අද උදේ මං ඔෆිස් එන්න ලෑස්ති වෙනකොට ගෙදරින් කතාකලා…
මං දන්නවා ඒ අම්මා කියලා… මොකද ඒ වෙලාවට අනෙක් හැමෝම වැඩට ගිහින් අම්මා විතරයි ඉන්නේ ගෙදර…
“පුතේ කොහෙද ඉන්නේ “කියලා ඇහුවා…
“මං බෝඩිමේ ඉන්නේ අම්මේ ඇයි?” කියලා ඇහුවා…
මොකද මං බයවුණා අපේ කිරි අම්මට හොඳටම අසනීපයි… එයා ගැනවත් කියන්න කතා කලාද කියලා…
අම්මා කීවා,
“නෑ පුතේ මට උදේ බඬේ ගින්දරක් වගේ ආවා ඒකයි කතා කලේ” කියලා…
මගේ ඇස්වලට කඳුලූ ආවා…
අම්මලා අපි ගැන කොච්චර හිතනවද, කොච්චර ආදරේද අපිට…
මොනදේ වුනත් නොවෙනස් වන ආදරයක් අම්මා ලග තියෙනවා…
ඒකට සම කරන්න පුලුවන් ආදරයක් කිසිම කෙනෙක් ගාව නැහැ…
ඒත් ගොඩක් අය තමන්ගේ ආදරවන්තිය, බිරිඳ නිසා තමන්ගේ අම්මලාට කොච්චරක් නම් දුකක් දෙනවද?
මොනව උනත් දස මසක් කුසේ දරාගෙන අවුරුදු 20ක් විතර අපිව රැක බලාගත්ත, තාමත් අප ගැන හිතන අම්මාව කවදාවත් අමතක කරන්න එපා…
ඉස්කොලෙදි හම්බවෙච්ච, බස්එකේදි මුණ ගැහුණ, කැම්පස් එකේදී ආදර කරන්න හිතුණ ගෑණු ළමයෙක් නිසා තමන්ගේ රත්තරං අම්මව අමතක කරන්න එපා. දොස් කියන්න එපා… අම්මට ඕන ඔයාට හැමවෙලාවෙම හොඳ දේ දෙන්න…
මගේ රත්තරං අම්මට මං ගොඩාක් ආදරෙයි…