පොදු සේවා සම්බන්ධිකාරක – Common Services Coordinator

 

2009 ජනවාරි 01 වැනි දින සිට මා සර්වෝදය ෆියුෂන් ආයතනයට සම්බන්ධ වුනා. ශ්‍රී ලංකාවේ පළමුවෙනි වතාවට ග්‍රාමීය දරුවන් වෙනුවෙන් Online Exam Management System (Fusion Clouds) එකක් සහ Learning Management System එකක් නිර්මාණය කරන ලදි. මේ පද්ධතිය නිසා ශ්‍රී ලංකාව පුරා පරිගණක ආයතන විශාල ප්‍රමාණයක දරුවන් දස දහස් ගණනකට කොළඹ දරුවන්ටවත් අත්විදීමට හැකියාවක් නොවූ තාක්ෂණයක් ඇත විඳීමට හැකියාව ලැබුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ටෙලිසෙන්ටර් වෙනුවෙන් ප්‍රථම පැය 24 පුරා ක්‍රියාත්මක තාක්ෂණික සේවා සහය (24/7 Telecenter Support Hotline) මා විසින් ලබාදෙන ලදි. තවත් නව නිර්මාණ විශාල සංඛ්‍යාවක් මේ ආයතනය හරහා මා එළි දක්වන ලදි. සමාජසත්කාර ආයතනයේ බුද්ධි දාන පරිගණක ශිෂ්‍යත්ව වැඩසටහන සහ සමාජසත්කාර IT යහමග (නැණ සවිය) වැඩසටහන මේ ආයතනය හා එක්ව සිදු කරන ලදි. ඒ සඳහා 100% ප්‍රතිපාදන මාගේ සමාජසත්කර පදනම හරහා ලබාදෙන ලදී. ආයතනයට සම්බන්ධ වූ නිළයට හාත්පසින්ම වෙනස්වූ රාජකාරි තමයි මා විසින් සිදුකලේ. ඒ මගේ තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන. සමාජසේවයට මාහට ඇති කැමැත්ත නිසා මෙම රැකියාව මා සිදුකලේ ඉතාමත් සතුටින්. 2012 දක්වා මා පුර්ණ කාලීනව මෙම ආයතනයේ රැකියාව කරන ලදී.