ඒ රාත්‍රී සාදයේ රෑ මනමාලිය ලෙසයි ඔහුට ඇයව පෙනුනේ. සෑම තනිකඩ පිරිමියෙකුම ඇය පසු පස යද්දී, සෑම විවාහක පිරිමියෙකුම ඇය වෙත බැලුම් හෙලද්දී ඔහු නොසැලෙන දෑසින් ඇය දෙස බලා සිටියා. කෙමෙන් රෑ බෝවෙද්දී ඇය කරා ලන්වුනු ඔහු ඇයට කෝපි කෝප්පයක රස විඳීමට ආරාධනා කරා. එක්වරම මේ නොසිතූ ආරාධනයෙන් ඇය පුදුම වුනත් ඔහුගේ ශීලාචාර ඇමතීම හමුවේ ඇය ඔහුගේ ඒ ඉල්ලීමට එකඟ වුනා. වීදිය කෙළවරේ වූ coffee shop 1ක් වෙත පිය නැඟූ දෙපල ඔවුනටම වෙන්කර ගත් මේසයක මුහුණට මුහුණලා අසුන් ගත්තා. නමුත් ඔහු ඇය හා කිසිත් පැවසීමට හෝ ඇය දෙස ඍජුව බැලීමට තරම් සිත දැඩි අයෙකු වූයේ නෑ. ඔහුගේ සිත වේගයෙන් ගැසෙන්නට වෙද්දී ඇය තමාට යා යුතු බව පැවසූවේ ඔහුගේ මේ හැසිරීම ඇයටද අපහසුවක් වූ නිසයි. එවිටම ඒ අසලින් ගිය වේටර් වරයෙකුට ඔහු මෙසේ පැවසූවා.
”කරුණාකර මට ලුණු ටිකක් දෙනවද මේ කෝපි කෝප්පයට දාගන්න?”
අවට සිටි සියල්ලෝම එක්වරම ඔහු වෙත තම නෙත් යොමු කරද්දී ඔහු වේටර් ගෙන ආ ලුණු තම කෝපි කෝප්පයට මුසු කර බොන්නට වුනා. ඔහුගේ මේ ක්‍රියාවෙන් පුදුමයට පත්ව සිටි ඇය සෙමින් ඔහුගෙන් මෙසේ විමසුවා.
”ඇයි ඔයා ඔයාගේ කෝපි කෝප්පෙට ලුණු එකතු කරලා බොන්නේ, මම මගේ ජීවිතේටම එවන් පුරුද්දක් ඇති අයෙකු දුටු පලමු අවස්ථාව තමයි මේ.”
ඔහු එයට මෙසේ පිළිතුරු දුන්නා.
”මගේ පුංචි කාලේ ගෙවුනේ මුහුද ලඟ තිබුණු අපේ සීයාගේ නිවසේ. මම මුහුදට පුදුම තරම් ආදරේ කරා. ඒ ආශාව අදටත් ඒ වගේමයි. මට මගේ කෝපි කෝප්පයේ ලුණු රස දැනෙද්දී, මම තවමත් ඒ මුහුද ලඟ ජීවත් වෙනවා වගේ දැනෙනවා. මම මගේ පුංචි කාලේ ගැන ඒ වෙලාවට මතක් කරනවා, මගේ පියා නැති වුනේ මට අවුරුදු 2දී. එදා ඉඳන් මගේ අම්මා, ආච්චියි සීයයි එක්ක මාව බලා ගත්තු විධිය, ඒ 3න් දෙනාගේ ආදරේ, මට ආයෙත් මතක් කරල දෙන්නේ මේ ලුණු දාපු කෝපි කෝප්පයම තමයි.”
එසේ පවසද්දී ඔහුටත් හොරා ඔහුගේ දෑසින් කඳුලු කැට කිහිපයක් වැගිරෙනු ඇය දුටුවා. තම ගෙදර අය ගැන මෙසේ තම අවංක හැඟීම් පලකරන ඔහු ගැන ඇයට ඇතිවුනේ පුදුම තරම් වූ පැහැදීමක්. ඉන්පසු ඇයත් තම ළමා කාලයේ සිට මේ වනතුරු ඇය ගෙවන ජීවිතයේ වත ගොත ඔහු හා බෙදා ගත්තා. ඔවුන් මෙසේ ඇරඹී කතාබහ ඔවුනට නැවත නැවත මුණ ගැසීමට සුන්ඳර ඇරඹුමක් වුනා. ඔහු එදා ඔහුගේ කෝපි කෝප්පයට ලුණු එකතු කර නොගන්නට ඇයට එම සුන්ඳර මිනිසා අතහැරීමට ගිය අයුරු ඇය දිනපතා සිතන්නට වුනා. මෙසේ කාලය ගතවෙද්දී සෑම සුන්ඳර ආදර කතාවක වගේම මේ කුමාරය සහ කුමාරිය ආදරෙන් බැඳී විවාහය දක්වා තම බැඳීම අලුත් කර ගත්තා.
ඇත්තටම ඔවුන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන්ම මැවුණු යුවලක් සේ සතුටින් ජීවිතය ගෙනගියා. සෑම දිනකම ඇය ඔහු වෙනුවෙන් සාදන කෝපි කෝප්පයට ලුණු එකතු කරන්නත් අමතක කරේ නෑ. මෙසේ වසර 40ක් ගෙවී ගිය තැන ඔහු මිය ගියා. ඒත් ඔහු ඇය වෙත මෙම ලිපිය ඉතිරි කර ගිහින් තිබුණා.
”දයාබර සැසී,
මට සමාවෙන්න. මගේ ජීවිතයේම මම ඔයාට කළේ ලොකු බොරුවක්. වංචාවක්. මම ඔයාට කරපු එකම බොරුව එය පමණයි, ඒ තමයි අපි මුණගැසුනු පලමු දවසේ මම බිව් ලුණු එකතු කරපු කෝපි කෝප්පය. එදා මට ඔයා එක්ක කතා කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව බොහොම චකිතයෙන් සිටි මොහොතකයි වේටර් එතැනින් ගමන් කරේ. ඇත්තටම මට ඕන වුනේ සීනි, ඒත් මා හට කියැවුනේ ලුණු අවශ්‍ය බවයි. ඒ වෙලාවේ මට ඒ කියැවුනු දේ වෙනස් කරන්නවත් සිතක් තිබුණේ නෑ. මම මොහොතකට වත් හිතුවේ නෑ අපේ කතාබහ පටන් ගැන්මෙදිම ඔයාට බොරුවක් කියන්න වේවි කියලා. මට ඔයාට මේ දේ කියන්න ජීවිතේ පුරාවටම ඕන වුනත් ඒ හැම මොහොතෙදිම මට ඔයාට ඒ දේ කියන්න හිතට ශක්තියක් තිබුණේ නෑ. ඒත් දැන් මම මැරෙන්න ලංවෙලා නිසා මට ඔයාට මේ දේ කියන්න පුළුවන්. මම කවදාවත් ලුණු දැමූ කෝපි වලට ආස කරේ නෑ සැසී. ඒ තිත්ත රස කොච්චර නම් බීමට අමාරුද කියලා ඔයාට හිතාගන්නවත් බෑ. ඒත් මම ඔයා එක්ක ගෙවපු ජීවිතය පුරාවටම ඒ තිත්ත රස ආදරයෙන් රසවින්ඳා. ඔයා මගේ ජීවිතේ ඉන්න නිසා මට ඒ දේ දරාගන්න එක අමාරු දෙයක් වුනේ නෑ. ඔයා මගේ ජීවිතේට ආපු එක තරම් සතුටක් මට වෙනත් නෑ සැසී. මට තව වතාවක් ජීවත් වෙන්න ලැබුනොත් ඒ ජීවිතේ පුරාවටමත් මට ඔයාව ඕන, ලුණු දාපු කෝපි කෝප්ප තව ආත්ම ගණනක් බොන්න වුනත් පුළුවන් මට ඔයාව ලැබෙනවා නම්.”
ඇයගේ දෑසින් කඳුලු කැට වැගිරෙන්නට වුනා. දිනක් ඇයගෙන් කෙනෙකු ලුණු දැමූ කෝපි මොන රසදැයි විමසූ විට ඇය සිනාසී මෙසේ පැවසූවා.
”ඒක හරිම මිහිරි රසයක්, හරියටම ආදරේ පිරුණු ජීවිතයක් වගේ”
“Love is not to forget but to forgive, not to see but understand, not to hear but to listen, not to let go but HOLD ON.”
මොනව හරි හේතුවක් නිසා ඔයා ආදරය කරන කෙනෙක්, ඔයාට ආදරය කරන කෙනෙක් ඔයා අමතක කරලා දාලා ඉන්නවනම් දැන්ම කතා කරන්න.
වැරැුද්දක් වුනානම් සමාව ගන්න. සමාව ගත්තා කියලා තත්වෙට අඩුවක් වෙන්නෙ නෑ.ආදරේ කරන්න, අහස තරම්…







