ධනේෂ් එදිරිසුරියගේ වීඩියෝ එකතුව

විවිධ අවස්ථාවලදී විවිධ රුපවාහිනි මාධ්‍ය වල පළවූ සහ විවිධ සම්මාන, ඇගයීම් අවස්ථාවලදී ගත් වීඩියෝ සහ සමාජසත්කාර ව්‍යාපෘති වලදී ගත වීඩියෝ මෙහි අන්තර්ගත වේ. 

SLT Zero One Awards for Digital Excellence 2018/19

විවිධ ඩිජිටල් ක්‍රියාදාමයන් ආශ්‍රිතව විශිෂ්ඨතාප්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්ය නොවන සංවිධාන (Government Institutions and NGOs) යටතේ

Winner :

විශිෂ්ටතම ප්රජා බල ගැන්වීමේ වැඩසටහන – (Best Community Empowerment Programme)

හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite)

1st Runner-Up

හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile)  යන කාණ්ඩ වලින් අප ජයග්රහණය කරන ලදි.

SLT Zero One Awards for Digital Excellence 2017/18

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය

2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”
In honour and recognition of excellence in Digital initiatives in Sri Lanka.  Samajasathkara.lk Foundation was awarded 2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017

1954 වසරේ දී ශ්‍රී ලංකා ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සංවිධානය (Junior Chamber International Sri Lanka) ආරම්භ කර ඇත. 1980 වසරේ සිට ලංකාවේ ‘සමාජයේ ප්‍රගමනයට වසරේ වැඩි ම බලපෑමක් කළ තරුණයන් දස දෙනා (The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP) සම්මානය පිරිනමනු ලබයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් දස දෙනා අතරට මානුෂීය සහ ස්වේච්ජා සේවය යටතේ සමාජසත්කාර පදනමේ සභාපති ධනේෂ් මධුරංග එදිරිසුරිය තේරී පත්විය.

The Junior Chamber International Sri Lanka was established in 1954. The Ten Outstanding Young Persons of Sri Lanka (TOYP) Award is given to the ten most influential youngsters of the year. Danesh Maduranga Edirisooriya, Chairman of the SamajaSathkara.lk Foundation has been selected as one of Sri Lanka’s 10 best young men for Humanitarian and Voluntary Services

V-Awards 2015 | Recognise. Honour. Inspire

ස්වේච්ඡා සේවයේ යෙදෙන පුද්ගලයන් ඇගයීම පිණිස වසර 2කට වරක් පවත්වන වී සම්මාන (V-Awards 2015) ප්‍රධානෝත්සවයේ අවසන් වටය සඳහා (500ට අධික නාමයෝජනා අතරින් අවසන් 10 දෙනා අතරට) මාද (Danesh Maduranga Edirisooriya – Founder/Managing Director | SamajaSathkara.lk) තේරී පත්වී ඇති බව සතුටින් දන්වා සිටිමි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා තවත් දේශීය සංවිධාන ගණනාවක සංවිධාන ශක්තියෙන් හා කැපිටල් මහරාජා මාද්‍ය ජාලයේ මාද්‍ය අනුග්‍රහයෙන් මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.
The grand finale of the V-Awards 2015 will be held on February 13 at 4.30p.m. at the Nelum Pokuna theatre in Colombo.

Using social media to raise funds, V-Awards 2015 finalist Danesh Maduranga Edirisooriya (Founder – SamajaSathkara.lk) travels around the island volunteering for poverty reduction, economic growth and quality education in rural communities around Sri Lanka.