප වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීම
    • නව ව්‍යාපෘති නිර්මාණය කිරීම 
    • ගිණුම් කටයුතු 
5:00 pm5:00 - 6:30 pm

නිවසේ වැඩකටයුතු වලට සහය වීම සහ ව්‍යායාම කිරීම

  • බුදුපහන තියන්න මල් කඩනවා 
  • ගෙදර අතු ගානවා / කාමරය අස් කරනවා
  • මිනිත්තු 30ක් පමණ ව්‍යායාම කරනවා 
  • වැඩ අවසන් කරලා හොඳට නාගන්නවා
  • අක්කා රැකියාව අවසන් වෙලා පැමිණියාට පසු පොඩි වෙලාවක් කතාබස් කිරීම
6:30 pm6:30 - 9:00 pm

ව්‍යාපාර සහ සමාජ සේවා කටයුතු (සවස)

  • ව්‍යාපාර කටයුතු
    • වෙබ් අඩවි නිර්මාණය
    • කොලර් ටියුන් නිර්මාණය
  • සමාජ සේවා කටයුතු
    • ව්‍යාපෘති වල ඡායාරුප වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීම
    • නව ව්‍යාපෘති නිර්මාණය කිරීම 
    • ගිණුම් කටයුතු 
9:00 pm9:00 - 9:30 pm

රාත්‍රී ආහාරය

  • රෑටත් ඉතින් මට කවුරු හරි කෑම කවනවා
  • කෑම කන වෙලාවට පොඩ්ඩක් ආපහු යූ ටියුබ් බලනවා
9:30 pm9:30 - 1:00 pm

ව්‍යාපාර සහ සමාජ සේවා කටයුතු (රාත්‍රී)

  • ව්‍යාපාර කටයුතු
    • වෙබ් අඩවි නිර්මාණය
    • කොලර් ටියුන් නිර්මාණය
  • සමාජ සේවා කටයුතු
    • ව්‍යාපෘති වල ඡායාරුප වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීම
    • නව ව්‍යාපෘති නිර්මාණය කිරීම 
    • ගිණුම් කටයුතු 
10:00 pm10:00 - 12:00 am

චිත්‍රපටයක් නැරඹීම

  • මහන්සියක් දැනුනොත් මල්ලිත් එක්ක ෆිල්ම් එකක් බලනවා.
  • මල්ලිනම් නිදාගන්නවා ටික වෙලාවකින්. මම ඉවර වෙනකම් බලනවා. 
1:00 am1:00 - 2:00 am

මිතුරන් සමග චැට් කිරීම සහ නින්දට යාම

  • වැඩ අවසන් කරලා, දත් මැදලා එක්කෝ මුහුණ සෝදනවා නැතිනම් නානවා
  • ඇඳට ඇවිල්ලා ෆේස්බුක් බලනවා.
  • දවස පුරා ආපු මැසේජ් බලනවා. සාමාන්‍යයෙන් මැසේජ් 1000-1500ක් වගේ ඇවිත් තියෙනවා. වැදගත් ඒවට පිළිතුරු දෙනවා. නොවැදගත් ඒවා විවෘත කරලා ඉවත් කරලා දානවා. 
  • ටික්ටෝක් බලනවා 
  • මල්ලිත් එක්ක දවසේ සාරාංශය සහ හෙට දිනය ගැන සාකච්චා කරනවා 
  • නිදාගන්නවා

ව්‍යාපෘති සඳහා සංචාරය කරන දිනයක්

6:00 am6:00 - 7:00 am

අවදි වීම

  • සෑම ව්‍යාපෘති සිදු කරන දිනකම උදැසන 6.00ට අවදි වෙනවා
  • නාලා සුදානම් වෙනවා
7:00 am7:00 - 7:30 am

උදැසන ආහාරය

  • උදැසන ආහාරය ගන්නවා
7:30 am7:30 - 3:00 pm

සමාජසත්කාර (උදෑසන/දහවල්)

  • ගමින් ගමට නිවසින් නිවසට ඇවිදිනවා අසරණ මිනිසුන් සොයාගෙන, ඒ අයගේ අඩුපාඩු බලලා උදව් කරනවා
  • ගොඩක් වෙලාවට වාහනේ යන්න බැහැ. නවත්වලා පයින් තමා යන්නේ. අමතර ව්‍යායාම අවශ්‍ය නැහැ. දවසම ගිණි අව්වේ ඇවිදිනවා බඩු උස්සගෙන
  • දවසේ ව්‍යාපෘති ප්‍රමාණය අනුව අඳින ඇඳුම් ප්‍රමාණය  තීරණය වෙනවා. ව්‍යාපෘති 75ක් නම් ඇඳුම් 75ක් ඒ අදාළ බෙදන භාණ්ඩ වල වර්ණය අනුව ගලපා අඳිනවා
  • වාහනයේ ගමන් ගන්නා අතරතුර තමයි ව්‍යාපාර කටයුතු සහ සමාජසත්කාර කටයුතු වලට අදාළ දේවල් ඉන්ටර්නෙට්/ෆේස්බුක් හරහා කරන්නේ
3:00 pm3:00 - 3:30 pm

දහවල් ආහාරය

  • බොහෝ වෙලාවට දහවල් ආහාරය ගන්න ලැබෙන්නේ නැහැ. මොකද ගොඩක් ගම් වල කඩ නැහැ. පුංචි තේ කඩේකින් මොනවා හරි පොඩි දෙයක් කන්න අවස්ථාවක් ලැබෙනවා  සමහර දවස් වල
3:30 am3:30 - 6:00 pm

සමාජසත්කාර (සවස)

  • අඳුර වැටෙන තෙක් ගෙයින් ගෙට ගිහින් අසරණ මිනිස්සුන්ගේ අඩුපාඩු හොයලා බලලා උදව් කරනවා
  • සමහර වෙලාවට බයික්, ත්‍රී වීලර්, ලොරි වල යනවා කාර් එකේ යන්න අපහසුනම්
6:00 pm6:00 - 12:30 am

ලැගුම්හලක නතර වීම හෝ වෙනත් දිස්ත්‍රික්කයකට යාම

  • වැඩ අවසන් කලාට පසු අපි ආසන්නයේම තිබෙන හෝටලයක හෝ මිතුරෙකුගේ නිවසක නොඑසේනම් පන්සලක නතර වෙනවා
  • එම ප්‍රදේශයේ වැඩ සම්පුර්ණයෙන්ම අවසන්නම් අප වෙනත් දිස්ත්‍රික්කයකට හෝ පළාතකට යනවා. 
  • වැඩි ප්‍රමාණයක් සංචාරය කරන්නේ රාත්‍රියට. එවිට කාලය ඉතුරුයි.
  • වැඩ අවසන් වෙලා සාමානයෙන් තවත් කිලෝමීටර් 100-150ක් සංචාරය කරනවා වෙනත් පළාතකට
  • සාමාන්‍යයෙන් පැය 5-6ක් සංචාරය කරනවා
7:30 pm7:30 - 8:00 pm

රාත්‍රී ආහාරය

  • දවල්ටත් හරියට කෑමක් නැති නිසා රාත්‍රියට හොඳට කනවා
  • මට නැතත් රියදුරු මහත්තයට කෑම අවශ්‍යයිනේ 
8:00 pm8:00 - 12:00 am

ව්‍යාපාර සහ සමාජ සේවා කටයුතු (රාත්‍රී)

  • සමාජ සේවා කටයුතු
    • ව්‍යාපෘති වල ඡායාරුප වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීම
    • නව ව්‍යාපෘති නිර්මාණය කිරීම 
    • ගිණුම් කටයුතු 
    • දවසේ ව්‍යාපෘති වල ඡායාරුප ෆේස්බුක් අප්ලෝඩ් කිරීම 
    • දායකයින් සමග චැට් කිරීම 
  • ව්‍යාපාර කටයුතු
    • වෙබ් අඩවි නිර්මාණය
    • කොලර් ටියුන් නිර්මාණය
10:00 pm10:00 - 12:00 am

චිත්‍රපටයක් නැරඹීම

  • මහන්සියක් දැනුනොත් මල්ලිත් එක්ක ෆිල්ම් එකක් බලනවා.
  • මල්ලිනම් නිදාගන්නවා ටික වෙලාවකින්. මම ඉවර වෙනකම් බලනවා. 
12:00 am12:00 - 1:00 am

මිතුරන් සමග චැට් කිරීම සහ නින්දට යාම

  • වැඩ අවසන් කරලා, දත් මැදලා එක්කෝ මුහුණ සෝදනවා නැතිනම් නානවා
  • ඇඳට ඇවිල්ලා ෆේස්බුක් බලනවා.
  • දවස පුරා ආපු මැසේජ් බලනවා. සාමාන්‍යයෙන් මැසේජ් 1000-1500ක් වගේ ඇවිත් තියෙනවා. වැදගත් ඒවට පිළිතුරු දෙනවා. නොවැදගත් ඒවා විවෘත කරලා ඉවත් කරලා දානවා. 
  • ටික්ටෝක් බලනවා 
  • මල්ලිත් එක්ක දවසේ සාරාංශය සහ හෙට දිනය ගැන සාකච්චා කරනවා 
  • නිදාගන්නවා