මට අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න මග කියා දුන්නේ මගේ තාත්තා. ඩෙංගු රෝගය නිසා 2009 අප්‍රේල් 24 වෙනිදා තාත්තා නැතිවුණා. ජීවිතේම කඩා වැටුනා වගේ තමයි. මොකද පුංචි කාලේ ඉඳන් මාව බලාගත්තේ තාත්තා. පාසල් ගිය අවුරුදු 13ටම තාත්තා මාව පාසලට ගිහින්  ඇරලුවා, ආපසු එක්ක ආවා. උසස්පෙළට අමතර පන්ති ගිය අවුරුදු 2 පුරාවටම තාත්තා උදේ 8 සිට සවස 5 වෙනකම් ක්ලාස් එක ළඟ හිටගෙන ඉන්නවා ක්ලාස් ඉවර ඉවර වෙනකම්. ඒ මට තනියම ගමන් බිමන් යන්න බැරි නිසා, විශේෂයෙන්ම කහ ඉරි පනින්න බැරි  නිසා. තාත්තා නැති වුනාට පස්සේ ගොඩක් අසරණ වුනා. අදටත් මාව කවුරු හරි පාර පන්නනවා. පසුකාලීනව තාත්තා වෙනුවෙන් මම “බි. එච්. එදිරිසුරිය ප්‍රජා සත්කාරක පදනම” ආරම්භ කළා. පසුව එය සමාජසත්කාර පදනම විදිහට Re-brand කලා.