උසස් පෙළ විභාගයේ අන්තිම දවසේ මට Wrong Number එකකින් කෝල් එකක් එකක් ආවා ගැණු ළමයෙක්ගෙන්. ඔන්න ඉතින් එයා දිගටම කතා කරන්න පටන් ගත්තා. ප්‍රථම ප්‍රේමය ආරම්භ වුනේ එහෙමයි. අවුරුද්දක් ෆෝන් එකෙන් තමයි ඉතින් ආදරය කලේ. මුණගැහුනට පසුව මම ඉතින් එයාගේ දෙමවුපියනුත් මුණගැහුනා. එයාලනම්  කැමති වුනා. හැබැයි ගැණු ළමයා අකමැති වුනා. මම හිතන්නේ එයාගේ බලාපොරොත්තුව වුනේ කාලය ගෙවාගන්න එක. මම ඇරෙන්න වෙන කෙනෙක්ව බඳින්නෙත් නෑ කීවා. අනේ ඉතින් අපේ ආදරය ඉවර වෙලා ටික කාලෙකින් එයා පැනලත් ගිනින්, ළමයිනුත් දෙන්නෙක් හදාගෙන, ආපහු තනිවෙලා කියලා මිට අවුරුදු 6-7කට කලින් මම දැනගත්තේ. දැන්නම් ඒ ළමයි ඉස්කෝලෙත් යනවා ඇති. ඔන්න ඔහොමයි සුන්දර ප්‍රථම ප්‍රේමය කෙලවර වුනේ.