ටීචර් මම රතු පාටට හරිම ආසයි

ටීචර් මම රතු පාටට හරිම ආසයි

එය එක්තරා නගරයක පිහිටි සුපිරි පෙළේ නොවුනත් යම් මට්ටමකට පහසුකම් සපිරි පාසලක ප්‍රාථමික අංශයේ පන්තියක්… ළමයි සියළුම දෙනා ආශාවෙන් ගුරුතුමිය සමඟ පාඩමට සම්බන්ධ වී හිටියා.
“ළමයි අපි අද ඉගෙන ගන්නේ මහපාරේ අපිට දකින්නට ලැඛෙන සංඥා එළි ගැන, නැත්නම් කවුරුත් කියන විදියට traffic lights ගැන”

දිගටම ගුරුතුමිය traffic lights ගැන ළමයින්ට විස්තර කරගෙන ගියා.

“ළමයි රතු වැටිලා තියෙනකොට අපි ඉවසගෙන ඉන්න ඕනි කොචිචර පරක්කු වුනත්, තේරුණාද? ඊට පස්සෙ කහ එළිය වැටිලා අපිට සූදානම් වෙන්න කියනවා. ඊටත් පස්සෙ කොළ එළිය වැටුනහම අපිට යන්න පුළුවන්.”

මෙහෙම දිගටම පාඩම විස්තර කරගෙන යනකොට ගුරුතුමියට හිතුනා ළමයින්ට කම්මැලි වගේ කියල. ගුරුතුමිය ටිකක් පාඩම වෙනස්කළා.

“හරි, හොඳ ළමයි වගේ දැන් මට කියන්න රතු එළිය වැටිල තියෙනවට අකමැති ළමයි කවුද කියල. ආ එහෙනම් අත උස්සන්නකො බලන්න”

Traffic lights වල රතු එළිය වැටී ඇතිවිට ළමුන් පමණක් නොවෙයි කවුරු වුනත් අකමැති බව දැන දැනත් ගුරුතුමිය ඒ ප්‍රශ්නය ඇහුවේ ළමයින්ගේ අවධානය තමන් වෙත යොමුකර ගන්නයි.

පන්තියේ සියළුම ළමුන් එකහෙළා අත් උඩට ඔසවාගෙන සිටි නමුත් දෙවැනි පේළියේ අවසානයේ ඉඳගෙන හිටිය දිනුක අත් උස්සන්නේ නැතිව බිම බලාගෙනම ඉන්නවා ගුරුතුමිය දැක්කෙ ටිකක් වෙළා ගිහිල්ලා. ගුරුතුමියට ටිකක් පුදුම හිතිල දිනුකට කතා කළා.

“දිනුක, පුතේ ඔයා ඇයි අත් උස්සන්නෙ නැත්තේ? ඇයි ඔයා traffic lights එකේ ඉන්න ආසයි ද?”

ළමයි හිනා වුනා.

දිනුක තාමත් බිම බලාගෙන වමි කකුලේ දාල තිබුණු කැඩිච්ච සපත්තුවෙන් එළියට පැනපු ඇඟිල්ලෙන් සිමෙන්ති පෙළොවේ කුරුටු බලි ඇන්දා.

“පුතේ උත්තරයක් දෙන්න… කියල තියෙනවනේ ගුරුවරු ප්‍රශ්නයක් ඇහුවම කථාකරන්න ඕන කියලා”

ගුරුතුමියගේ හඬ දිනුකට ඇහුනේ දෝංකාර දෙන ගමන්. හිමීට ඔලූව උස්සල පුටුවෙන් නැගිටපු දිනුක ”ටීචර් මම රතුපාටට හරිම ආසයි. ඒකයි මම රතු එළිය වැටිල තියෙනවට කැමති” කියලා ගුරුතුමියගෙ මූණ බලන්නෙත් නැතුව අහක බලාගෙන උත්තරයක් දීලා වාඩි වුනා. අහිංසක වගේම චිත්‍ර ඇඳීමෙහි දක්ෂයෙක් වූ දිනුක අතින් සිත්තම් වුණු එකම චිත්‍රයකවත් රතුපාට අහලකවත් යොදාගෙන නැතිබව හොඳින්ම දැනසිටින ගුරුතුමියට දිනුක මේ කිවුවේ ඇත්තක් නොවන බව ක‍ෂණිකව වැටහුණා.
ර්‍
“බොහොම හොඳයි පුතා. තමන් කැමතිදේ කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ දිනුකගෙ කැමැත්ත”

පාසල ඇරුණා… ළමයි ඔක්කොම ගෙවල් වලට යන්න ලහි ලහියේ පිටත්වුණා.

”දිනුක පොඩ්ඩක් ඉන්න පුතේ”

ගුරුතුමිය දිනුකව නවත්ත ගත්තා. ළමයි ඔක්කොම යනකන් ඉඳලා ගුරුතුමිය දිනුකගෙන් මෙහෙම ඇහුවා.

”පුතේ ඇයි ඔයා ඒ වෙලාවෙ බොරු කිවුවේ? ඔයා රතුපාටට ආස කෙනෙක් නෙවෙයි. ඇයි ඔයා රතු එළියට කැමති? මට ඇත්ත කියන්න පුතේ… ”

දිනුක ටික වෙළාවක් බිම බලාගෙනම කල්පනා කළා. ටික වෙලාවකින් බිම බලාගෙනම එකදිගට මෙහෙම කියාගෙන ගියේ ඉකි ගහන ගමන්.

“ටිචර්, අපේ තාත්ත traffic lights තියෙන තැන්වල නවත්තන වාහන වලට හඳුන්කූරු විකුණල තමයි අපිට කන්න දෙන්නෙ… කොළ එළිය වැටුණු ගමන් තාත්තගෙන් හඳුන්කූරු ගන්නෙ නැතුව වේගයෙන් යන වාහන දිහා අපේ තාත්ත හරිම දුකෙන් බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා… මට ඒ වෙලාවෙ තාත්තගෙ මූණ මතක්වුණා… රතු එළිය වැටිල තියෙනවට මම ආස එකයි ටීචර්…”

”ඒක හරිම මිහිරි රසයක්, හරියටම ආදරේ පිරුණු ජීවිතයක් වගේ”

”ඒක හරිම මිහිරි රසයක්, හරියටම ආදරේ පිරුණු ජීවිතයක් වගේ”

ඒ රාත්‍රී සාදයේ රෑ මනමාලිය ලෙසයි ඔහුට ඇයව පෙනුනේ. සෑම තනිකඩ පිරිමියෙකුම ඇය පසු පස යද්දී, සෑම විවාහක පිරිමියෙකුම ඇය වෙත බැලුම් හෙලද්දී ඔහු නොසැලෙන දෑසින් ඇය දෙස බලා සිටියා. කෙමෙන් රෑ බෝවෙද්දී ඇය කරා ලන්වුනු ඔහු ඇයට කෝපි කෝප්පයක රස විඳීමට ආරාධනා කරා. එක්වරම මේ නොසිතූ ආරාධනයෙන් ඇය පුදුම වුනත් ඔහුගේ ශීලාචාර ඇමතීම හමුවේ ඇය ඔහුගේ ඒ ඉල්ලීමට එකඟ වුනා. වීදිය කෙළවරේ වූ coffee shop 1ක් වෙත පිය නැඟූ දෙපල ඔවුනටම වෙන්කර ගත් මේසයක මුහුණට මුහුණලා අසුන් ගත්තා. නමුත් ඔහු ඇය හා කිසිත් පැවසීමට හෝ ඇය දෙස ඍජුව බැලීමට තරම් සිත දැඩි අයෙකු වූයේ නෑ. ඔහුගේ සිත වේගයෙන් ගැසෙන්නට වෙද්දී ඇය තමාට යා යුතු බව පැවසූවේ ඔහුගේ මේ හැසිරීම ඇයටද අපහසුවක් වූ නිසයි. එවිටම ඒ අසලින් ගිය වේටර් වරයෙකුට ඔහු මෙසේ පැවසූවා.

”කරුණාකර මට ලුණු ටිකක් දෙනවද මේ කෝපි කෝප්පයට දාගන්න?”

අවට සිටි සියල්ලෝම එක්වරම ඔහු වෙත තම නෙත් යොමු කරද්දී ඔහු වේටර් ගෙන ආ ලුණු තම කෝපි කෝප්පයට මුසු කර බොන්නට වුනා. ඔහුගේ මේ ක්‍රියාවෙන් පුදුමයට පත්ව සිටි ඇය සෙමින් ඔහුගෙන් මෙසේ විමසුවා.

”ඇයි ඔයා ඔයාගේ කෝපි කෝප්පෙට ලුණු එකතු කරලා බොන්නේ, මම මගේ ජීවිතේටම එවන් පුරුද්දක් ඇති අයෙකු දුටු පලමු අවස්ථාව තමයි මේ.”

ඔහු එයට මෙසේ පිළිතුරු දුන්නා.

”මගේ පුංචි කාලේ ගෙවුනේ මුහුද ලඟ තිබුණු අපේ සීයාගේ නිවසේ. මම මුහුදට පුදුම තරම් ආදරේ කරා. ඒ ආශාව අදටත් ඒ වගේමයි. මට මගේ කෝපි කෝප්පයේ ලුණු රස දැනෙද්දී, මම තවමත් ඒ මුහුද ලඟ ජීවත් වෙනවා වගේ දැනෙනවා. මම මගේ පුංචි කාලේ ගැන ඒ වෙලාවට මතක් කරනවා, මගේ පියා නැති වුනේ මට අවුරුදු 2දී. එදා ඉඳන් මගේ අම්මා, ආච්චියි සීයයි එක්ක මාව බලා ගත්තු විධිය, ඒ 3න් දෙනාගේ ආදරේ, මට ආයෙත් මතක් කරල දෙන්නේ මේ ලුණු දාපු කෝපි කෝප්පයම තමයි.”

එසේ පවසද්දී ඔහුටත් හොරා ඔහුගේ දෑසින් කඳුලු කැට කිහිපයක් වැගිරෙනු ඇය දුටුවා. තම ගෙදර අය ගැන මෙසේ තම අවංක හැඟීම් පලකරන ඔහු ගැන ඇයට ඇතිවුනේ පුදුම තරම් වූ පැහැදීමක්. ඉන්පසු ඇයත් තම ළමා කාලයේ සිට මේ වනතුරු ඇය ගෙවන ජීවිතයේ වත ගොත ඔහු හා බෙදා ගත්තා. ඔවුන් මෙසේ ඇරඹී කතාබහ ඔවුනට නැවත නැවත මුණ ගැසීමට සුන්ඳර ඇරඹුමක් වුනා. ඔහු එදා ඔහුගේ කෝපි කෝප්පයට ලුණු එකතු කර නොගන්නට ඇයට එම සුන්ඳර මිනිසා අතහැරීමට ගිය අයුරු ඇය දිනපතා සිතන්නට වුනා. මෙසේ කාලය ගතවෙද්දී සෑම සුන්ඳර ආදර කතාවක වගේම මේ කුමාරය සහ කුමාරිය ආදරෙන් බැඳී විවාහය දක්වා තම බැඳීම අලුත් කර ගත්තා.

ඇත්තටම ඔවුන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන්ම මැවුණු යුවලක් සේ සතුටින් ජීවිතය ගෙනගියා. සෑම දිනකම ඇය ඔහු වෙනුවෙන් සාදන කෝපි කෝප්පයට ලුණු එකතු කරන්නත් අමතක කරේ නෑ. මෙසේ වසර 40ක් ගෙවී ගිය තැන ඔහු මිය ගියා. ඒත් ඔහු ඇය වෙත මෙම ලිපිය ඉතිරි කර ගිහින් තිබුණා.

”දයාබර සැසී,
මට සමාවෙන්න. මගේ ජීවිතයේම මම ඔයාට කළේ ලොකු බොරුවක්. වංචාවක්. මම ඔයාට කරපු එකම බොරුව එය පමණයි, ඒ තමයි අපි මුණගැසුනු පලමු දවසේ මම බිව් ලුණු එකතු කරපු කෝපි කෝප්පය. එදා මට ඔයා එක්ක කතා කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව බොහොම චකිතයෙන් සිටි මොහොතකයි වේටර් එතැනින් ගමන් කරේ. ඇත්තටම මට ඕන වුනේ සීනි, ඒත් මා හට කියැවුනේ ලුණු අවශ්‍ය බවයි. ඒ වෙලාවේ මට ඒ කියැවුනු දේ වෙනස් කරන්නවත් සිතක් තිබුණේ නෑ. මම මොහොතකට වත් හිතුවේ නෑ අපේ කතාබහ පටන් ගැන්මෙදිම ඔයාට බොරුවක් කියන්න වේවි කියලා. මට ඔයාට මේ දේ කියන්න ජීවිතේ පුරාවටම ඕන වුනත් ඒ හැම මොහොතෙදිම මට ඔයාට ඒ දේ කියන්න හිතට ශක්තියක් තිබුණේ නෑ. ඒත් දැන් මම මැරෙන්න ලංවෙලා නිසා මට ඔයාට මේ දේ කියන්න පුළුවන්. මම කවදාවත් ලුණු දැමූ කෝපි වලට ආස කරේ නෑ සැසී. ඒ තිත්ත රස කොච්චර නම් බීමට අමාරුද කියලා ඔයාට හිතාගන්නවත් බෑ. ඒත් මම ඔයා එක්ක ගෙවපු ජීවිතය පුරාවටම ඒ තිත්ත රස ආදරයෙන් රසවින්ඳා. ඔයා මගේ ජීවිතේ ඉන්න නිසා මට ඒ දේ දරාගන්න එක අමාරු දෙයක් වුනේ නෑ. ඔයා මගේ ජීවිතේට ආපු එක තරම් සතුටක් මට වෙනත් නෑ සැසී. මට තව වතාවක් ජීවත් වෙන්න ලැබුනොත් ඒ ජීවිතේ පුරාවටමත් මට ඔයාව ඕන, ලුණු දාපු කෝපි කෝප්ප තව ආත්ම ගණනක් බොන්න වුනත් පුළුවන් මට ඔයාව ලැබෙනවා නම්.”

ඇයගේ දෑසින් කඳුලු කැට වැගිරෙන්නට වුනා. දිනක් ඇයගෙන් කෙනෙකු ලුණු දැමූ කෝපි මොන රසදැයි විමසූ විට ඇය සිනාසී මෙසේ පැවසූවා.

”ඒක හරිම මිහිරි රසයක්, හරියටම ආදරේ පිරුණු ජීවිතයක් වගේ”

“Love is not to forget but to forgive, not to see but understand, not to hear but to listen, not to let go but HOLD ON.”

මොනව හරි හේතුවක් නිසා ඔයා ආදරය කරන කෙනෙක්, ඔයාට ආදරය කරන කෙනෙක් ඔයා අමතක කරලා දාලා ඉන්නවනම් දැන්ම කතා කරන්න.
වැරැුද්දක් වුනානම් සමාව ගන්න. සමාව ගත්තා කියලා තත්වෙට අඩුවක් වෙන්නෙ නෑ.ආදරේ කරන්න, අහස තරම්…

“සුදු මල්ලි, ඔයා මේ සැන්විච් ඔක්කොම කන්ඩ ! හොඳද?”

“සුදු මල්ලි, ඔයා මේ සැන්විච් ඔක්කොම කන්ඩ ! හොඳද?”

මේ කියන්න යන්නේ ලෝකේ ඉන්න හොඳම යාළුවා ගැන..
එයා ලැබුනේ මට…
මට යාලූවො ගොඩක් නැහැ.. ටික දෙනයි ඉන්නේ.. ඒ ඉන්න අයෙගෙනුත් බොහොමයක් යාලූ කම මවා පාන අය..
ඒ කියන්නේ පිටින් පෙන්වන යාලූකම, ආදරේ ඇතුළෙ නැහැ.. ගෙදර ගියහම අපි යන්නේ කොයි වෙලාවෙද, අපෝ කන්න බොන්නත් දෙන්න වෙනවා නේද වගේ හිතන අය තමයි ඉන්නේ ගොඩක්..
ඒත් මං මේ කියන්න යන කෙනා ගොඩාක් වෙනස්…

හරිම අහිංසකයි, කඩවසම් කියලා කියන්නේ නෑ මං, මොකද ඊලගට ඕක ඔලූවට ගහලා ආඩම්බර වෙයි..
කොහොම වුනත් මෙයාව හම්බවුනේනම් හරිම අමුතු විදිහකට..

අපේ අයියගේ පරණ ගර්ල් ෆෙන්ඞ් (අපේ මනුස්සයගේ මෝඩ කමට මේ ගෑණු ළමයව අත් ඇරියට මෙයා මගේ නෑනා වුනානම් දාහෙන් සම්පතයි.. ඒත් මොනා කරන්නද?)

එයා තමයි මෙයාව මට අඳුන්වලා දුන්නේ..
“මල්ලි මගේ හරිම හොඳ යාලූවෙක් ඉන්නවා.. එයාටත් ඔයාට වගේම පිස්සු.. දෙන්න එකට හිටියොත් කියලා වැඩක් නැහැ, මං එයාව අඳුන්වලා දෙන්නද, එයා අසනීපෙන් ඉන්නේ, ඔයාට ඉතිං ඒ වගේ අය ආදරෙන් බලාගෙන පුරුදුයිනේ, එයාවත් බලාගන්න බැරිද කියලා.. “

මාත් හා කිව්වා.. අඳුරගත්තා.. කිව්වේ ඇත්ත තමයි.. මූට පිස්සු.. මට වගේම තමයි… ඒත් කිව්ව අනිත් දේවලූත් ඇත්ත. හරිම හොඳ කෙනෙක්.. කාලයාගේ ඇවෑමෙන් මෙයා මගේ හොඳම යාලූවා වුනා..
දෙන්නට දෙන්න නැතුවම බැරි වුනා..
මට සමහර දවස්වල පාන්දර 1ට බඩගිනියි කීවහම කිරිබත් උයලා දෙනවා.. නූඩ්ලස් හදලා දෙනවා.. කවදාවත් එයා ඒක කරදරයක් කියලා හිතුවේ නැහැ.. මං බඩගින්නේ කියලා තේරුනොත් එසැනින් වැඩ නවත්තලා මට උයලා දෙනවා.. මට එහෙ හිටිය දවස්ටිකේ කාලම එපා වුනා… කනවා, කනවා ඉවරයක් නෑ…

එපාම වෙන වැඬේ තමයි උගෙන් හරියට මම ගුටිත් කනවා.. ඇග හැදෙන්න ඕන මල්ලි කිය කියා ගහනවා මට.. ගෙදර යන දවසට විතරයි සැනසිල්ලෙ හිටියේ.. ගුටිකාලා අමාරුවෙන් හරි හිටියේ එතන ලොකු ලෙන්ගතුකමක්, සෙනෙහසක්, සහෝදරත්වයක්, මිත‍්‍රත්වයක් තිබ්බ හින්දා..
අර අක්කට තමයි මං ඉතිං ඔක්කොම කතා කරලා කියන්නේ.. මට කන්න දෙන ඒවා, ගහන ඒවා හැමදෙයක්ම..

දවසක් මට ඔෆිස් එකේ වැඩකට අනුරාධපුරේ යන්න තිබ්බා.. මං ඉතිං කොළඹ ඉඳං යන්න ඕන නිසා එදාට කලින් දවසේ එහෙ නතරවුනා..
රූ මං ඇහුවා “අයියේ මට හෙට කන්න ගෙනියන්න, ඔයා දවසක් හැදුවා වගේ බිත්තර දාලා සැන්විච් ටිකක් හදලා දෙන්න බැරිද කියලා.. “

එයා “හා මල්ලියෝ” කිව්වා.. පහුවෙනිදා උදේ මං නාන අතරේ මෙයා කඬේ ගිහින් පාන් ගෙනත් තිබ්බා.. දැන් බිත්තර ඔම්ලට් දානවා ඇහෙනවා.. රස මතක් වෙනකොට බාත්රූම් එකේ ඉන්නකොටම කටට කෙළත් ඉනුවා..

කොහොමහරි කන්න වෙනම ටිකක් දීලා මට කිරි එකකුත් හදලා දුන්නා.. සැන් මට පේනවා මෙයා සැන්විච් ඔතනවා.. ඒක මාර ලස්සනට කපලා, පිලිවෙළකට හදනවා.. මං කිව්වා “අයියෝ අයියේ ඕක නිකන් ඔතන්න, මට කන්නනේ” කියලා, මොකද ඔච්චර උයලත් තවත් එයාව මහන්සි කරන්න ඕන වුනේ නෑ මට..

එයා කිව්වා බැරිවෙලාවත් ඔයා ලග බස්එකේදි ලස්සන ගෑණු ලමයෙක් වාඩිවෙලා ගියොත් එයාටත් කෑල්ලක් දෙන්න වුනොත්, මේක කැතට තිබ්බොත් දෙන්න බැහැනේ, ඔයාගේ තත්වෙට මොකද වෙන්නේ කියලා..

මට පච් කියලත් හිතුනා.. මෙච්චර ආදරයක්.. මෙච්චර ලෙන්ගතුකමක් මට කවදාවත් පිට කෙනෙක්ගෙන් ලැබිලා නෑ..

ඕකත් අරන්, “මං ගිහින් එන්නම් අයියේ, පිරිස්සමෙන් ඉන්න, බුදුසරණයි” කියලා මාත් කොටුවට ආවා අනුරාධපුරේට බස් එක ගන්න..
මගෙත් ලක් එක වැඩ කරලද කොහෙද ලස්සන ගෑණු ළමයෙක් මගෙ ළගින් ඉඳගන්න ආවා, එයාට බෑග් එක උඩට දාන්න ඕන වුනා.. මාත් මහත්මාගතිය පෙන්වලා උදව් කලා..

“තෑන්ක්ස් ” ඒ ඇති ඉතිං මට අනුරාධපුරේට යනකන්..

යක්කල පහුවෙනකොට බඩගිනි ආවා.. පාන් එක අතට ගත්තා… ගෑණූ ළමයක් දැන් ලග, මාර ෆිට්.. යාලූවත් මට පාන් වැඩිපුර දුන්නා කෙල්ලෙක් සෙට් වුනොත් දෙන්න කියලා.. අනික තරු 7 හෝටලේක වගේ සැන්විච් එකත් ලස්සනට තියෙනවා..

මං පෙත්තක් අතට අරං අරයට දුන්නා, “තෑන්ක්ස් එපා” කිව්වා.. නොදකින්.. මාර ලැජ්ජාව.. කමක් නෑ, කෙල්ලට බඩගිනි නැතුව ඇති, මොකද නැග්ග ගමන් වඬේ 2ක් කනවා දැක්කා මම..

මංවත් කනවා කියලා එක පෙත්තක් කෑවා.. කියලා වැඩක් නෑ රස. විනාඩියට ඒක ඉවරයි.. ඊලග එකත් කෑවා.. දැන් දිව්‍යලෝකේ මැවිලා පේනවා.. ඊලග පෙත්ත ගන්නකොට කොලයක් වැටුනා පාන් අස්සේ තිබිලා..

“සුදු මල්ලි, ඔයා මේ සැන්විච් ඔක්කොම කන්ඩ ! හොඳද?”

මගේ ඇස් දෙකට කඳුලූ ආවා.. මෙච්චර ලෙන්ගතුකමක්, සහෝදරත්වයක්… මට හිතාගන්න බැරුව ගියා..

ගෑණූ ළමයත් ඕක දැක්කා.. “අපේ අයියා දාලා තියෙන්නේ, පව් අනේ, එයා මට හරි ආදරෙයි.. “

කිව්වේ බොරුවක් උනත් මං වෙනුවෙන් මෙහෙම දෙයක් කල එයාව පිට කෙනෙක් කරන්න ඕන වුනේ නෑ මට.. මං හැම වෙලාවෙම කියනවා වගේ “පවුල කියන්නේ ලේම නෙමෙයි, අපේ ජීවිතවල අපි වෙනුවෙන් ඉන්න අය.. “

දඹුල්ලෙදි මං ආයෙත් එයාට සැන්විච් දුන්නා, ආසාවෙන් කෑවා… ඊට පොඞ්ඩක් එහායින් එයා බැස්සා.. අපි දෙන්නගේ ආදර අන්දරය එතනින් ඉවර වුනා..
ඒත් ආයේ යන්න නොඉවසිල්ලෙන් හිටියේ..

ඒ මං මගේ යාලූවට කොච්චර ආදරෙයිද කියලා එයාගේ අතින් අල්ලගෙන එයාගේ මූණටම කියන්න ඕන වුන නිසා.. එයා නැතුව හදවතට පාලූවක් දැනුන නිසා..

ඔයා මගේ හොඳම යාලූවා.. මං ඔයාට මගෙ පණටත් වඩා ආදරෙයි… ඔයාව මං කොහොම හරි සනීප කරගන්නවා.. මගේ ලගින් හැමදාම තියාගන්නවා..
මේ ආත්මයේ විතරක් නෙමේ.. අනෙක් හැම ආත්මෙකම මගේම වෙන්න.. යාලූවානෙමේ…. ලබන ආත්මේ මගේ සහෝදරයා වෙන්න..

මේ උත්තමාචාරය ඔබටයි..

–පෞද්ගලික අත්දැකීමකි —

අප්පච්චි මං ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි

අප්පච්චි මං ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි

මේ කතාව ගොඩක් පරණයි. ඒත් ආපහු දාන්න හිතුවේ ඒකේ තියෙන සංවේදීතාවය නිසයි… කියවන්න… ආදරය විඳින්න…

එතකොට මට අවරුදු 9යි…
ඉස්කෝලේ ඇරුනට පස්සේ අප්පච්චි එනවා මාව ගන්න බයිසිකලේ…
එතකොට අපිට ගොඩක් සල්ලි නැහැ…
ගොඩක් අමාරුවෙන් තමයි අප්පච්චි අපිව බලාගත්තේ…
එයා රස්සාව විදිහට කලේ බිම්මල් හදන එක…

ඉස්කෝලේ ඇරිලා ගෙදරට ටික දුරක් යන්න තිබ්බා…
මං ගියේ තුල්හිරිය කණිෂ්ඨ විද්‍යාලයට…
අපි ටික දුරක් යන කොට අප්පච්චි කඩයක් ලග බයිසිකලය නැවැත්තුවා…
මාව බිමට බස්සවලා මගේ ඔලුව එහෙම පීරගෙන මාව අතින් අල්ලගෙන කඬේට එක්ක ගියා…

තාත්තා මාව වාඩිකරවල ඇතුළට ගිහින් බීම බෝතල් දෙකක් ගෙනාවා…
“මගේ පුතා බොන්න පැණී බීම”

මං පැණි බීම වලට ගොඩක් ආසයි කියලා අප්පචිචි දන්න නිසා එයා පැණි බීම අරන්…
මං එක හුස්මට බීගෙන බීගෙන ගිහින් බෝතලේමය ඉවර කලා..

“රසයි අප්පච්චි”
“එහෙනම් පුතා මේකත් බොන්න” අප්පච්චි කිව්වා…

“එතකොට අප්පච්චිට” කියන ගමන් මං ඒ බෝතලෙත් එක හුස්මට බීලා දැම්මා…

මා දෙස ආදරෙන් බලා සිනාසුන අප්පච්චි මගේ ඔලූව අතගා “අපි එහෙනම් යමු පුතේ” කීවා…

මං බයිසිකලේට නගින්න යනකොට අප්පච්චි එතන තිබ්බ ටැප් එකකින් වතුර වීදුරු 2,3ක් බොනවා මං දැක්කා…

“දෙයියනේ, අප්පච්චිත් ගොඩක් තිබහෙන් නේද ඉඳලා තියෙන්නේ…”

මං වෙනුවෙන් හැම දුකක්ම විඳ දරාගත්ත අප්පච්චි…
මං ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි….

පොලිස්කාරයා

පොලිස්කාරයා

Color Lights | A Film By Kaushalya Madhawa Pathirana

පොලිස්කාරයා…
මොහොතකට හිතුණද අපි වෙනුවෙන් මේ මනුස්සයා කොච්චර දුකක් විඳිනවද කියලා ? ඒත් අපි එයාට පොලිස් කාරයා කියන්නේ ඇයි ?

වීඩියෝව බලන්න, මනුස්සකම කියන දේ තියෙනම් SHARE කරන්න…

Color Light | කලර් ලයිට් : http://www.youtube.com/watch?v=DRzUcI8ZUcI

~All rights reserved to Kaushalya Madhawa Pathirana~

මං ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තේ

මං ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තේ

මං මේ පළවෙනි වතාවට එකම කතාව දෙවැනි වතාවට පේජ් එකට දාන්නේ… තාත්තගේ ආදරේ කීපාරක් දැම්මත් ඇති වෙන්නේ නැහැ… ඔයාලත් කියවලා බලන්න, අපිට තාත්තලා කොච්චර ආදරේද, අපි එයාලට කරන දේවල් හරිද කියලා…

මං ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තේ….

අපේ දිහාට ෆෝන් එකක් ඉස්සරවෙලාම ගෙනාවේ 2000 විතර, ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට හිතෙන විදිහට අද මම මේ තත්වෙත් ඉන්නේ ෆෝන් එක නිසා…ඒක ඇල්කටෙල් ෆෝන් එකක්…දැන්නම් ගෙදර හැමෝටම තියෙනවා..මටම 5ක් විතර තියෙනවා..
කොහොම හරි අපේ තාත්තටත් එකක් ඕන කියාල ගත්තා, මොකද මම පංති ගියහම ඉන්න තැන් බලාගන්න, එන වෙලාව දැනගන්න. ඒ 2004 විතර…තාත්තා ඒකේ කෝල් ගන්න බට්න් එක, කට් කරන එක ඇරෙන්න වෙන දෙයක් දැනගෙන හිටියේ නෑ…ඉතිං ෆෝන් එක මිලට ගත් දා පටන් තාත්තාගේ ඉල්ලීම වූවේ එහි ඇති වැඩ පිළිබඳව එයාටත් කියලා දෙන්න කියාය. මමත් ඉතිං technology expert පොරක් නිසා , හා මම කියල දෙන්නම්, කියා වැඩේ බාර ගත්තද ටික දවසක් යනවිට එය එපා වූවේ මම කියනා මෙලෝ දෙයක් ඊළඟ දවසේ වන විට තාත්තාගේ මතකයේ රැඳී නොතිබීම නිසා.

ඔය කාලය අතරතුර තාත්තා මගෙන් අසාගත් නොහොඳ නෝක්කාඩු කතා ගණන නම් අසීමිත වූ බව මම දනිමි.

“මොනාද අනේ,කොච්චර කියල දුන්නත් තාත්තට කිසි දෙයක් මතක නෑ නේ…”

“ආයේ නම් කියල දෙන්නේ නෑ හරි ද..මේ අන්තිම පාර..”

“අයියෝ SMS ගහන්න පුරුදු වෙන්නේ කාට SMS යවන්නද අප්පා..??”

“දැන් නම් මේක හරි කරදරයක් වෙනවා…”

මේ ආකාරයෙන් එකී මෙකී නොකී කතා සිය ගණනක් මගේ මුවින් පිටවන්නට ඇත්තේ ය.

මේ සියල්ලටම තාත්තා කිසිම දෙයක් කිව්වේ නැත්තේ ය.ඔහු කල එකම දෙය නම් මා ඇනුම්පදයක් කියන විට හිනැහීම හා ඇතැම් වෙලාවට “අපි ඉතින් ඔයාලා වගේ මේවා ගැන දන්නේ නෑ නේ මයේ පුතේ. ඒකනේ අමතක වෙන්නේ” කියා කිවීම පමණ ය.

2005 මම උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ඉස්කෝලෙට ගියා..ගිහින් ඉස්කෝලෙට ආපු විත්තිය තාත්තට කියලා ෆෝන් එක ඕෆ් කලා. ගියා කියලා කිව්වෙ නැත්තම් හුස්ම හිරවෙයි, ඒ තරමට මං ගැන හොයනවා.. අවුරුදු 2ක් කුරුණෑගල උසස්පෙළ ක්ලාස් එකේ එළියට වෙලා හිටියා උදේ 8 ඉඳන් 5 වෙනකන් මාව ආපහු ගෙදර එක්ක යන්න…
කොහොමහරි උදේ වරුවේ පේපර් එකට ලියලා ඉන්ටර්වල් එකේදී මම ආයෙත් ෆෝන් එක ඔන් කලා.

ටික වෙලාවක් ගිය විට ලැබුණු SMS පණිවිඩයක් දැකීමෙන් පසු මගේ හදවතට දැනුන හැඟීම මේ සටහන ලියන මොහොතේ දී ද ඒ ආකාරයෙන් ම දැනෙන්නේ ය..

උදේ 8.50 ට පමණ (විභාගය පටන් ගන්නේ උදේ 9 ට ය.) තාත්තා විසින් ඒවා තිබුණු එම පණිවිඩයේ සඳහන් වූවේ මෙම වාක්‍ය කිහිපය ය.

“පුතේ හොඳට පේපර් එක කියවලා උත්තර ලියන්න. කලබල වෙන්න එපා. පුතාට ඕක පාස් වෙන්න පුළුවන්. බුදු සරණයි! මොන දේ උනත් පුතාට අපි ආදරෙයි ගොඩාක්, හැමදාමත්… තාත්තා”

මම ඇස් දෙකේ කඳුලු පුරවගෙන මේ පෝස්ට් එක දාන්නේ..
තාත්තා අද මං ලග නෑ….
මට එයා නැති අඩුව ගොඩක් දැනෙනවා…
කාටවත් බෑ ඒ අඩුව පුරවන්න…
මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ….

මගේ අනිත් පෝස්ට් වගේ කාටවත් මං මේක ලයික් කරන්නවත් ශෙයාර් කරන්නවත් කියන්නේ නෑ… මගේ හදවත ඒක ලෝකෙ පුරාවටම ශෙයාර් කරල ඉවරයි…
ඇස් දෙකෙන් කඳුලූ වැටෙනවා… පපුව පැලෙන්න වගේ… මට සමාවෙන්න තාත්තේ…