Managing Director – කළමනාකර අධ්‍යක්ෂක

 

2006 දී නැණසළ Future Center ලෙස ආරම්භ කල මාගේ තාක්ෂණික ව්‍යාපාරය 2009දී නැනෝ (Nano) ලෙස නම වෙනස් කල අතර තවත් සහකරුවන් දෙදෙනෙක් (බුද්ධික වල්පිට සහ ධම්මික වල්පිට) සමග එකතුව ව්‍යාපාරය තවත් සේවාවන් රැසක්ද සමගින් ඉදිරියට ගෙනයන ලදී. මුලිකව වෙබ් අඩවි සංවර්ධනය තමයි මගේ ආයතනයෙන් කරන්නේ. ව්‍යාපාරය ආරම්භ කිරීමේ ප්‍රධානම හේතුව වුයේ ලැබෙන ලාභයෙන් අසරණ මිනිසුන්ට පිහිට වීමටයි. මාගේ පියාණන්ට පිං පිණිසයි එසේ සිදුකිරීමට අදහස කලේ. රැකියාවෙන් ලැබෙන වැටුප ජිවත් වෙන්න ප්‍රමාණවත් නිසා මම හිතුවා අමතර මුදලක් වෙනම හොයාගෙන අසරණ අයට පිහිටවෙන්න.