දේශකීර්ති ශ්රී ලංකාපුත්‍ර ගෞරව නාමය – ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපාකාර පදනම
Deshakirthi Sri Lanka Puthra honor – Sri Anagarika Dharmapala Humanitarian Foundation
“ස්වර්ණ බිම්බ” ගෞරව සම්මාන උපාධි ප්‍රදාන උත්සවයේදී “දේශකීර්ති ශ්රී ලංකාපුත්ර” යන ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබීම.
ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දෑහිතකාමී චින්තනය ගමින් ගමට ගෙනයාම සඳහා (වර්ෂ 1970-2016) මීට 46 වසරකට පෙර ඇරඹූ ශ්රීමත් අනගාරික ධර්මපාල පරෝපාකාර පදනම එහි යාවජීව සාමාජික භවතුන් වෙත ඔවුන්ගේ ජාතික, ආගමික, ශාසනික හා අධ්යාපන ආදී විශිෂ්ට සේවාවන් අගය කරමින් ගරු බුහුමන් පිදීමේ සද් කාර්යය සපථ කරමින්,
“බී. ධනේෂ් මධුරංග එදිරිසූරිය” මහත්මාණන් වෙත
දම්පල් පදනමේ ත්රෛයිනිකායික ලේඛක නාහිමිපාණන් වහන්සේලා සහ උත්තරීතර මණ්ඩලයේ සමානච්ඡන්දයෙන්,
“දේශකීර්ති ශ්රී ලංකාපුත්ර” යන ගෞරව සම්මාන උපාධිය
පිරිනැමීමට තීරණය කර, ඊට අදාල ලිඛිත සංදේශය ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති කම්මට්ඨානාචාර්ය අතිපූජ්ය දොඩම්පහළ චන්ද්රසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ සුරතින් ශ්රී බු.ව. 2560/2016ක් වූ සැප්තැම්බර් මස 17 වැනි දින සබරගමු පළාතේ – කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, බෙලිගම්මන විද්යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරස්ථ දම්පල් පදනම – කෑගල්ල දිස්ත්රික් මූලස්ථානයේදී ප්රදානය කරන්නට යෙදුනා.
2016 දෙසැම්බර් 24 වෙනි දින නිළ වශයෙන් එම සන්නස් පත්රය ප්රදාන කිරීම හෝමාගම පුරාණ රජමහා විහාරයේදී සිදුකරනු ලැබුවා.






