පාසල් ගුරුතුමියක් පහත දැක්වෙන සටහන කළු ලෑල්ලෙහි ලිව්වාය

පාසල් ගුරුතුමියක් පහත දැක්වෙන සටහන කළු ලෑල්ලෙහි ලිව්වාය

පාසල් ගුරුතුමියක් පහත දැක්වෙන සටහන කළු ලෑල්ලෙහි ලිව්වාය.
9×1 = 7
9×2 = 18
9×3 = 27
9×4 = 36
9×5 = 45
9×6 = 54
9×7 = 63
9×8 = 72
9×9 = 81
9×10 = 90
සිසුහු සිනා වෙන්නට ගත්හ.
ගුරුතුමිය : මම පළමු වැනි සමීකරණය වැරදියට ලිව්වෙ වුවමනාවෙන්. එහෙම කළේ ඔයාලට වැදගත් දෙයක් උගන්නන්න. මට ඕන වුනේ ලෝකයා ඔයාලට සලකන හැටි කියා දෙන්න. ඔයාලට පේනවා අැති මම 9 සැරයක් හරියට ලියලා තියෙන බව. ඒ්කට ඔයාල කවුරුවත් මට හොදක් කිව්වෙ නැහැ, අගය කලේ නැහැ. මම කළ එකම වැරැද්දට ඔයාලා හිනා වුණා. මෙන්න මේකයි ඒ්කෙන් ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ…
“ඔබ මිලියන වාරයක් හොදක් කළත් ලෝකයා එය අගයන්නෙ නැහැ. හැබැයි, ඔබේ එක වරදක් අැති ලෝකයාට විවේචනය කරන්න”
One day a school teacher wrote on the board the following:
9×1=7
9×2=18
9×3=27
9×4=36
9×5=45
9×6=54
9×7=63
9×8=72
9×9=81
9×10=90
When she was done, she looked to the students and they were all laughing at her, because of the first equation which was wrong, and then the teacher said the following,
“I wrote that first one wrong on purpose, because I wanted you to learn something important. This was for you to know how the world out there will treat you. You can see that I wrote RIGHT 9 times, but none of you congratulated me for it; you all laughed and criticized me because of one wrong thing I did. So this is the lesson…:
“The world will never appreciate the good you do a million times, but will criticize the one wrong thing you do… “
But don’t get discouraged,
ALWAYS RISE ABOVE ALL THE LAUGHTER AND CRITICISM. STAY STRONG.
~උපුටා ගැනීමකි~
 
 
 
~අම්මාගේ බඬේ ගින්දර~

~අම්මාගේ බඬේ ගින්දර~

අද උදේ මං ඔෆිස් එන්න ලෑස්ති වෙනකොට ගෙදරින් කතාකලා…
මං දන්නවා ඒ අම්මා කියලා… මොකද ඒ වෙලාවට අනෙක් හැමෝම වැඩට ගිහින් අම්මා විතරයි ඉන්නේ ගෙදර…

“පුතේ කොහෙද ඉන්නේ “කියලා ඇහුවා…
“මං බෝඩිමේ ඉන්නේ අම්මේ ඇයි?” කියලා ඇහුවා…

මොකද මං බයවුණා අපේ කිරි අම්මට හොඳටම අසනීපයි… එයා ගැනවත් කියන්න කතා කලාද කියලා…
අම්මා කීවා,

“නෑ පුතේ මට උදේ බඬේ ගින්දරක් වගේ ආවා ඒකයි කතා කලේ” කියලා…

මගේ ඇස්වලට කඳුලූ ආවා…
අම්මලා අපි ගැන කොච්චර හිතනවද, කොච්චර ආදරේද අපිට…

මොනදේ වුනත් නොවෙනස් වන ආදරයක් අම්මා ලග තියෙනවා…
ඒකට සම කරන්න පුලුවන් ආදරයක් කිසිම කෙනෙක් ගාව නැහැ…
ඒත් ගොඩක් අය තමන්ගේ ආදරවන්තිය, බිරිඳ නිසා තමන්ගේ අම්මලාට කොච්චරක් නම් දුකක් දෙනවද?
මොනව උනත් දස මසක් කුසේ දරාගෙන අවුරුදු 20ක් විතර අපිව රැක බලාගත්ත, තාමත් අප ගැන හිතන අම්මාව කවදාවත් අමතක කරන්න එපා…

ඉස්කොලෙදි හම්බවෙච්ච, බස්එකේදි මුණ ගැහුණ, කැම්පස් එකේදී ආදර කරන්න හිතුණ ගෑණු ළමයෙක් නිසා තමන්ගේ රත්තරං අම්මව අමතක කරන්න එපා. දොස් කියන්න එපා… අම්මට ඕන ඔයාට හැමවෙලාවෙම හොඳ දේ දෙන්න…

මගේ රත්තරං අම්මට මං ගොඩාක් ආදරෙයි…

මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ

මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ

අපේ දිහාට ෆෝන් එකක් ඉස්සරවෙලාම ගෙනාවේ 2000 විතර, ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට හිතෙන විදිහට අද මම මේ තත්වෙත් ඉන්නේ ෆෝන් එක නිසා…ඒක ඇල්කටෙල් ෆෝන් එකක්…දැන්නම් ගෙදර හැමෝටම තියෙනවා..මටම 5ක් විතර තියෙනවා..
කොහොම හරි අපේ තාත්තටත් එකක් ඕන කියාල ගත්තා, මොකද මම පංති ගියහම ඉන්න තැන් බලාගන්න, එන වෙලාව දැනගන්න. ඒ 2004 විතර…තාත්තා ඒකේ කෝල් ගන්න බට්න් එක, කට් කරන එක ඇරෙන්න වෙන දෙයක් දැනගෙන හිටියේ නෑ…ඉතිං ෆෝන් එක මිලට ගත් දා පටන් තාත්තාගේ ඉල්ලීම වූවේ එහි ඇති වැඩ පිළිබඳව එයාටත් කියලා දෙන්න කියාය. මමත් ඉතිං technology expert පොරක් නිසා , හා මම කියල දෙන්නම්, කියා වැඩේ බාර ගත්තද ටික දවසක් යනවිට එය එපා වූවේ මම කියනා මෙලෝ දෙයක් ඊළඟ දවසේ වන විට තාත්තාගේ මතකයේ රැඳී නොතිබීම නිසා.

ඔය කාලය අතරතුර තාත්තා මගෙන් අසාගත් නොහොඳ නෝක්කාඩු කතා ගණන නම් අසීමිත වූ බව මම දනිමි.

“මොනාද අනේ,කොච්චර කියල දුන්නත් තාත්තට කිසි දෙයක් මතක නෑ නේ…”

“ආයේ නම් කියල දෙන්නේ නෑ හරි ද..මේ අන්තිම පාර..”

“අයියෝ SMS ගහන්න පුරුදු වෙන්නේ කාට SMS යවන්නද අප්පා..??”

“දැන් නම් මේක හරි කරදරයක් වෙනවා…”

මේ ආකාරයෙන් එකී මෙකී නොකී කතා සිය ගණනක් මගේ මුවින් පිටවන්නට ඇත්තේ ය.

මේ සියල්ලටම තාත්තා කිසිම දෙයක් කිව්වේ නැත්තේ ය.ඔහු කල එකම දෙය නම් මා ඇනුම්පදයක් කියන විට හිනැහීම හා ඇතැම් වෙලාවට “අපි ඉතින් ඔයාලා වගේ මේවා ගැන දන්නේ නෑ නේ මයේ පුතේ. ඒකනේ අමතක වෙන්නේ” කියා කිවීම පමණ ය.

2005 මම උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ඉස්කෝලෙට ගියා..ගිහින් ඉස්කෝලෙට ආපු විත්තිය තාත්තට කියලා ෆෝන් එක ඕෆ් කලා. ගියා කියලා කිව්වෙ නැත්තම් හුස්ම හිරවෙයි, ඒ තරමට මං ගැන හොයනවා.. අවුරුදු 2ක් කුරුණෑගල උසස්පෙළ ක්ලාස් එකේ එළියට වෙලා හිටියා උදේ 8 ඉඳන් 5 වෙනකන් මාව ආපහු ගෙදර එක්ක යන්න…
කොහොමහරි උදේ වරුවේ පේපර් එකට ලියලා ඉන්ටර්වල් එකේදී මම ආයෙත් ෆෝන් එක ඔන් කලා.

ටික වෙලාවක් ගිය විට ලැබුණු SMS පණිවිඩයක් දැකීමෙන් පසු මගේ හදවතට දැනුන හැඟීම මේ සටහන ලියන මොහොතේ දී ද ඒ ආකාරයෙන් ම දැනෙන්නේ ය..

උදේ 8.50 ට පමණ (විභාගය පටන් ගන්නේ උදේ 9 ට ය.) තාත්තා විසින් ඒවා තිබුණු එම පණිවිඩයේ සඳහන් වූවේ මෙම වාක්‍ය කිහිපය ය.

“පුතේ හොඳට පේපර් එක කියවලා උත්තර ලියන්න. කලබල වෙන්න එපා. පුතාට ඕක පාස් වෙන්න පුළුවන්. බුදු සරණයි! මොන දේ උනත් පුතාට අපි ආදරෙයි ගොඩාක්, හැමදාමත්… තාත්තා”

මම ඇස් දෙකේ කඳුලු පුරවගෙන මේ පෝස්ට් එක දාන්නේ..
තාත්තා අද මං ලග නෑ….
මට එයා නැති අඩුව ගොඩක් දැනෙනවා…
කාටවත් බෑ ඒ අඩුව පුරවන්න…
මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ….

මගේ අනිත් පෝස්ට් වගේ කාටවත් මං මේක ලයික් කරන්නවත් ශෙයාර් කරන්නවත් කියන්නේ නෑ… මගේ හදවත ඒක ලෝකෙ පුරාවටම ශෙයාර් කරල ඉවරයි…
ඇස් දෙකෙන් කඳුලූ වැටෙනවා… පපුව පැලෙන්න වගේ… මට සමාවෙන්න තාත්තේ…

 

හැම විටකම අපිට හැකි අයුරින් අන් අයට උදව් කරමු

හැම විටකම අපිට හැකි අයුරින් අන් අයට උදව් කරමු

හිරු ගිලෙමින් තියෙන එක සුන්දර සැන්දැවක මගේ යාලුවෙක් වෙරළෙ පියමනිමින් හිටියා…මෙසේ ඇවිදිමින් සිටින අතරේ වෙරළෙ තවත් මිනිසෙක් සිටිනු ඔහු දුටුවා…ඔහු පොළවට නැබුරු වෙමින් යමක් අහුලා දියබට විසිකරන බව තව තවත් ලන්වෙතම ඔහුට පැහදිලිව පෙනුණා…ඒ මිනිසා දිගින් දිගටම මේ ක්‍රියාවේ නිරත වෙමින් සිටියා..ඔහු ඇහිදිමින් සිටියේ ස්ටර් ෆිශ් නමින් හදුන්වන පසගිල්ලන් විශේශයක්ය…බා දිය සමග වෙරළට ගසාගෙන පමිණි එම පසගිල්ලන් එම මිනිසා විසින් වරකට එක බගින් අහුලා මුහුදට විසිකරන බව හොදින්ම ඔහුට පෙනුණා…මගේ යාලුවට මෙය ගටලුවක් උනා… ඔහු එම මිනිසාගෙන් මෙසේ අහුවා…” සුභ උදැසනක්!. ඔබ මේ කරන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ.”” මම මේ පසගිල්ලන් මුහුදට විසිකරනවා පෙන්නේ නැද්ද,.. බා දියත් සමග උන් වෙරළට ගසාගෙන අවිල්ලා. ඉතින් ආපසු මුහුදට නොදෑම්මොත් උන් ඔක්සිජන් නතුව මැරේයි “…..මට තේරෙනවා ඒ උනාට මේ වෙරළෙම පසගිල්ලෝ දස දහස් ගනන් ඉන්නවා… ඒ විතරක්ද මේ වගේ තව වෙරළවල් වල පසගිල්ලෝ දස දහස් ගනනකට අයිති වෙන්නෙ මේ ඉරණම තමයි……ඔයාට බෑ උන් ඔක්කොම මුහුදට විසික් කරන්න… මේ එක පසගිල්ලෙක් විසික් කරන එක කිසි තේරුමක් නැති වැඩක්…..කාලය කා දැමීමක්……. මේකෙන් කිසිම විදියක වෙනසක් වෙන්නේ නෑ…
එම මිනිසා කට කොනොන් සිනා සී නවත පහත් වී පසගිල්ලෙක් අහුලා මුහුදට විසික් කර, ඔහු වගකට නැතිව මෙහෙම කිව්ව………” එත් එක ඒ පසගිල්ලට වෙනසක් වෙනවනෙ.එක් පසගිල්ලෙක්ට හෝ ජිවිතය ලබෙනවානනේ”

හැම විටකම අපිට හැකි අයුරින් අන් අයට උදව් කරමු…

 

මේ අපේ කතාවයි

මේ අපේ කතාවයි

මම ගගනි, ඇය දේදුණු. අපි දෙන්නා ගොඩක් ලග මිතුරියන් දෙන්නෙක්. අඹ යෙහෙලියෝ. මට තාම මතකයි අපි දෙන්නා එකට අත් දෙක අල්ලන් මොන්ටිසෝරී ගිය හැටි. අනේ ඒ කාළේට ආයිත් යන්න තියෙනවා නම්… එහෙනම් අපිට අද මෙහෙම දුකක් විදින්න වෙන්නැහැ.

ඔයා පන්තියේ මුල්ලකට වෙලා ඉදගෙන ඉන්න කොට මම ඇවිත් කතා කරල ඔයා එක්ක යාඵ වුනා. ඒ යාඵකම අදටත් නොනැසී තියෙන්නේ අපි සංසාරේ එකටම එන නිසා වෙන්න ඇති. අපි කෑවේ බිව්වේ එකට. අපි ලොකු වුනෙත් එකට. අපි දෙන්නට දෙන්න නැතුවම බැරි වුනා. අපි දෙන්නගේ පවුල් වල හැමෝමත් අදටත් ගොඩක් කිට්ටු මිතු දමක් පවත්වා ගෙන යන්නේ ඔයා නිසයි. ඒ වගේම අපි අද නැදැයොත් වෙලා.
”මැට්ටි, කොල්ලන්ට අහුවෙලා නිකන් ජීවිතේ අවුල් කර ගන්න එපා. ඉගෙන ගන්න කාළේ ඉගෙනීම. පස්සේ ඕන මගුලක් නටා ගන්නවා.” ඔයා මට පළවෙනි කොල්ල යාඵ වෙන්න ආපු වෙලාවේ අවවාද කරේ මගේ අම්ම වගේ. මම විභාගේ පාස් වුනේම ඔයා නිසයි.

මගේ ජීවිතේ මට නැතුවම බැරි එකම කෙනා ඔයයි දේදුණු. ජිවිතේ ඔයා මගේ අම්මා, සොයුරිය, යෙහෙළිය. ඔයා නිසා මට මාව ගොඩක් වෙනස් කර ගන්න පුඵවන් වුනා. ජිවිතේ හැමෝටම ඔයා වගේ අවංක මිතුරියන් ලැබෙන්න ඕන. ඔයාට මතකද අපි ගිය විනෝද ගමන්, බලපු ෆිල්ම්ස්? අම්මෝ එහෙම ලස්සන අතීතයක් ගැන හිතද්දීත් ගොඩක් ලෝබයි.

අහස් මගේ රත්තරං අයිය අද ඔයා එක්ක ආදරෙන් ඉන්න එක ලොකු සතුටක්. ඔයාව මගේ ලගින්ම තියා ගන්න ඕන නිසයි කෝම හරි ඔයාව අපේ අයියටම බන්දලා දුන්නේ. ඒකා කෝම හරි කැමති කර ගත්තේ සහෝදරකම පරදුවට තියලා. අයිය කුකුල් කේන්ති කාරය වුනාට ඔයා එක්ක ආදරෙන් ඉන්න එකයි මට තියෙන එකම සැනසීම.

අපි දෙන්නම එක දවසේ මැරී කරන්නයි ප්ලෑන් කරේ. අනේ ඒත් අපිට වුනදේ. මම කවදාවත් හිතුවේ නැහැ ඔයාට ඔහොම දෙයක් වෙයි කියලා. කොහොම උණත් ඔයාට මැරී කරන්න ලැබුණ එක ලොකු දෙයක් දේදුණු. ඔයා දන්නවද මම ඔයා බැදපු දවසේ ඇඩුවේ දුකට නෙමෙයි රත්තරං… දරා ගන්න බැරි සතුටට.

ගගනී… නංගෝ අපි යමු. මම දේදුණුව රෝද පුටුවෙන් තිබ්බා. අහස් කිව්වා. මම මගේ දින පොත වැහුවේ මෙතෙක් සිහි කල අපේ මතක සැමරුම් වලට මදකට විරාමයක් දෙමින්. මම අයියගේ කාමරයට යන කොට දේදුණු රෝද පුටුවේ හිද ගෙන හිටියේ උදේ පිපුණ සුවද දෙන අරලිය මලක් වගේ.
අපි යමු නංගි… වෙද මහත්තයා දෙන බෙහෙත් ටික ගන්්න දේදුණුගේ තාත්තා එක්ක යන්නත් ඕන. මට ඒවා ගැන තේරුමක් නැහැ. කොහෙද තමුසෙත් එළදෙනක්නේ. අහස් කියා ගෙන දේදුණුව කාර් එක ලගට එක්ක යන්න කාමරයට ආවා.

එළදෙන? මම තමුසෙට කියන්නෑ මී හරකා… මම මේ පාර වෙද මහත්තයට කියලා තමුසෙට බඩ විරේකයක් ලියවල දෙන්නම්. උදේට බාගෙට ගියාම ඔහොම තමයි.

නොදකින් තමුසෙගේ කට… ඔහොමද ඕයි ගෑණු හැදෙන්නේ? ගන්න පිරිමියා පව්. අයිය කියද්දී මම අයියට කිව්වේ, අනේ ඔව් ඔයා වගේ මී හරක් තව ඇතිනේ…

අනේ ගගනි අහස්ට මුකුත් කියන්න එපා. එයා පව්. දේදුණු තම කට හඩ අවදි කලා.
හත්තිලව්වේ මේකා උපන්ගෙයි හරකා, මැට්ටා, උලමා. ඒත් මේ ගොන් තඩියට මම ගොඩක් ආදරෙයි… අයියා දන්නවා මම එයාට ගොඩක් ගරු කරන්නේ මගේ පණ වගේ ඉන්න දේදුණුව ආදරෙන් රැුක බලා ගන්න නිසාත් කියල.

අයියේ අපි අද එන ගමන් මුහුද ලග නැවතෙමු ටික වෙලාවක් හොදේ… මම කිව්වේ කාර් එකට නගින ගමන්…
ඇයි ගොඩ පීනන්නද? අයියගේ කතාවට අපි දෙන්නම හිනා වුනා. අපි අපේ හිත් වලින් ගින්දර උහුලන්න පුරුදු වුණ පවුල්. කාගෙවත් හිත් රිදවන්න පුලූවන් අය අපේ පවුලේ නැහැ.
වෙදමහත්තය ලග ගොඩක් සෙනග හිටිය නිසා අපිට පිටත් වෙන්න හවස් වුනා. අයිය අපිව මුහුද ලගින් නවත්තලා එක්ක යන්න අමතක කළේ නැහැ. අපිට කන්න ගේන්න කියලා අයියා ගියා.

ගගනි අයියට මුකුත් කියන්න එපා. වැඩක් නැති මාව තනි නොකර බලා ගන්න එකම ඇති. මට මැරෙන්න බැරි ඔයාලගේ ආදරේට තියෙන ලෝබ කමට. දේදුණු හඩමින් ඒත් ඒ මුණ මට සගවන් ඈත ක්‍ෂිතිජය දිහා බලන් කිව්වා.

අනේ දේදුණු මම ඔයාට ආදරෙයි. අයියටත් එහෙමයි. මම එයාට ගරු කරනවා. එයාට ඉස්සර කකුල් අල්ලලා වැන්දේ පුරුද්දට. ඒත් දැන් මම වදින්නේ හදවතේ අපමණ ගරුත්වයකින්. ඒ ඔයාව ආදරෙන් බලා ගන්න නිසා දේදුණු. ඔයා ඇක්සිඩන්ට් උනාම පොරොන්දු වුන විදියට එයා ඔයාව මැරී කරයිද කියල මම බය වුනා. ඒත් මගේ රත්තරං අයිය ඔයා, මම වෙනුවෙන් ගත්ත තීරණේ හරිම උතුම්. මම ඔයාල දෙන්න දිහා බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඔයාව මගේ ලගින්ම තියා ගන්න ඕන නිසයි මගේ අයියව ඔයාට දෙන්න මුල ඉදලම හිතා ගත්තේ.

මම ඔයාල දෙන්න එක්කම ඉන්නවා. මැරෙනකල්ම ඉන්නවා. මට කසාද ඕන නැහැ. අයිය බය නැතුව වැඩට යන්නේ මම ගෙදර ඉදන් ඔයාව බලා ගන්න නිසා. ඔයා මගේ පණ කෙල්ලේ. ඔයා නිසා මගේ ජිවිතේට ලැබුණ දේවල්් ගොඩයි.
වෙදමහත්තයා කිව්වා වගේ දැන් ටික ටික ඔයාගේ කකුල් සනීප වෙනවා. ඔයා දවසක නැගිටල උදේම නැගිටල අයියටයි මටයි තේ හදන් කාමරේට එන හැටි මම සිහි කරනවා.

මොකක් උඹ බලන් ඉන්නේ මගෙන් වැඩ ගන්නද? හිටපන් මම උදේම ඇවිත් ගහන්නම් හොද වතුර බාල්දියක්. දේදුණු හිනා වෙමින් කිව්ව කතාව අහන් හිටියේ මම අපමණ සතුටකින්.
අනේ දේදුණු මගේ කෙල්ලේ ඔයා මුලදි හිටිය දේදුණු වෙන්න. මටයි අයියටයි ඕන එච්චරයි. අන්න අයිය එනවා. අපි යමු. ? වුනා වැඞී. අපි දන්න පළාතක් නෙමෙයිනේ, අපි යමු අයිය. අම්මල බය වෙයි.

දේදුණු දවසක නැවත ඇවිදිනවා. ඒක මගේ හිත තදින්ම කියනවා. එදාට අපි තුන් දෙනා එකට පයින් ගොඩක් දුර වෙරළේ ඇවිද යයි…

සත්‍ය කතාවකි. නම් ගම් මනංකල්පිත නැත.
“ආදරෙයි අහස තරම්” රසිකාවියක් විසින් ලබාදෙන ලද්දකි…

“අපි දේදුණුට ඉක්මන් සුවය පතන්නෙමු. ඇය හදිසි අනතුරකින් ඔත්පලවී සිටී. සමහරවිට බෙහෙත් නොව ආදරය ඇයව සුවපත් කරාවී… ගගණි, අහස් මේ උත්තමාචාරය ඔබ දෙපළටයි…”

බස් කොන්දොස්තරගෙන් පාඩමක්

බස් කොන්දොස්තරගෙන් පාඩමක්

අද මං බස් කොන්දොස්තර කෙනෙක්ගෙන් පොඩි දෙයක් ඉගෙන ගත්තා…
මං ඒක දැනගෙන හිටියා… ඒත් මට ඒක අද ගොඩක් හිතට වැදුනා…

මං අද හෝමාගම ගියා. අයියා හම්බවෙන්න කියලා පොඩි වැඩකට. කොටුවෙන් බස් එකේ නැගලා ඒ මනුස්සයට රු. 100ක් දුන්නා. මගෙන් රුපියල් 2ක් ඉල්ලුවා… මං ගත් කටටම නෑ කිව්වා… මොකද අතේ ලැප් බෑග් එකයි… ෆෝන් එකයි නිසා කම්මැලි හිතුනා පර්ස් එකෙන් රු. 2ක් එළියට ගන්න.

ඒ මනුස්සයා එතකොට කිව්වා…

“නෑ කියන්න එපා කොයි වෙලාවකවත්. පොඩ්ඩක් බලන්න, එහෙම තිබ්බනම් මටත් ගොඩක් ලේසියි” කියලා…

මට ලැජ්ජ හිතුනා. ඒත් දෙන්න ගියේ නැහැ ලැජ්ජාව නිසා… වැරැද්ද වෙනුවෙන් මං දුක්වෙනවා… ආයෙත් එහෙම දෙයක් වෙන්නේ නෑ… අපි අපේ පහසුව ගැන හිතනවා වගේම තමයි ඒ මිනිස්සුත් එයාලගේ පහසුව ගැන හිතන්නේ…