Danesh Edirisooriya

සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය

Frequently Asked Questions

නිතර අසන ප්‍රශ්න 

සාමාන්‍යයෙන් මගේ ජීවිතය ප්‍රධාන කොටස් 3කට වෙන් කරලා තිබෙනවා. ඒ එකින් එකට අදාලව පසුගිය වසර 10 පුරා මාගේ මිතුරන් වැඩි ප්‍රමාණයක් ඇසූ ප්‍රශ්න මෙලෙස සඳහන් කරන්න පුළුවන්. මෙහි නොමැති ඔබට දැනගැනීමට අවශ්‍ය දෙයක් තිබේනම් එයද මෙම වෙබ් අඩවිය ඔස්සේ ඇසීමේ පහසුකම සලසා දී තිබෙනවා. 

රැකියාව සහ ව්‍යාපාර

ජිවිතේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ, වගකීම් නැහැ, බැඳීම් නැහැ. ඉතිං ව්‍යාපාර සහ රැකියාව වෙනුවෙන් වෙන් කරන්නේ එක දිනක් පමණයි.

දින 1/සතියකට 

සමාජසේවා කටයුතු

අවසන්  හුස්ම තෙක් සමාජසේවය තමා. එයින් තොර ලොවක් නැහැ. මම ජිවත් වෙන්නේ අනෙක් අයට පිහිට වෙන්න ඕන නිසා.

දින 6/සතියකට 

පෞද්ගලික ජීවිතය

අඩුවෙන්ම වෙලාව වෙන් කරන්නේ මගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන්. බැඳීම් නැති තනිකඩ නිදහස් ජිවිතයක් ගත කරනවා.

පැය 1-2/දිනකට

රැකියාව සහ ව්‍යාපාර

ජිවිතේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ, වගකීම් නැහැ, බැඳීම් නැහැ. ඉතිං ව්‍යාපාර සහ රැකියාව වෙනුවෙන් වෙන් කරන්නේ එක දිනක් පමණයි.

ඔබ රැකියාවක් කරනවද ?

නැහැ මම රැකියාවක් කරන්නේ නැහැ දැනට. කවදාවත් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. මම කාගෙවත් යටතේ කාගේවත් නියෝග මත වැඩ කරන්නේ නැහැ. නිදහසේ ජීවිතය ගත කරන්න කැමතියි. 

2006-2012 අතර කාලය තුලනම් රැකියා කිහිපයක් කළා. නමුත් බොහොමයක් ආයතන ප්‍රධානින් හරිහැටි හදුනාගන්න පුළුවන් වුනේ ඒ රැකියාවලින් ඉවත් වුනාට පසුව. ඒ ආයතන ජිවිත කරගෙන කාලය විනාශ කරගත්තා කියලා දැනගන්නකොට ගොඩක් ප්‍රමාද වැඩියි.  බොහොමයක් ආයතන අපෙන් යමක් ලබාගන්නකම් තමා සියලුම බොරු රැවටීම්, සුරා කෑම්. 

තවදුරටත් නියෝග මත වැඩ කිරීම් නැහැ. මගේම ව්‍යාපාර කිහිපයක් කරනවා.

මොනවද ඔබ කරන ව්‍යාපාර ?

මම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් සහ වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්. ඉතින් මගේ දැනුම් උපයෝගී කරගෙන මම 2009දී නැනෝ තින්ක්ලැබ් කියලා ආයතනයක් ආරම්භ කලා. දැන් එය ටෙක්ලැබ්ස් නමින් හඳුන්වන්නේ. ඒ පිළිබඳව වැඩි විස්තර වෘත්තීය ජිවිතය > රැකියාව සහ ව්‍යාපාර යටතේ බලන්න.

ඔබේ කාර්යාලය කොහෙද පිහිටලා තියෙන්නේ ?

වෙනමම කාර්යාලයක් භාවිතා කරන්නේ නැහැ, මොකද මම සතියට දවස 6ක් සංචාරය කරන නිසා. එම නිසා කාර්යාලය ලෙස භාවිතා කරන්නේ මගේ නිවස සහ වාහනයයි. සතියකට පැය 5-30 අතර කාලයක් නිවසේද, පැය 90 වැඩි කාල සීමාවක් වාහනයේද ගත කරනවා. විශේෂයෙන්ම සියලුම ව්‍යාපාර සිදුකරන්නේ අන්තර්ජාලය ඔස්සේ නිසා කාර්යාලයක අවශ්‍යතාවයක් නැහැ.

ව්‍යාපාර කටයුත්තකට ඔබව මුණ ගැහෙන්න පුලුවන්ද ?

පුළුවන්. 0701 10 10 10 අංකයට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් දින 7කට පෙර දැනුම් දීමක් කරන්න. තුල්හිරිය මගේ නිවසේදී හෝ ඔබ සිටින ස්ථානයකදී මුණ ගැහෙන්න පුළුවන්. නැතිනම් තාක්ෂනය ඔස්සේ ඔන්ලයින් කෝල් එකක් හරහා අපට කතා කරන්න පුළුවන්. 

ඔබගේ ව්‍යාපාර ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුලුවන්ද ?

වෙබ් අඩවි නිර්මාණය සහ කොලර් ටියුන් නිර්මාණය තමයි මම කරන්නේ.

මුලිකවම මම භාරගන්නේ කෙටි කාලින ව්‍යාපෘති පමණයි. මොකද මම මුලික අවධානය දෙන්නේ මගේ පදනමට. මාසයකට ව්‍යාපාර වැඩ කරන්නේ දින 4යි. ඒ කියන්නේ මුලිකව භාරගන්නේ ව්‍යාපෘති 4යි. වැඩි විස්තර සඳහා වෘත්තීය ජීවිතය > රැකියාව සහ ව්‍යාපාර > මාගේ  ව්‍යාපාර බලන්න.

ඔබ ව්‍යාපාරයක් කරන හේතුව කුමක්ද ?

මුලිකව මාසික වියදම සහ සමාජසත්කාර කටයුතු සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීම තමයි අරමුණ. වගකීම් අඩු නිසා වියදම් අඩුයි. එම නිසා මුදල් ඉපයීම අවශ්‍යතාවයට පමණයි. 

ඔබගේ සේවාවන් වලට ඉහළ මිළක් අය කරන්නේ ඇයි ?

Apple සහ Samsung ෆෝන් වල එකම ගුණාංග තිබ්බත් Apple products මිළ අධිකයි. මමත් ඒ වගේ. වසර 23ක තාක්ෂණික දැනුම, පළපුරුද්ද සහ ඇගයීම් මත සහ මම යම් සේවාවක් ඔබට ලබාදීමට වෙන් කරන කාලය අනුව එහි මිළ තීරණය වෙනවා. මන්ද මා ව්‍යාපාර සඳහා වෙන් කරන්නේ මසකට දින 4යි. ඒ දින 4 තුල සම්පුර්ණ මාසයේ වියදම් සහ ඉතුරුම් වෙනුවෙන් මා උපයන්න ඕන. එම නිසා කිසිවිටකත් රු,500 වැනි සුළු මුදලකට වෙබ් අඩවි නිර්මාණය සිදු කිරීම මා කරන්නේ නැහැ. එක අතකින් එය මෙම ක්ෂේත්‍රය  බාල්දු කිරීමක්.

ඔබේ ආයතනයේ මට රැකියාවක් ලබාගන්න පුලුවන්ද ?

මගේ ආයතනයේ නිර්මාණ කටයුතු වලින් 99%ක් මම කරන්නේ. එක නිසා වෙබ් අඩවි නිර්මාණයටනම් පුරප්පාඩු නැහැ. හැබැයි Sales & Marketing වලටනම් ඕන තරම් පුරප්පාඩු තියේ. ඒ සඳහා සම්බන්ධ වුනොත් සාමාන්‍යයෙන් ඔබගේ හැකියාවTools මත දිනකට රු,10,000ක් පමණ උපයන්න පුළුවන්. නිවසේ සිට දිනකට විනාඩි කිහිපයක් ෆෙස්බුක්හි ගත කරන්න විතරයි ඔබට තිබෙන්නේ. වැඩි විස්තර සඳහා 0701 10 10 10 අංකයට කතා කරන්න. පුරප්පාඩු පරික්ෂා කරන්න වෘත්තීය ජීවිතය > රැකියාව සහ ව්‍යාපාර > රැකියාවකට අයදුම් කරන්න තෝරන්න.

සමාජසේවා කටයුතු 

අවසන්  හුස්ම තෙක් සමාජසේවය තමා. එයින් තොර ලොවක් නැහැ. මම ජිවත් වෙන්නේ අනෙක් අයට පිහිට වෙන්න ඕන නිසා.

මොකක්ද මේ SamajaSathkara.lk කියලා කරන වැඩසටහන

SamajaSathkara.lk කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් මම ආරම්භ කල වැඩසටහනක්. 2006දී තමයි ආරම්භ කලේ තාත්තත් එක්ක. පසුව 2013දී එය ලියාපදිංචි  කළා. මේ වන විට එය ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ඔස්සේ ක්‍රියාත්මක වෙන විශාලතම සංවිධානවලින් එකක් වන අතර ජාතික සහ ජාත්‍යන්තර සම්මාන විශාල ප්‍රමාණයකින් පිදුම් ලබලා තියේ. වැඩි විස්තර සඳහා http://samajasathkara.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. නොඑසේනම් වෘත්තීය ජීවිතය > සමාජසත්කාර වලට පිවිසෙන්න.

සමාජසේවය කියන්නේ ඔබේ රැකියාවද ?

නැහැ, මගේ විනෝදාංශය. පොඩි කලේ ඉඳන් මං කැමතියි අසරණ අයට පිහිටවෙන්න. ඉතින් මම ඒ වෙනුවෙන් පදනමක් ආරම්භ කළා. මගේ විනෝදාංශය මගේ ජිවිතය කරගත්තා. ඉතිං මං  ඒ නිසා හැම මොහොතක්ම සතුටින් ගත කරනවා. රැකියාවට සතියකට දිනක් වෙන් කරනකොට විනෝදාංශය වෙනුවෙන් මං දින 6ක් වෙන් කරනවා. ඒ වගේ කැපකිරීමක් කරන්න පුළුවන් ලෝකයේ ඉන්න බොහොම සුළු පිරිසකට පමණයි. ඉතින් ඒ අතරින් කෙනෙක් වීම ගැන මම සතුටු වෙනවා.

ඔබේ කාර්යාලය කොහෙද පිහිටලා තියෙන්නේ ?

වෙනමම කාර්යාලයක් භාවිතා කරන්නේ නැහැ, මොකද මම සතියට දවස 6ක් සංචාරය කරන නිසා. එම නිසා කාර්යාලය ලෙස භාවිතා කරන්නේ මගේ නිවස සහ වාහනයයි. සතියකට පැය 5-30 අතර කාලයක් නිවසේද, පැය 90 වැඩි කාල සීමාවක් වාහනයේද ගත කරනවා. මම අසරණ අය සොයාගෙන ගෙදරින් ගෙදරට ලංකාව පුරා යන නිසා කාර්යාලයක ඉන්න දවසක් නැහැ. 

සමාජසත්කාර කටයුත්තකට ඔබව මුණ ගැහෙන්න පුලුවන්ද ?

පුළුවන්. 0701 10 10 10 අංකයට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් දින 14කට පෙර දැනුම් දීමක් කරන්න. තුල්හිරිය මගේ නිවසේදී හෝ ඔබ සිටින ස්ථානයකදී මුණ ගැහෙන්න පුළුවන්. නැතිනම් තාක්ෂනය ඔස්සේ ඔන්ලයින් කෝල් එකක් හරහා අපට කතා කරන්න පුළුවන්.

ඇත්තටම මොකක්ද ඔයාගේ සමාජසත්කාර පදනමෙන් කරන්නේ ?

පුංචි දරුවෙක්ට රු.25ක කතන්දර පොතක් පරිත්‍යාග කිරීමේ සිට මිලියන ගණනක ගොඩනැගිලි, නිවාස ව්‍යාපෘති, පාසල්, පන්සල් ගොඩනැගීම ආදී සෑම දෙයක්ම සිදුකරනවා. වැඩි විස්තර සඳහා http://samajasathkara.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. නොඑසේනම් වෘත්තීය ජීවිතය > සමාජසත්කාර වලට පිවිසෙන්න.

ඔයා ලංකාව පුරා යනකොට මටත් එන්න පුලුවන්ද ඔයත් එක්ක ?

මගේ තියෙන්නේ කාර් එකක්. වාහනය ඩ්‍රයිව් කරන්න කෙනෙක් ඉන්නවා. මම සහ අපේ අක්කා, අයියා හෝ මල්ලි නොඑසේනම් තිදෙනාම ව්‍යාපෘති වලට මාත් සමග සංචාරය කරනවා. බොහෝ වෙලාවට වාහනයේ පිටුපස එක ආසනයක් පහත් කර ආධාර භාණ්ඩ රැගෙන යනවා අපි. ඒක නිසා අපත් සමග සංචාරය කරන එකනම් අපහසුයි. ඔබට පුළුවන් අපගේ වැඩසටහනක් තිබෙන ස්ථානයකට එන්න හෝ ඔබගේ ප්‍රදේශයේ වැඩසටහනකට අපට ආරාධනා කරන්න. ට්‍රිප් එකක් යන ආකාරයට කවදාවත් මගේ වාහනයේ යන්නනම් බැහැ. නමුත් අපිට කලින් සුදානම් වුනොත් ඉඩකඩ හදාගෙන යන්න පුළුවන්. 

ඇත්තටම මොකක්ද ඔයාගේ සමාජසත්කාර පදනමෙන් කරන්නේ ?

පුංචි දරුවෙක්ට රු.25ක කතන්දර පොතක් පරිත්‍යාග කිරීමේ සිට මිලියන ගණනක ගොඩනැගිලි, නිවාස ව්‍යාපෘති, පාසල්, පන්සල් ගොඩනැගීම ආදී සෑම දෙයක්ම සිදුකරනවා. වැඩි විස්තර සඳහා http://samajasathkara.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. නොඑසේනම් වෘත්තීය ජීවිතය > සමාජසත්කාර වලට පිවිසෙන්න.

මිනිසුන්ට උදව් කරන්න ඔයාට සල්ලි කොහෙන්ද ?

2006-2013 වෙනකම් මගේ පුද්ගලික ධනයෙන් තමා ව්‍යාපෘති කලේ. මගේ ආයතනයේ ලාභයෙන් 85% ක් වෙන් කරන්නේ මේ වෙනුවෙන්. 2013දී මෙය පදනමක් විදිහට ආරම්භ කරලා ලෝකය පුරා ඉන්න ෆේස්බුක් මිතුරන් සම්බන්ධ කරගත්තා.  දැනට මගේ ෆේස්බුක් ගිණුම් 5ක සහ පේජ් වල ඉන්න 40,000 පමණ පිරිසකගේ සහයෙන් තමා මේ කටයුතු සිදු කරන්නේ. 

ඔබේ පදනමේ මට රැකියාවක් ලබාගන්න පුලුවන්ද ?

මෙය සමාජසේවා පදනමක්. ඔබට ස්වේච්චාවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිදු ගෙවීමක්  කරන්නේ නැහැ. මෙහි මාසික වැටුපක් ලැබෙන්නේ පුර්ණ කාලින රියදුරුට පමණයි. ඡායාරුප ශිල්පියාට දීමනාවක් ලබාදෙනවා. සංචාර කිරීමේදී සියලුම වියදම්, ඉන්ධන ආදිය සඳහා ෆේස්බුක් මිතුරන් තමයි උදව් කරන්නේ. 

ඔබගේ සමාජසත්කාර වැඩසටහන් වලට මට දායකත්වය ලබාදෙන්න පුලුවන්ද ?

ඇත්තෙන්ම ඔව්. මුදල් ආධාර ලබාදෙනවනම් ලබාදිය හැකි අවම මුදල රු.25යි.  ශ්‍රමයෙන් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබෙන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. නැතිනම් ඔබේ දැනුමෙන්, හැකියාවෙන් සහය වෙන්න පුළුවන්. නැතිනම් සංචාරය කරන විට අපගේ කණ්ඩායමට නවාතැන් පහසුකම ලබාදෙන්න පුළුවන්. ඒ කිසිම දෙයකට හැකියාවක්, වත්කමක් නැතිනම් සමාජසත්කාර ව්‍යාපෘති පොස්ට් ලයික්, ශෙයාර් කරලා උදව් කරන්නත් පුළුවන්. වෘත්තීය ජීවිතය > සමාජසත්කාර > සම්බන්ධ වෙන්න  යටතේ ඔබට පහසු ක්‍රමයක් බලන්න.

සමාජසත්කාර කටයුත්තකට ඔබව මුණ ගැහෙන්න පුලුවන්ද ?

පුළුවන්. 0701 10 10 10 අංකයට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් දින 14කට පෙර දැනුම් දීමක් කරන්න. තුල්හිරිය මගේ නිවසේදී හෝ ඔබ සිටින ස්ථානයකදී මුණ ගැහෙන්න පුළුවන්. නැතිනම් තාක්ෂනය ඔස්සේ ඔන්ලයින් කෝල් එකක් හරහා අපට කතා කරන්න පුළුවන්.

පෞද්ගලික ජීවිතය 

අඩුවෙන්ම වෙලාව වෙන් කරන්නේ මගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන්. බැඳීම් නැති තනිකඩ නිදහස් ජිවිතයක් ගත කරනවා.

ඔබට ආදර සම්බන්ධයක් තිබේද ?

2006 සිට 2018 වෙනකම් සම්බන්ධතා කිහිපයක් තිබුනා. මම ගැන බලාපොරොත්තු තියාගත්ත අයනම් බොහොමයක් හිටියා. නමුත් මගේ හිත ගියේ කිහිපදෙනෙක්ට පමණයි. නමුත් ඒ හැමෝම මගේ මුලික අරමුණට බාධාවක් වුණා. ඉතින් අත ඇරලා දැම්මා. ගෙදරින් අවසර දුන්නා ජිවිත කාලයම තනියම මට ඕන විදිහට ගත කරන්න. ඒක නිසා කිසි අයෙක් ඒ ගැන උනන්දු වෙන්න අවශ්‍ය නැහැ.

ඔයාගේ යාලුවෙක් වෙන්න පුලුවන්ද මට ?

කිසි ප්‍රශ්නයක් නැහැ. යාලුවෙක් වෙන්න පුළුවන්. මේ වෙනකොට මට යාළුවො (රසිකයෝ) 40,000කට වැඩි පිරිසක් ඉන්නවා. එයින් මුණගැහිලනම් ඇත්තේ 1,000කට අඩු පිරිසක්. මගේ ෆේස්බුක් එකට එකතු වෙන්න. මැසේජ් එකක් දමන්න. හැකි වුනහම පිළිතුරු දෙන්නම්. ගත්ත ගමන් වීඩියෝ කෝල්, මිස් කෝල් ගහන්න එපා. හිමින් සැරේ අඳුරගෙන යාලුවෙක් වෙමු.

පුංචි අදහසක් දෙන්නම්. සාමාන්‍යයෙන් මට දවසකට මැසේජ් 2,000ක් වගේ එනවා. ඒක නිසා ගුඩ් මෝනින්, ගුඩ් නයිට්, සුභ අලුත් අවුරුද්දක් වගේ සුභ පැතුම් මැසේජ් වලින් එවීම අඩු කරන්න. එවිට ඔබගේ සාමාන්‍ය පණිවිඩ වලට වැඩි අවධානයක් යොමු කරන්න මට හැකියාව ලැබෙනවා. සැමවිටම වැදගත් පණිවිඩ එවන්න. අන්තර්ගතය වැදගත්නම් පමණයි බොහෝ විට මම පිළිතුරු දෙන්නේ.

ඔයාගේ ලඟම / විශේෂ යාලුවෙක් වෙන්න පුලුවන්ද මට ?

ලඟම කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ? පොඩි වෙලාවකට කලින්නේ ඔබ මං ගැන දැනගෙන මාත් එක්ක එකතු වුනේ. ෆේස්බුක් වෝල් එකේ, වෙබ් සයිට් එකේ ෆොටෝ බැලුවද? හිත ගියාද? ඒකද ලං වෙන්න හිතුනේ ? ඒක රුපයට ඇතිවුන ආකර්ෂණයක් පමණයි. ටික කාලයක් ඉන්න, අඳුරගන්න උත්සාහ කරන්න. 

එකම දේ යාලුවෙක් වුනා කියලා ඔබ වෙනුවෙන් විශේෂයෙන් කාලය වෙන් කරන්න හැකියාවක්නම් නැහැ. මොකද ජීවිතය 20-30 පාරක්ම විශ්වාස කල යාළුවො නිසා කඩා වැටුණා. බොහොම අමාරුවෙන් තිබුන තත්වයට ගොඩනගා ගත්තේ. සාමාන්‍ය යාලුවෙක් ලෙස අවුරුදු 2 වඩා ඉන්න කෙනෙක් හැර වෙන කෙනෙක් මං විශේෂ කරගන්නේ නැහැ. ඉතින් ඉවසීමෙන් ටික කාලයක් ඇසුරු කරන්න මාව.

ඔයාට ආදරේ කරන්න කැමතියි. පුලුවන්ද ?

ම්… කිසි ප්‍රශ්නයක් නෑ. ආදරේ කරන්න. දහස් ගාණක් අය මට ආදරේ කරනවා. මට ආදරේ කරන කෙනෙක් විදිහට මමත් ඔයාට ආදරෙයි. හැබැයි ඉතිං ආදරෙයි කියලා ඔබ වෙනුවෙන් විශේෂයෙන් කාලය වෙන් කරන්නනම් හැකියවක් නෑ මට. 

කිහිපවිටක්ම ආදරය කරන්න ගිහින් අමාරුවේ වැටිලා තියේනේ. ඉතිං තවත් වරක් දැන දැනම අමාරුවේ වැටෙන්න ඕන නැනේ. 

ඔයා කියාවි ඔයා අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් කියල. අනෙක් අයත් ආරම්භයේදී කිවේ එහෙම තමා. ඒක නිසා දීර්ඝ කාලින සම්බන්ධතා ගැන බලාපොරොත්තු තියාගෙනනම් මට ලං වෙන්න එපා.

ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද ?

ෆේස්බුක් මැසෙන්ජර් කෝල් වලින්නම් කතා කරන්න වෙලාවක් නැහැ. කාර්යාලීය කටයුත්තක් සම්බන්ධයෙන්නම් පමණක්  0701 101010 අංකයට සාමාන්‍ය දුරකතනයකින් හෝ WhatsApp ඔස්සේ ඇමතුමක් ගන්න.

පෞද්ගලික කතාබස්නම් බොහෝ වෙලාවට අපහසුයි. එහෙම දෙයක් තියේනම් පණිවිඩයක් එවන්න.

ෆේස්බුක් කෝල් එකක් ගන්නම අවශ්‍යයි නම් මුලින් ෆේස්බුක් පණිවිඩයක් එවන්න නිදහස් වෙලාව අහලා.  වෙලාව දැනුම් දුන්නට පසුව පමණක් ඇමතුම ගන්න. මිස් කෝල් ගැසීමෙන් වළකින්න. එක දිගට මිස් කෝල් 3ක් ගැසුවහොත් ස්වයංක්‍රියව මැසෙන්ජර් බ්ලොක් වීමට නිර්මාණය කර ඇත. එය නැවත යථාතත්වයට පත්වන්නේ පැය 72කට පසුය. දීර්ඝ කතාබහක් සඳහා වෙලාවක් වෙන්කරගන්න මගේ ජීවිතය > සම්බන්ධ වෙන්න > වෙලාවක් වෙන්  කරවා ගන්න පිවිසෙන්න.

Business (ව්‍යාපාර)

  • ඔබේ ආයතනයේ මට රැකියාවක් ලබාගන්න පුලුවන්ද ?

    මගේ ආයතනයේ නිර්මාණ කටයුතු වලින් 99%ක් මම කරන්නේ. එක නිසා වෙබ් අඩවි නිර්මාණයටනම් පුරප්පාඩු නැහැ. හැබැයි Sales & Marketing වලටනම් ඕන තරම් පුරප්පාඩු තියේ. ඒ සඳහා සම්බන්ධ වුනොත් සාමාන්‍යයෙන් ඔබගේ හැකියාවTools මත දිනකට රු,10,000ක් පමණ උපයන්න පුළුවන්. නිවසේ සිට දිනකට විනාඩි කිහිපයක් ෆෙස්බුක්හි ගත කරන්න විතරයි ඔබට තිබෙන්නේ. වැඩි විස්තර සඳහා 0701 10 10 10 අංකයට කතා කරන්න. පුරප්පාඩු පරික්ෂා කරන්න වෘත්තීය ජීවිතය > රැකියාව සහ ව්‍යාපාර > රැකියාවකට අයදුම් කරන්න තෝරන්න.

  • ඔබගේ සේවාවන් වලට ඉහළ මිළක් අය කරන්නේ ඇයි ?

    Apple සහ Samsung ෆෝන් වල එකම ගුණාංග තිබ්බත් Apple products මිළ අධිකයි. මමත් ඒ වගේ. වසර 23ක තාක්ෂණික දැනුම, පළපුරුද්ද සහ ඇගයීම් මත සහ මම යම් සේවාවක් ඔබට ලබාදීමට වෙන් කරන කාලය අනුව එහි මිළ තීරණය වෙනවා. මන්ද මා ව්‍යාපාර සඳහා වෙන් කරන්නේ මසකට දින 4යි. ඒ දින 4 තුල සම්පුර්ණ මාසයේ වියදම් සහ ඉතුරුම් වෙනුවෙන් මා උපයන්න ඕන. එම නිසා කිසිවිටකත් රු,500 වැනි සුළු මුදලකට වෙබ් අඩවි නිර්මාණය සිදු කිරීම මා කරන්නේ නැහැ. එක අතකින් එය මෙම ක්ෂේත්‍රය  බාල්දු කිරීමක්.

  • ඔබ ව්‍යාපාරයක් කරන හේතුව කුමක්ද ?

    මුලිකව මාසික වියදම සහ සමාජසත්කාර කටයුතු සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීම තමයි අරමුණ. වගකීම් අඩු නිසා වියදම් අඩුයි. එම නිසා මුදල් ඉපයීම අවශ්‍යතාවයට පමණයි.

  • ඔබගේ ව්‍යාපාර ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුලුවන්ද ?

    වෙබ් අඩවි නිර්මාණය සහ කොලර් ටියුන් නිර්මාණය තමයි මම කරන්නේ.

    මුලිකවම මම භාරගන්නේ කෙටි කාලින ව්‍යාපෘති පමණයි. මොකද මම මුලික අවධානය දෙන්නේ මගේ පදනමට. මාසයකට ව්‍යාපාර වැඩ කරන්නේ දින 4යි. ඒ කියන්නේ මුලිකව භාරගන්නේ ව්‍යාපෘති 4යි. වැඩි විස්තර සඳහා වෘත්තීය ජීවිතය > රැකියාව සහ ව්‍යාපාර > මාගේ  ව්‍යාපාර බලන්න.

  • ව්‍යාපාර කටයුත්තකට ඔබව මුණ ගැහෙන්න පුලුවන්ද ?

    පුළුවන්. 0701 10 10 10 අංකයට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් දින 7කට පෙර දැනුම් දීමක් කරන්න. තුල්හිරිය මගේ නිවසේදී හෝ ඔබ සිටින ස්ථානයකදී මුණ ගැහෙන්න පුළුවන්. නැතිනම් තාක්ෂනය ඔස්සේ ඔන්ලයින් කෝල් එකක් හරහා අපට කතා කරන්න පුළුවන්. 

  • ඔබේ කාර්යාලය කොහෙද පිහිටලා තියෙන්නේ ?

    වෙනමම කාර්යාලයක් භාවිතා කරන්නේ නැහැ, මොකද මම සතියට දවස 6ක් සංචාරය කරන නිසා. එම නිසා කාර්යාලය ලෙස භාවිතා කරන්නේ මගේ නිවස සහ වාහනයයි. සතියකට පැය 5-30 අතර කාලයක් නිවසේද, පැය 90 වැඩි කාල සීමාවක් වාහනයේද ගත කරනවා. විශේෂයෙන්ම සියලුම ව්‍යාපාර සිදුකරන්නේ අන්තර්ජාලය ඔස්සේ නිසා කාර්යාලයක අවශ්‍යතාවයක් නැහැ.

  • මොනවද ඔබ කරන ව්‍යාපාර ?

    මම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් සහ වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්. ඉතින් මගේ දැනුම් උපයෝගී කරගෙන මම 2009දී නැනෝ තින්ක්ලැබ් කියලා ආයතනයක් ආරම්භ කලා. දැන් එය ටෙක්ලැබ්ස් නමින් හඳුන්වන්නේ. ඒ පිළිබඳව වැඩි විස්තර වෘත්තීය ජිවිතය > රැකියාව සහ ව්‍යාපාර යටතේ බලන්න.

  • ඔබ රැකියාවක් කරනවද ?

    නැහැ මම රැකියාවක් කරන්නේ නැහැ දැනට. කවදාවත් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. මම කාගෙවත් යටතේ කාගේවත් නියෝග මත වැඩ කරන්නේ නැහැ. නිදහසේ ජීවිතය ගත කරන්න කැමතියි. 

    2006-2012 අතර කාලය තුලනම් රැකියා කිහිපයක් කළා. නමුත් බොහොමයක් ආයතන ප්‍රධානින් හරිහැටි හදුනාගන්න පුළුවන් වුනේ ඒ රැකියාවලින් ඉවත් වුනාට පසුව. ඒ ආයතන ජිවිත කරගෙන කාලය විනාශ කරගත්තා කියලා දැනගන්නකොට ගොඩක් ප්‍රමාද වැඩියි.  බොහොමයක් ආයතන අපෙන් යමක් ලබාගන්නකම් තමා සියලුම බොරු රැවටීම්, සුරා කෑම්. 

    තවදුරටත් නියෝග මත වැඩ කිරීම් නැහැ. මගේම ව්‍යාපාර කිහිපයක් කරනවා.

  • SamajaSathkara (සමාජසත්කාර)

  • ඔබගේ සමාජසත්කාර වැඩසටහන් වලට මට දායකත්වය ලබාදෙන්න පුලුවන්ද ?

    ඇත්තෙන්ම ඔව්. මුදල් ආධාර ලබාදෙනවනම් ලබාදිය හැකි අවම මුදල රු.25යි.  ශ්‍රමයෙන් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබෙන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. නැතිනම් ඔබේ දැනුමෙන්, හැකියාවෙන් සහය වෙන්න පුළුවන්. නැතිනම් සංචාරය කරන විට අපගේ කණ්ඩායමට නවාතැන් පහසුකම ලබාදෙන්න පුළුවන්. ඒ කිසිම දෙයකට හැකියාවක්, වත්කමක් නැතිනම් සමාජසත්කාර ව්‍යාපෘති පොස්ට් ලයික්, ශෙයාර් කරලා උදව් කරන්නත් පුළුවන්. වෘත්තීය ජීවිතය > සමාජසත්කාර > සම්බන්ධ වෙන්න  යටතේ ඔබට පහසු ක්‍රමයක් බලන්න.

  • ඔබේ පදනමේ මට රැකියාවක් ලබාගන්න පුලුවන්ද ?

    මෙය සමාජසේවා පදනමක්. ඔබට ස්වේච්චාවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිදු ගෙවීමක්  කරන්නේ නැහැ. මෙහි මාසික වැටුපක් ලැබෙන්නේ පුර්ණ කාලින රියදුරුට පමණයි. ඡායාරුප ශිල්පියාට දීමනාවක් ලබාදෙනවා. සංචාර කිරීමේදී සියලුම වියදම්, ඉන්ධන ආදිය සඳහා ෆේස්බුක් මිතුරන් තමයි උදව් කරන්නේ. 

  • මිනිසුන්ට උදව් කරන්න ඔයාට සල්ලි කොහෙන්ද ?

    2006-2013 වෙනකම් මගේ පුද්ගලික ධනයෙන් තමා ව්‍යාපෘති කලේ. මගේ ආයතනයේ ලාභයෙන් 85% ක් වෙන් කරන්නේ මේ වෙනුවෙන්. 2013දී මෙය පදනමක් විදිහට ආරම්භ කරලා ලෝකය පුරා ඉන්න ෆේස්බුක් මිතුරන් සම්බන්ධ කරගත්තා.  දැනට මගේ ෆේස්බුක් ගිණුම් 5ක සහ පේජ් වල ඉන්න 40,000 පමණ පිරිසකගේ සහයෙන් තමා මේ කටයුතු සිදු කරන්නේ. 

  • ඇත්තටම මොකක්ද ඔයාගේ සමාජසත්කාර පදනමෙන් කරන්නේ ?

    පුංචි දරුවෙක්ට රු.25ක කතන්දර පොතක් පරිත්‍යාග කිරීමේ සිට මිලියන ගණනක ගොඩනැගිලි, නිවාස ව්‍යාපෘති, පාසල්, පන්සල් ගොඩනැගීම ආදී සෑම දෙයක්ම සිදුකරනවා. වැඩි විස්තර සඳහා http://samajasathkara.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. නොඑසේනම් වෘත්තීය ජීවිතය > සමාජසත්කාර වලට පිවිසෙන්න.

  • සමාජසත්කාර කටයුත්තකට ඔබව මුණ ගැහෙන්න පුලුවන්ද ?

    පුළුවන්. 0701 10 10 10 අංකයට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් දින 14කට පෙර දැනුම් දීමක් කරන්න. තුල්හිරිය මගේ නිවසේදී හෝ ඔබ සිටින ස්ථානයකදී මුණ ගැහෙන්න පුළුවන්. නැතිනම් තාක්ෂනය ඔස්සේ ඔන්ලයින් කෝල් එකක් හරහා අපට කතා කරන්න පුළුවන්.

  • ඔයා ලංකාව පුරා යනකොට මටත් එන්න පුලුවන්ද ඔයත් එක්ක ?

    මගේ තියෙන්නේ කාර් එකක්. වාහනය ඩ්‍රයිව් කරන්න කෙනෙක් ඉන්නවා. මම සහ අපේ අක්කා, අයියා හෝ මල්ලි නොඑසේනම් තිදෙනාම ව්‍යාපෘති වලට මාත් සමග සංචාරය කරනවා. බොහෝ වෙලාවට වාහනයේ පිටුපස එක ආසනයක් පහත් කර ආධාර භාණ්ඩ රැගෙන යනවා අපි. ඒක නිසා අපත් සමග සංචාරය කරන එකනම් අපහසුයි. ඔබට පුළුවන් අපගේ වැඩසටහනක් තිබෙන ස්ථානයකට එන්න හෝ ඔබගේ ප්‍රදේශයේ වැඩසටහනකට අපට ආරාධනා කරන්න. ට්‍රිප් එකක් යන ආකාරයට කවදාවත් මගේ වාහනයේ යන්නනම් බැහැ. නමුත් අපිට කලින් සුදානම් වුනොත් ඉඩකඩ හදාගෙන යන්න පුළුවන්. 

  • ඇත්තටම මොකක්ද ඔයාගේ සමාජසත්කාර පදනමෙන් කරන්නේ ?

    පුංචි දරුවෙක්ට රු.25ක කතන්දර පොතක් පරිත්‍යාග කිරීමේ සිට මිලියන ගණනක ගොඩනැගිලි, නිවාස ව්‍යාපෘති, පාසල්, පන්සල් ගොඩනැගීම ආදී සෑම දෙයක්ම සිදුකරනවා. වැඩි විස්තර සඳහා http://samajasathkara.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. නොඑසේනම් වෘත්තීය ජීවිතය > සමාජසත්කාර වලට පිවිසෙන්න.

  • සමාජසත්කාර කටයුත්තකට ඔබව මුණ ගැහෙන්න පුලුවන්ද ?

    පුළුවන්. 0701 10 10 10 අංකයට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් දින 14කට පෙර දැනුම් දීමක් කරන්න. තුල්හිරිය මගේ නිවසේදී හෝ ඔබ සිටින ස්ථානයකදී මුණ ගැහෙන්න පුළුවන්. නැතිනම් තාක්ෂනය ඔස්සේ ඔන්ලයින් කෝල් එකක් හරහා අපට කතා කරන්න පුළුවන්.

  • ඔබේ කාර්යාලය කොහෙද පිහිටලා තියෙන්නේ ?

    වෙනමම කාර්යාලයක් භාවිතා කරන්නේ නැහැ, මොකද මම සතියට දවස 6ක් සංචාරය කරන නිසා. එම නිසා කාර්යාලය ලෙස භාවිතා කරන්නේ මගේ නිවස සහ වාහනයයි. සතියකට පැය 5-30 අතර කාලයක් නිවසේද, පැය 90 වැඩි කාල සීමාවක් වාහනයේද ගත කරනවා. මම අසරණ අය සොයාගෙන ගෙදරින් ගෙදරට ලංකාව පුරා යන නිසා කාර්යාලයක ඉන්න දවසක් නැහැ. 

  • සමාජසේවය කියන්නේ ඔබේ රැකියාවද ?

    නැහැ, මගේ විනෝදාංශය. පොඩි කලේ ඉඳන් මං කැමතියි අසරණ අයට පිහිටවෙන්න. ඉතින් මම ඒ වෙනුවෙන් පදනමක් ආරම්භ කළා. මගේ විනෝදාංශය මගේ ජිවිතය කරගත්තා. ඉතිං මං  ඒ නිසා හැම මොහොතක්ම සතුටින් ගත කරනවා. රැකියාවට සතියකට දිනක් වෙන් කරනකොට විනෝදාංශය වෙනුවෙන් මං දින 6ක් වෙන් කරනවා. ඒ වගේ කැපකිරීමක් කරන්න පුළුවන් ලෝකයේ ඉන්න බොහොම සුළු පිරිසකට පමණයි. ඉතින් ඒ අතරින් කෙනෙක් වීම ගැන මම සතුටු වෙනවා.

  • මොකක්ද මේ SamajaSathkara.lk කියලා කරන වැඩසටහන

    SamajaSathkara.lk කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් මම ආරම්භ කල වැඩසටහනක්. 2006දී තමයි ආරම්භ කලේ තාත්තත් එක්ක. පසුව 2013දී එය ලියාපදිංචි  කළා. මේ වන විට එය ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ඔස්සේ ක්‍රියාත්මක වෙන විශාලතම සංවිධානවලින් එකක් වන අතර ජාතික සහ ජාත්‍යන්තර සම්මාන විශාල ප්‍රමාණයකින් පිදුම් ලබලා තියේ. වැඩි විස්තර සඳහා http://samajasathkara.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. නොඑසේනම් වෘත්තීය ජීවිතය > සමාජසත්කාර වලට පිවිසෙන්න.

  • Personal (පෞද්ගලික)

  • මහ රෑ 12ට කතා කලත් කියන්නේ "වැඩ" කියලා, මොනවද ඒ ?

    මම පරිගණක එක්ක වැඩ කරන කෙනෙක්. ඉතින් ගෙදර ඉන්න දවසටනම් උදේ 7 පාන්දර 1 පරිගණකයේ වැඩ කටයතු කරන්නේ. ඒවා ව්‍යාපාර හෝ මාගේ සමාජසත්කාර කටයුතු වලට සම්බන්ධ ඒවා. කොරෝනා කාලය තුලනම් උදේ 8 සිට පාන්දර 2 හෝ 3 දක්වා වැඩ කරනවා. සංචාරය කරන දින වලට උදේ 6 සවස 6 වාහනයේ හෝ ගමින් ගමට, ගෙදරින් ගෙදරට සංචාරය කරනවා. ඒ කාලයනම් බොහොමත්ම කාර්ය බහුලයි. සවස 6න පසු අපේ කණ්ඩායම කොහේ හරි නතර වෙනවා, ඉන්පසු පාන්දර 1 වෙනකම් එදා දිනයේ වැඩකටයුතු ෆේස්බුක් අප්ලෝඩ් කරන එක කරන්නේ. ඉතින් දවස් 365ම කාර්ය බහුලයි. අන්න ඒ නිසයි අහන  හැම වෙලාවේම මම “වැඩ” කියන්නේ. 

  • ඔයත් එක්ක චැට් කරන කොට එකම ප්‍රශ්නේ ඔයා කිහිපවරක් අහන්නේ ඇයි ?

    මට තියෙන්නේ කෙටි කාලින මතකයක්. මම හැම වෙලාවේම කරන දේවල් ඇරෙන්න අනික් දේවල් මතක තියෙනවා අඩුයි. සමහර වෙලාවට  එක්ක කතා කරමින්  විට තත්පර කිහිපයක් ඇතුළතද අමතක වීම් වෙනවා. ඒ නිසා මම හැමදේම පරිගණක ගත කරලා තියෙන්නේ. ස්වයංක්‍රිය Reminders/Alarms වලින් තමයි ගොඩක් දේවල් කරන්නේ, මතක තියාගන්නේ. දවසේ කල දේවල් අමතක වෙන නිසයි මම හැමදේම, පුංචි දෙයක් වුනත් ෆේස්බුක් දාන්නේ. එතකොට මට අමතක වෙන්නේ නැහැනේ. අන්න ඒ හේතුව නිසයි චැට් කරනකොට එකම ප්‍රශ්නේ මම කිහිප වරක් ඔබෙන් අහන්නේ. සමහර වෙලාවට මම ෆේස්බුක් Nick Name හරහා  ඔබ ගැන තොරතුරු සේව් කරගන්නේ සහ ඔබට මැසෙන්ජර්  හරහා වර්ණ ලබාදෙන්නේ මතක තියා ගැනීමේ පහසුවටයි. ඒ නිසා එය මතක තියාගෙන මා සමග කටයුතු කරන්න. 

  • ඔයාට කෑම කවන්නේ ඇයි ?

    පුන්චි කාලේ ඉඳන්ම හුරතලේට හැදුනේ. ඉතින් එක හැමදාමත් එහෙමයි. වෙනසක් නැහැ. ඉතිං අම්මා, අක්කලා, අයියලා, මල්ලි, යාලුවෝ, ගෑණු ළමයි හැමෝම කවනවා. අනික් එක මගේ වැඩත් එක්ක ගොඩක් කාර්ය බහුලයි. ඉතින් එහෙම කවුරු හරි කවන එක නිසා මගේ වැඩ වලට පහසුයි. මට බඳින්න කෙනෙක් හොයනවට වඩා ලේසියි කවන්න කෙනෙක් හොයාගත්තනම්. එවිට පහසුවෙන් මගේ වැඩ කරගන්න පුළුවන්. 

  • ඔයා වැඩිය යාලුවෝ එක්ක සම්බන්ධතාවයක් නැත්තේ ඇයි ?

    මොකද මට කාලය නැහැ. දිනපතා චැට් කරන්න, සුවදුක් විමසන්න, මුණ ගැසෙන්න වගේ දේවල් වලට කාලය නැහැ. ඉතින් ඒ නිසා යාලුවෝ නැහැ. ගොඩක් ඉන්න අය අවස්තාවාදියි. තමන්ගේ කාරිය කෙරෙන තුරු පමණයි. ඉතින් ඒ වගේ යාලුවෝ එක්ක ඉන්නවට වඩා මෙහෙම සුළු පිරිසක් එක්ක එක පහසුයි. අනික දහස් ගණනක් රසික රසිකාවියෝ ඉන්නවනේ.

  • ඔයා කැමති දේවල් මොනවද ?

    මගේ ජිවිතේ තියෙන්නේ සීමිත අවශ්‍යතා. මට තියෙන එකම වියදම ඇඳුම් වලට යන වියදම් පමණයි. මොකද මම ලස්සනට අඳින්න කැමතියි. වැඩියෙන්ම කන්න කැමති අම්මා හදන කහබත් එක. බොන්න කැමති ප්ලේන් ටි. කැමතිම වර්ණය කළු, නිල් සහ සුදු. මේ වෙබ් අඩවිය දැක්කහම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මගේ කාමරය 50%ක් කළු, 50%ක් සුදු. නිදහසේ ඉන්න කැමතියි. ෆිල්ම් බලන්න කැමතියි. දැනට මං ගාව 6,000ක ෆිල්ම් එකතුවක් තියෙනවා. 

  • ඔයා අහංකාරයිද / ආඩම්බරයිද ?

    අනේ නැහැ. හරිම නිහතමානියි මම. ඔයාට ඔය ප්‍රශ්නේ එන්න ඇත්තේ ඔයා මට දැම්ම මැසේජ් එකකට මගේ ප්‍රතිචාර නැතිව ඇති, නැතිනම් ප්‍රමාද ඇති. ඔයාම ටිකක් කල්පනා කරලා බලන්න ඒ එවපු පණිවිඩය කිසිම වැදගත්කමක් නැති එකක් නේද ? අන්න ඒකයි ප්‍රතිචාර නැත්තේ. නැතිව මගේ අහංකාරකමකට, ආඩම්බරකමකට, ලොකුකමකට නෙවෙයි. වැරැද්ද ඔයාගේ. එකට මට දොස් කියන්න එපා. ඕනෑම වැදගත් ව්‍යාපාර හෝ සමාජසත්කාර කටයුත්තකට කතා කරලා බලන්න. කිසිම අහංකාරකමක් නැහැ. 

  • ඇයි විවාහ වෙන්න අකමැති ?

    කිසි අකමැත්තක් නැහැ. 2006 ඉඳන් කිහිපවරක් උත්සාහ කලා. මමනම් කිසි කෙනෙක්ගෙන්  කැමැත්ත අහලා නැහැ. ඒ අය තමයි මගෙන් ඇහුවේ. මම 100%ක් මම ගැන සත්‍ය තොරතුරු කියලා, මගේ අරමුණ පැහැදිලි කළා. හැමෝම ලං වෙනකම්නම් ඒ හැමදේටම කැමැත්තෙන් වගේ රඟපානවා. ලං වුනාට පස්සේ මගේ ජීවිතය වෙනස් කරන්න උත්සාහ කරනවා. වෙන් වුනහම ජීවිතය විනාශ කරන්න උත්සාහ කරනවා. දුන්න පොරොන්දු වලට වුන දෙයක් නැහැ. හොඳ වෙලාවට වෙන් වුනේ කියලා හිතෙන්නේ වෙන් වුනාට පස්සේ එයාලා කරන දේවල් දැක්කහම. ජිවිතයෙන් අවුරුදු කිහිපයක් නාස්ති වුන එක විතරයි වුනේ. ඉතින් දුරටත් කාලය නාස්ති කිරීම්, බොරු බලාපොරොත්තු නැහැ. පවුලේ අයත් එක්ක මං සතුටෙන් ඉන්නවා. ජිවිතයට ඕන සතුට මං සොයාගන්නවා. මගේ නිදහස මට වටිනවා. වෙන කෙනෙක් ගැන සොයා බලන්න මට කාලය නැහැ. ඉතින් ඔයාල මගේ විවාහය ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලා වියදම් කරලා බලාගන්නවනම් පමණක් ඔයාල කෙනෙක් හොයලා දෙන්න. එතකොට ඔයාලගේ ප්‍රශ්න විසඳෙනවනේ.  

  • ඔයා ඔච්චර කාර්යබහුල ඇයි ?

    මේ වෙබ් අඩවිය පරික්ෂා කරනවිට ඔයාලට පැහැදිලිවෙනවා මම කරන කාර්යයන්. ව්‍යාපාර කරන්නේ සතියකට දවසයි. ඒත් ලොව පුරා විසිරුණු සේවාදායකයින්ට පැය 24 පුරා සේවාව ලබාදෙන්න ඕන. සමාජසත්කාර වැඩසටහන් සඳහා මාසයකට කිලෝ මීටර් 10,000ක් පමණ සංචාරය කරන්න වෙනවා. පෞද්ගලික ජීවිතය කියලා එකකුත් තියෙනවනේ. ඉතින් කාර්ය බහුලයි.

  • ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද ?

    ෆේස්බුක් මැසෙන්ජර් කෝල් වලින්නම් කතා කරන්න වෙලාවක් නැහැ. කාර්යාලීය කටයුත්තක් සම්බන්ධයෙන්නම් පමණක්  0701 101010 අංකයට සාමාන්‍ය දුරකතනයකින් හෝ WhatsApp ඔස්සේ ඇමතුමක් ගන්න.

    පෞද්ගලික කතාබස්නම් බොහෝ වෙලාවට අපහසුයි. එහෙම දෙයක් තියේනම් පණිවිඩයක් එවන්න.

    ෆේස්බුක් කෝල් එකක් ගන්නම අවශ්‍යයි නම් මුලින් ෆේස්බුක් පණිවිඩයක් එවන්න නිදහස් වෙලාව අහලා.  වෙලාව දැනුම් දුන්නට පසුව පමණක් ඇමතුම ගන්න. මිස් කෝල් ගැසීමෙන් වළකින්න. එක දිගට මිස් කෝල් 3ක් ගැසුවහොත් ස්වයංක්‍රියව මැසෙන්ජර් බ්ලොක් වීමට නිර්මාණය කර ඇත. එය නැවත යථාතත්වයට පත්වන්නේ පැය 72කට පසුය. දීර්ඝ කතාබහක් සඳහා වෙලාවක් වෙන්කරගන්න මගේ ජීවිතය > සම්බන්ධ වෙන්න > වෙලාවක් වෙන්  කරවා ගන්න පිවිසෙන්න.

  • ඔයාට ආදරේ කරන්න කැමතියි. පුලුවන්ද ?

    ම්… කිසි ප්‍රශ්නයක් නෑ. ආදරේ කරන්න. දහස් ගාණක් අය මට ආදරේ කරනවා. මට ආදරේ කරන කෙනෙක් විදිහට මමත් ඔයාට ආදරෙයි. හැබැයි ඉතිං ආදරෙයි කියලා ඔබ වෙනුවෙන් විශේෂයෙන් කාලය වෙන් කරන්නනම් හැකියවක් නෑ මට. 

    කිහිපවිටක්ම ආදරය කරන්න ගිහින් අමාරුවේ වැටිලා තියේනේ. ඉතිං තවත් වරක් දැන දැනම අමාරුවේ වැටෙන්න ඕන නැනේ. 

    ඔයා කියාවි ඔයා අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් කියල. අනෙක් අයත් ආරම්භයේදී කිවේ එහෙම තමා. ඒක නිසා දීර්ඝ කාලින සම්බන්ධතා ගැන බලාපොරොත්තු තියාගෙනනම් මට ලං වෙන්න එපා.

  • ඔයාගේ ලඟම / විශේෂ යාලුවෙක් වෙන්න පුලුවන්ද මට ?

    ලඟම කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ? පොඩි වෙලාවකට කලින්නේ ඔබ මං ගැන දැනගෙන මාත් එක්ක එකතු වුනේ. ෆේස්බුක් වෝල් එකේ, වෙබ් සයිට් එකේ ෆොටෝ බැලුවද? හිත ගියාද? ඒකද ලං වෙන්න හිතුනේ ? ඒක රුපයට ඇතිවුන ආකර්ෂණයක් පමණයි. ටික කාලයක් ඉන්න, අඳුරගන්න උත්සාහ කරන්න.

    එකම දේ යාලුවෙක් වුනා කියලා ඔබ වෙනුවෙන් විශේෂයෙන් කාලය වෙන් කරන්න හැකියාවක්නම් නැහැ. මොකද ජීවිතය 20-30 පාරක්ම විශ්වාස කල යාළුවො නිසා කඩා වැටුණා. බොහොම අමාරුවෙන් තිබුන තත්වයට ගොඩනගා ගත්තේ. සාමාන්‍ය යාලුවෙක් ලෙස අවුරුදු 2 වඩා ඉන්න කෙනෙක් හැර වෙන කෙනෙක් මං විශේෂ කරගන්නේ නැහැ. ඉතින් ඉවසීමෙන් ටික කාලයක් ඇසුරු කරන්න මාව.

  • ඔයාගේ යාලුවෙක් වෙන්න පුලුවන්ද මට ?

    කිසි ප්‍රශ්නයක් නැහැ. යාලුවෙක් වෙන්න පුළුවන්. මේ වෙනකොට මට යාළුවො (රසිකයෝ) 40,000කට වැඩි පිරිසක් ඉන්නවා. එයින් මුණගැහිලනම් ඇත්තේ 1,000කට අඩු පිරිසක්. මගේ ෆේස්බුක් එකට එකතු වෙන්න. මැසේජ් එකක් දමන්න. හැකි වුනහම පිළිතුරු දෙන්නම්. ගත්ත ගමන් වීඩියෝ කෝල්, මිස් කෝල් ගහන්න එපා. හිමින් සැරේ අඳුරගෙන යාලුවෙක් වෙමු.

    පුංචි අදහසක් දෙන්නම්. සාමාන්‍යයෙන් මට දවසකට මැසේජ් 2,000ක් වගේ එනවා. ඒක නිසා ගුඩ් මෝනින්, ගුඩ් නයිට්, සුභ අලුත් අවුරුද්දක් වගේ සුභ පැතුම් මැසේජ් වලින් එවීම අඩු කරන්න. එවිට ඔබගේ සාමාන්‍ය පණිවිඩ වලට වැඩි අවධානයක් යොමු කරන්න මට හැකියාව ලැබෙනවා. සැමවිටම වැදගත් පණිවිඩ එවන්න. අන්තර්ගතය වැදගත්නම් පමණයි බොහෝ විට මම පිළිතුරු දෙන්නේ.

  • ඔබට ආදර සම්බන්ධයක් තිබේද ?