by Danesh Edirisooriya | Jan 8, 2013 | Stories
එක්තරා කාලෙක රජ කෙනෙක් සියලුම රජ සම්පත් වලින් ආඪයව කල් ගත කරන ලදී. සියලු සැප සම්පත් තිබුණද ඔහු තුළ සතුටක් නම් නොවීය.
දිනක් උද්‍යානයෙහි සක්මන් කරමින් සිටින මොහුට ඉතා දිළිඳු උයන් පල්ලෙකු බොහෝමත් සතුටින්, ගීතයක් මුමුණමින් තම රාජකාරියෙහි නිරතවනු දැකගත හැකිවිය. මෙයින් පුදුමයට පත්වූ රජු, උයන්පල්ලා ගෙන්වා ඔහු මෙපමණ දිළිඳු බවින් යුතුවත් සතුටින් සිටීමට හේතුව විමසන ලදී.
”දේවයන්වහන්ස, මම බොහෝම දිළිඳු බව නම් ඇත්ත, ඒත් මමයි මගේ බිරිඳයි ළමයි ටික දෙනයි ඉන්නේ බොහෝම සතුටින්. එයාලා ගැන හිතද්දී මට කිසිම දුකක් දැනෙන් නෑ. දැනෙන්නේ අසීමිත සතුටක් පමණයි.” මේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ රජු වහාම තම පුරෝහිත ගෙන්වා සැප සම්පත් වලින් අඩුවක් නොමැති තමා සතුටින් නොමැති වීමටත්, දිළිඳු උයන්පල්ලා නිරන්තරයෙන් සතුටින් සිටීමටත් හේතුව විචාලේය.
මේකයි රජතුමනි, ඔය උයන්පල්ලා තවම 99 කණ්ඩායමට බැඳිලා නෑ. ඔබ වහන්සේටත් 99 කණ්ඩායම ගැන දැනගන්න ඕන නම් අද රෑ ඔහු සේවය කරන උද්‍යාන කොටසේ රන් කාසි 99ක් සහිත කාසි පොදියක් තබන්න. උදෑසන සේවයට පැමිණි උයන්පල්ලා හට රන් කාසි පොදිය හමුවිය. ඔහු එය ඉතාමත් සතුටින් රැගෙන එය සඟවාගෙන තම නිවෙසට ගෙනයන ලදී. ඉතා සතුටින් සිටි ඔහු කාසි ටික එකින් එක ගණින්නට වුවද එහි ඇත්තේ කාසි 99ක් පමණක් බව ඔහුට වැටහිණි.
නැවතත් ගැන බැලුවද එය එසේම විය. මීලඟ දිනයේද රජු පෙර පරිදිම රන් කාසි 99ක් සහිත මල්ලක් උයනෙහි තබා උයන්පල්ලා දෙස සෝදිසියෙන් බලා සිටින්නට විය. මෙවරද ඔහු එය සඟවාගෙන නිවසට ගෙනයන ලදී. පෙර පරිදිම ගැන බැලූ ඔහුට එහි ඇත්තේ කාසි 99ක් පමණක් බව වැටහිණි. කිහිප වරක් ගැන බැලුවද ප්‍රතිඵලය පෙර පරිදිම විය. ඔහු අතින් සිදුවන වරදක් නිසා දෙවියන් ඔහු හට මෙලෙස කාසියක් අඩුවෙන් ලබාදෙන බව ඔහු සිතන්නට විය. නැතිනම් කිසිම අයෙකු කාසි 99ක් නොදෙන බව ඔහු ඔහුටම කියාගනිමින් මින්පසු වෙනදාටත් වඩා මහන්සි වී වැඩ කිරීමට සිතා ගති. කොතෙක් මහන්සි වී සේවයේ යෙදුනද ඔහුට දිනපතා ලැබෙන කාසි ගණන 99ක් පමණක්ම විය.
තමන්ට නියමාකාරයෙන් කාසි ගණන ඉපැයීමට උදව් නොකරනවායැයි ඔහු තම බිරිඳට සහ දරුවන්ට බැණ වදින්නට විය. වෙනදා සතුටින්, ගීතයක් මුමුණමින් රාජකාරියේ යෙදුනු ඔහුගෙන් ඒ සතුට දැකගත නොහැකි විය. පුරෝහිත රජු වෙත පැමිණ මෙසේ ඒ සිදුවීම විස්තර කරන ලදී… ”දේවයන්වහන්ස, දැන් උයන්පල්ලා නීත්‍යානුකූලව 99 කණ්ඩායමට බැඳිල ඉන්නේ.
99 කණ්ඩායම කියන්නේ සතුටින් ඉන්න ඇති තරම් දේවල් තිබුණත් නැති දෙයක් ගැන හිතල දුක්වෙන, පසුතැවෙන මිනිස්සුන් කණ්ඩායමට. මොකද ඒ අය නිතරම ක්‍රියා කරන්නේ ”අන්තිම එකත් අරගෙනම නතර කරනවා” කියන අදහසින්. ඉතිං කවදාවත් ලද දෙයින් සෑහීමකට පත්වෙන්නේ නෑ. ආශාවන්ගේ අවසානයක් නෑ. නොදැනීම සතුට කියන දේ ජීවිතෙන් මග හැරිලා.” ජීවිතේ සතුට කියන්නේ මුදල් කියන දේම නෙවෙයි නේද යාලුවනේ. ආශාවන් සීමිත වෙනකොට සතුට කියන දේ අපේ ජීවිත වලට බොහොම ලඟයි කියලයි මට නම් හිතෙන්නේ.
by Danesh Edirisooriya | Jan 8, 2013 | Stories
එක්තරා කාලයක වෙළෙන්දෙක් හිටියා. සල්ලි ගොඩාක් තිබුන මේ වෙළෙන්දට හිටියා නෝනලා 04 දෙනෙක්
ඔහු මේ හිටිය නෝනලගෙන් හතරවෙනි නෝනට ගොඩාක් ආදරය කලා, ආභරණ වලින් සැරසුවා වගේම ලස්සන ඇදුම් වලිනුත් සැරසුවා. ඇයව හොදින්ම රැක බලා ගත්තා. තුන්වෙනි නෝනාටත් මේ වෙළෙන්දා ගොඩාක් ආදරෙයි. වෙළෙන්දා නිතරම එයාව තියාගත්තේ එයාගේ යාලුවන්ට පෙන්වන්න. ඒ නෝනා ගැන එයා ගොඩාක් ආඩම්බරත් වුනා. පොඩි බයකුත් තිබුනා කවුරු හරි ඒ නෝනා අරගෙන යාවි කියලත්. දෙවනි නෝනාටත් මේ වෙළෙන්දා ආදරෙයි.. ඒ නෝනා ගොඩාක් මැදිහත් ඒ වගේම හරි ඉවසිලිවන්තයි. මේ පෝසත් වෙළෙන්දට ප්‍රශ්ණයක් වුන හැම වේලාවේම ඒ ගැන යමක් අහන්නෙත් මේ දෙවන නෝනගෙන් තමා. ඇය හැම අමාරු වෙලාවේම මේ වෙළෙන්දත් එක්කමයි. දන්නවද? මේ වෙළෙන්දාගේ පළමු වැනි නෝනා බොහෝම ගෞරවයෙන් යුතු කෙනෙක්. වෙළෙන්දාගේ වත්කම්, ව්‍යාපාර වගේම ගෙවල් දොරවල් පිළවෙල ගැනත් හොයා බැලුවේ මේ පළමු වැනි නෝනා.
එයා වෙළෙන්දත් එක්ක නිතරම එකට ඉන්න හැදුවට වෙළෙන්දා මේ පළමු නෝනාට ආදරේ කලෙත් නෑ ඇය ගැන සොයා බැලුවෙත් නෑ. ඒත් ඇය ඔහුට හිත ගැඹුරෙන්ම ආදරය කළා. ඉතින් කාලය මෙහෙම ගෙවීගෙන ගෙවීගෙන යද්දි දවසක් මේ වෙළෙන්දා හොදට ම ලෙඩ වුනා. ඔහු දැන ගත්තා ඔහු ඉක්මනින් මැරෙන්න යනවා කියලත්. අන්න ඒ හින්දම වෙළෙන්දා කල්පනා කලා “මම මෙච්චර සැප සම්පත් එක්ක වගේම නෝනලා හතර දෙනෙකුත් එක්කම ගොඩාක් සතුටින් තමා හිටියේ, හැබැයි මැරුනොත් නම් මම තනිවේවි.“ මෙහෙම හිතුන වෙළෙන්දා බැලුවා නෝනලවත් තමන් එක්ක එක්කන් යන්න.
වෙළෙන්දා මුලින්ම හතරවෙනි නෝනාට කතා කලා. කතා කරලා කිව්වා “ මම ඔයාට ගොඩාක් ආදරේ කලා, හොඳ ආභරණ, රෙදි ඔයාට දුන්නා. ඉතින් දැන් මම මැරෙන්න යන්නේ ඔයා එනවද මාත් එක්ක යන්න? “ මේ හතරවෙනි නෝනා ගත් කටටම වෙළෙන්දාට “ බැහැ“ කියලා කිව්වා. ඒ කතාවට වෙළෙන්දාගේ හදවතට පිහියෙන් ඇන්නා වගේ වුනා.
වෙළෙන්දා තුන්වෙනි නෝනාගෙනුත් ඇහුවා අර ප්‍රශ්ණෙම. ඇය කියනවා “මේ ජිවිතේ කොච්චර හොඳද. ඔයා මැරුණම මම වෙන කෙනෙක්ව කසාද බඳිනවා. ඒ නිසා ඔයත් එක්ක එන්න බෑ“ කියලා. වෙළෙන්දට තවත් දුකයි, ඔහුගේ හදවත සීතල වෙනවා. කොහොමටත් කියලා ඔහු කතා කරනවා දෙවන බිරිඳට, ඇයගෙන් වෙළෙන්දා ඇහුවා ඔයා ඕනම ප්‍රශ්ණෙකදී මාත් එක්කම හිටියා, දැන් මම මැරෙන්න යන්නේ. ඔයා එනවද මාත් එක්ක? දෙවන බිරිද ටිකක් කල්පනා කරලා මෙහෙම කියනවා. “මට සමාවෙන්න. මේ පාර නම් මට ඒක කරන්න බැරි වෙනවා. හැබැයි ඔයත් එක්ක ඔයාගේ සොහොන ගාවට නම් එනවා“ කියලා.
ඒ උත්තරයත් වෙළෙන්දාට දැනුනේ හරියට අකුණක් කෙටුවා වගේ. එක පාරටම අසරණ වෙළෙන්දාට ඇහෙනවා “ මම එනවා ඔයත් එක්ක, ඔයා කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා“ වෙළෙන්දා බැලුවා වටපිට ඒ ඔහුගේ පළවෙනි නෝනා, එයා හරියට දුර්වල වෙලා. වෙළෙන්දාට දුක හිතෙනවා. ඔහු කියනවා, “ අයියෝ… මට පුළුවන්කම තිබුණ කාලේදී ඔයාව හොදින් බලාගන්න තිබුණා…“ කියලා.
දන්නවද??? මේ වගේ නෝනාලා හතර දෙනෙක් අපේ ජිවිත වලත් ඉන්නවා. කවුද ඒ??? හතරවෙනි නෝනා තමා අපේ ශරීරය. කොච්චර වේලාව අරන් හැඩ වැඩ දාලා ලස්සන කලත් අපි මැරෙන වේලාවට එයා අපිව දාලා යනවා. ම්… තුන්වෙනි නෝනා, ඒ තමා අපේ තත්ත්වය, වත්කම. අයියෝ. අපි මැරුනම ඒ ඔක්කෝම අනුන්ගේ. දෙවනි නෝනා, ඒ තමා අපේ දෙමව්පියන් හා යාලුවෝ ටික. ඕනම දේකට ජිවත් වෙද්දි අපි ළඟ ඉන්නවා. හැබැයි අපි මැරුණම අපේ සොහොනගාව හිටගෙන ඉන්නවා විතරයි.
පළවෙනි නෝනා තමා අපි කවදාවත්ම මුදලින්, වටිණ රෙදි වලින්, සතුටෙන් සරසවන්නෙ නැති අපේ ආත්මය. අද ඉඳන් අපි අපේ ආත්මයට ගරු කරමු. ආත්මයම නිවී සුවපත් වෙන ජීවිතයක් ගත කරමු.
by Danesh Edirisooriya | Jan 8, 2013 | Stories
තමන්ගේ වයසක ආදරණීය බිරිඳ නැතිවුනාට පස්සේ තනිවුන වයසක ඔහු එයාගේ එකම පුතයි, ලේලියයි අවුරුදු 4ක් වුණු මුණුබුරයි ඉන්න ගෙදර පදිංචියට යන්න ගියා. අත් වේවලනවා. පෙනීමත් දැන් බොහෝම දුර්වලයි. අනික වයස හින්දම ඇවිදින්නෙත් බොහෝම අමාරුවෙන්. මේ පවුල රාත්‍රියට තමන්ගේ කෑම වේල ගන්නේ එකම මේසයක වාඩිවෙලා. සුහුද කතා බහත් එක්ක. සීයත් මේ මේසේම කෑම කනවා. හැබැයි හැමදාම වගේ වයසක සීයා එහෙම නැතිනම් මේ ගෙදර පුතාගේ ”තාත්තා” මේසේ පුරාමයි, බිමයි කෑම ජාති හලා ගන්නවා. ඒ මිදිවට පිගන් කෝප්ප එහෙමත්. ඒ ඉතින් එයා වයස හින්දා. ලේලියට වගේම පුතාටත් මේක කරදරයක්. දවසක් ලේලිය කෑම මේසේදීම තරහින් තම ස්වාමිපුරුෂයාට මෙහෙම කියනවා… ”මේක නම් හරියන්නේ නෑ. මට දැන් ඇති වෙලා තියෙන්නේ. හැමදාම එක වගේ, ඔයාගේ තාත්තටට නම් මොකක් හරිම කරන්න වෙනවා
හැමදාම කෑම හලා ගන්නවා. මට තියෙන වැඩ මදිවට තව වද දෙනවා.” පුංචි පුතත් පුදුමයෙන් මේ දේ බලා හිටියා.
ඊලග දවසේ මේ නෝනයි මහත්තයයි දෙන්නා ගේ මුල්ලක පොඩි මේසයකුයි, පුටුවකුයි හදලා වෙනදා කෑම වෙලාවට සීයගේ කෑම වේල එතනට ලැහැස්ති කලා. ඒ විතරක් නෙවේ. මේ ලේලිය තමන්ගේ පුංචි දරුවට ඒකට ඕන තවත් දේ ගේන්නත් කිව්වා. ”පුතේ… සීයට කෑම දෙන්න ඔය ලී පිඟාන මෙහේට අරන් එන්නකෝ. දැන් ඉතින් ඔයාගේ සීයා කොච්චර පිඟන්, කෑම බිම දැම්මත් කමක් නෑ. දැක්කද කෑම කන්නේ මුල්ලකනේ. අනික පිගානත් ලී.. ඇය සතුටෙන්ම කිව්වා.” පුංචි පුතා, මේ සියගේ මුණුබුරා ලී පිගානත් ගෙනල්ලා දුන්නා. දින ගත වී ගෙන යනවා… මේ පවුල තමන්ගේ කෑම වේල් සතුටින් පුරුදු මේසේම ගන්නවා. සීයා මුල්ලක තියෙන මේසයේ ලී පිගානක තමන්ගේ කෑම වේල ගන්නවා. එකත් වෙව්ල වෙව්ල හරිම දුකෙන්. ඉඳ හිට කඳුලු බිංඳුවක් දෙකක් බත් පිඟානට නොවටුණා නෙවෙයි.
සතියකට විතර පස්සේ පුතා වැඩ ඇරිලා ගෙදර එනකොට පුංචි පුතා ලී කෑලි වගයක් අරගෙන සෙල්ලමක් කරනවා. ”පුතේ… මොනාද පුතේ ඔයා ඔය හදන්නේ? සෙල්ලම් වාහනයක්ද?” ඔහු ආදරයෙන් ඇහුවා. ”නෑ නෑ තාත්තේ… මම මේ ලී පිඟන් දෙකක් හදනවා.”
”ඒ මොකටද පුතේ ඒ?” ”අර අපේ සීයට දුන්නේ, අන්න ඒ වගේ අම්මයි තාත්තායි වයසට ගියාම කෑම දෙන්න පිඟන් දෙකක් ඕනනේ. මම ඒවා හදනවා.” පොඩි එකා කිසිම ගාණක් නැතිව උත්තර දුන්නා. මේ පිලිතුර දුන් ගමන්ම පුතාගේ වගේම ඒ ගැන බලන් හිටපු ලේලියටත් කට උත්තර නැතිව ගියා. ඒ දෙන්නා මුහුනට මුහුන බැලුවා.
එදා හවසම පුතයි ලේලියි අර ගේ මුල්ලක තිබුනු ලී මේසය අයින් කරලා දැම්මා. මුල් දවස් වල වගේම එකම මේසයක එකට වාඩිවෙලා මේ පුතයි ලේලියි, මේ අසරණ ”තාත්තා” නැතිනම් මුනුපුරාගේ සීයා කෑම කනවා. මොන දේ ඉහිරුනත් ඒ ගැන කිසිම දොසක් නොකියන්නත් මේ වයසක තාත්තට හොදින් සලකන්නත් යුතුකම් හොදින් ඉටුකරන්නත් වග බලා ගත්තා. පුංචි ළමයි හැමදේම හරි අවධානයෙන් බලනවා. මොකද ඔවුන් ක්‍රියා කරන්නේ අපි ක්‍රියා කරන විදිහ බලලා ගන්න අදහසින්. අන්න එයින් මනසට, බුද්ධියට ලැබෙන දේ සමහරක් ඔවුන් අනාගතයටත් ඉතිරි කරගන්නවා. ඉතින් පුංචි ළමයි ඉදිරියේ එහෙම වැරදි දේ නොකරන්නත්, අපි හදා වඩා ගත්ත අපේ අත පය දැඩි කල අපේ දෙමව්පියන්ටත් ඔවුන් මොන තත්වයේ සිටියත් කලගුණ සලකන්නත් අපි වගබලා ගතයුතුයි ! මොකද අපිට ඒකට ලැබෙන්නේ බොහෝම ටික කාලයක් විතරයි.
by Danesh Edirisooriya | Jan 8, 2013 | Stories
දවසක් ගුවන් යානයක් වලාකුළු වලටත් ඉහලින් පියාසර කරමින් තිබෙන අවස්ථාවක
ගුවන් යානයේ සමබරතාවය නැතිව දෙපැත්තට පැද්දෙන්න පටන්ගත්ත
මුළු ගුවන් යානයේම හිටිය මිනිස්සු බයෙන් කෑ ගහන්න පටන් ගත්ත.
ඒත් එකම එක පුංචි ගෑනු ළමයෙක් විතරක් මේ බවක් නොදැනුනා
වගේ එයාගෙ සෙල්ලම්බඩු වලින් සෙල්ලම් කරන්න පටන් ගත්ත
පැයකට විතර පස්සෙ මේ ගුවන් යානය ආරක්ෂිතව ගුවන් තොටුපලට ගොඩබෑව
එක මනුස්සයෙක් ගුවන් යානයෙන් බිමට ආවට පස්සෙ
ගිහින් අර පුංචි ගෑනු ළමයාගෙන් ඇහුව
“කොහොමද ඔයා ඔක්කොම මිනිස්සු බය වෙලා ඉන්න වෙලාවෙ බය නැතුව සෙල්ලම් කලේ” කියල.
ඒ පුංචි ගෑනු ළමය උත්තර දුන්න,
“මේ ගුවන් යානෙ පදවන්නෙ මගේ තාත්ත
මම දැනගෙන හිටිය මගේ තාත්ත කවදාවත් මට කරදරයක් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ කියල”
ඕනෙම ගැහැනු ළමයෙක් බලා පොරොත්තු වෙන්නේ තාත්තා වගේම තමන්ව ආදරෙන් විශ්වාසයෙන් බලා ගන්න ස්වාමියෙක්ව.
by Danesh Edirisooriya | Jan 6, 2013 | Stories
මං ඉපදුන දවසේ මාව වැළඳගන්න ගැහැණියක් හිටියා. එයා මගේ අම්මා
මං ලොකු වෙනකොට මාව බලාගන්න, මාත් එකක් සෙල්ලම් කරන්න. එයා මගේ සහෝදරිය
මං පාසල් ගියහම මට ඉගෙන ගන්න ගැහැණු කෙනෙක් උදව් කලා. ඒ මගේ ගුරුතුමිය
මට දුකක් ඇතිවුනහම උරහිසට හේත්තු වෙන්න ගැහැණු කෙනෙක් හිටියා. ඒ මගේ ගැහැණු ළමයා
මාව අසනීප උනහම මාව බලාගන්න, මගේ තනියට ඉන්න ගැහැණු කෙනෙක් හිටියා. ඒ මගේ බිරිඳ
මට තරහ ගියහම මගේ හදවත උණු කරන්න, මගේ තරහව අඩු කරන්න ගැහැණු කෙනෙක් හිටියා. ඒ මගේ දුව
මාව මැරුණහම මාව පොළොවට එකතු කරගන්න මගේ මව් බිම තියෙනවා
ඔබ පිරිමියෙක් නම් සෑම ගැහැණියක්ම අගය කරන්න…
ඔබ ගැහැණියක් නම් ඒ පිළිබඳ ආඩම්බර වන්න.
by Danesh Edirisooriya | Dec 31, 2012 | Stories
මට දැන් අවුරුදු 26යි. තාම තනිකඩයි. ගෑණු ළමයෙක් ඉන්නවා. ඒත් එයාට ගෙදරින් කැමති නැහැ… එයාට මං ගොඩක් ආදරෙයි… එයා මට මුණගැහුනේ 2007. මගේ අම්මා, තාත්තට මාව ලැබුනේ 1986, අවුරුදු 26ට කලින්. ඉතිං ගෑණු ළමයට ආදරෙයි කියලා මට එයාලව දාලා යන්න බෑනේ. ඒක හින්දා අපි දෙපැත්තකට වුණා. ඒත් කැමැත්ත දෙනකම් තාමත් දෙන්නම බලාගෙන ඉන්නවා එකතු වෙන්න.
මං 1998 තමයි ඉස්සරවෙලාම පරිගණක පැත්තට යොමුවුනේ. තනියම තමයි ඉගෙන ගත්තේ. පරිගණක පාඨමාලාවක් මුලින්ම කලේ 2012දී. එතකම් මං හැමදෙයක්ම ඉගෙන ගත්තේ තනියම. හැබැයි මං බය නැතුව කියනවා ඩිග්රි එකක් තියෙන කෙනෙක්ට වඩා මං ඉදිරියෙන් ඉන්නවා කියලා.
මං පරිගණක ක්ෂේත‍්‍රයේ වෙබ්, ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් සහ මොබයිල් ඇප්ලිකේෂන් වගේම රොබෝ තාක්‍ෂණය පිළිබඳද දැනුම තියෙන කෙනෙක්… හැම දෙයක්ම වෙනස් විදිහට හිතන කෙනෙක්…
හ්ම් දැන් ඔය කතා ඇති මං ඉක්මනටම 2012 අවුරුද්දට එන්නම්…
මං මුලින්ම රැකියාවක් කලේ 2007. ඒ අපේ ගමේ. ඊට පස්සේ කොළඔට ආවා 2009 ජනවාරි 01. මං ඒ ගෙදරින් පිට හිටියමයි… මං ගොඩක් හුරතලයට හැදුන කෙනෙක්. ගෙදරින් එළියට බහින්නෙම නෑ… ගෙදර අය හරියට බයෙන් හිටියේ තනියෙන් තියන්න. ඒත් මං හිටියා. 2009 අපේ‍්‍රල් 24 මගේ තාත්තා නැතිවුනා. ඊට පස්සේ තමයි මට ගොඩක් තේරුනේ තනියම ඉන්න එක කොච්චර අමාරුද කියලා…
ඒත් මං පුරුදු වුනා තනියම ජීවිතේ ගෙවන්න. එදා ඉඳන් මං වැඩකලේ එකම ආයතනයක. ඒක සමාජ සේවය වගේම තාක්‍ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක්. 2011 අවසානයේ මට හිතුනා ජීවිතේ ලොකු අඩුවක් තියේ කියලා. මොකද මං නිදාගත්තේ දවසට පැය 2,3යි. ලැප් එකේ එක දිගට වැඩ කලා. අළුත් අළුත් නිර්මාණ ගොඩක් හැදුවා. මගේ විනෝදාංශය වුනේ නව නිර්මාණ… තාක්‍ෂණික නිර්මාණ… ඒවායින් මගේ ජීවිතය සතුටින් පිරුනා. සල්ලි ගැන මං වැඩිය හිතුවේ. මගේ සැලරි එක එන බෑන්ක් කාර්ඩ් එක තිබ්බේ අයියා ගාව. මං කෑමට සහ බස් එකේ යන්න විතරයි සල්ලි ඉල්ලගත්තේ… ඉතිරි දේවල් එයාට…
ඒත් ජීවිතේ ලොකු අඩුවක් දැනුනා… මං හිතුවා රැකියාවෙන් අයින් වෙන්න. ජීවිතය වෙනස් විදිහට විඳලා බලන්න හිතුවා. අධ්‍යාපනය ගැනත් හිතුවා. ඊට පස්සේ මං මගේ පරිගණක උපාධිය ගන්න අධ්‍යාපන ආයතනයකට ගියා… ඒ ටිකේ ඉන්න ලොකු ගෙයකුත් ගත්තා. ක්ලාස් යන්නේ සතියට එක දවසයි. ඉතිරි ටික ඒ ගෙදර. මං තනියම උයන්න පුරුදු වුනා… මගේ යාළු අක්කා කෙනෙක් හිටියා එයා මට උයන හැටි පොතක් දුන්නා, මං ඒක බලාගෙන කෑම හැදුවා. රස නැති වුනත් ලස්සනට…
අපේ ගමේ ගෙදර වත්ත පුරාම මං මල් හැදුවා… මේ තියෙන්නේ මං හදපු මල්…
1. https://www.facebook.com/media/set/?set=a.343177499052933.70338.100000820578834&type=3
2. https://www.facebook.com/media/set/?set=a.335934506443899.68998.100000820578834&type=3
3. https://www.facebook.com/media/set/?set=a.330338263670190.67882.100000820578834&type=3
මං ඕවා හදන්න ගෙදරදි ගොඩක් මහන්සි වුනා… දවසම හිටියේ මල් එක්ක… ඊට පස්සේ අම්මට උදව් කලා උයන්න, මිරිස කපන්න, හාල්මැස්සෝ සුද්ධ කරන්න වගේ පොඩි පොඩි දේවල් වලට… මං ඒවා කරන අතර ඒවා ගොඩක් ආසාවෙන් වින්ඳා….
තනියම මැලේසියා ගිහින් සතියක් ඇවිදලා ආවා… ලංකාව පුරා ගියා… එක එක දේවල් ඉගෙන ගත්තා… ආදරේ කලා. අළුතෙන් යාළුවෝ අඳුරගත්තා…මගේ හොඳම යාළුවාව මං අඳුරගත්තේ මීට මාස 4ට කලින්…
හවසට අහස දිහා බලාගෙන ඉන්නවා… හඳ තරු දිහා බලාගෙන ඉන්නවා… ඇල ලගට ගිහින් මාළු පීනන හැටි බලාගෙන ඉන්නවා… කකුල් දෙක ඇලට දාගෙන ඉන්නවා…ගස්වල කූඹි යන දිහා බලාගෙන ඉන්නවා… අහසේ වලාකුළු පාවෙන දිහා බලාගෙන ඉන්නවා… ඔය වගේ වැඩ තමයි කලේ…
ක්ලාස් එක මැයි වල ඉවර වුනා. ඊට පස්සේ මං ආයෙත් ජොබ් එකට ගියේ නැහැ. ඒත් සතියට දවසක් එතනට ගිහින් කෙරෙන්න ඕන වැඩ ටික කෙරුවා… ඉතිරි දවස් 6 නිදහසේ ගත කලා… හැමෝම මේක කරන්න එපා… මට ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙන නිසයි මං එහෙම කලේ… ඒක නිසා හැමෝටම මේක ප‍්‍රායෝගිකව කරන්න බෑ… හැබැයි මේ ඇති තරම් කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මට ගොඩක් සල්ලි ඕන නැහැ. මට ජීවත් වෙන්න සල්ලි තිබ්බහම ඇති පොඩ්ඩක්… කෑමටයි… ටෙලිෆෝන් සහ ඉන්ටර්නෙට් බිලටයි, බස් එකේ යන්නයි, බෝඩිමටයි විතරයි මට සල්ලි වුවමනා කරන්නේ.
අනික වැදගත්ම දේ තමයි මං මාස 3ක් ම එක දිගට කිසිම වැඩක් නොකර “ආදරෙයි අහස තරම්” එක්ක හිටියා… ඒක නිසා මගේ හිත සැහැල්ලු වුනා ගොඩක්… මගේ හිතේ තියෙන හැම දෙයක්ම ප‍්‍රකාශ කරන්න ඒක වේදිකාවක් වුනා… අනෙක් අයටත් එහෙමයි…
ඉතිං මං සතුටෙන් ඉන්නවා… ජීවිතේ අත් විඳින පොඩි පොඩි දේවලින් මට සතුට ගේනවා… කොහොම වුනත් එක එක්කෙනා ජීවිතේ විඳින්නේ වෙනස් විදිහට… ඔයාලට ගැලපෙන විදිහට ජීවිතේ විඳින්න… ඒත් විඳවන්න එපා…