බස් කොන්දොස්තරගෙන් පාඩමක්

by | Apr 21, 2013 | Stories | 0 comments

බස් කොන්දොස්තරගෙන් පාඩමක්

අද මං බස් කොන්දොස්තර කෙනෙක්ගෙන් පොඩි දෙයක් ඉගෙන ගත්තා…
මං ඒක දැනගෙන හිටියා… ඒත් මට ඒක අද ගොඩක් හිතට වැදුනා…

මං අද හෝමාගම ගියා. අයියා හම්බවෙන්න කියලා පොඩි වැඩකට. කොටුවෙන් බස් එකේ නැගලා ඒ මනුස්සයට රු. 100ක් දුන්නා. මගෙන් රුපියල් 2ක් ඉල්ලුවා… මං ගත් කටටම නෑ කිව්වා… මොකද අතේ ලැප් බෑග් එකයි… ෆෝන් එකයි නිසා කම්මැලි හිතුනා පර්ස් එකෙන් රු. 2ක් එළියට ගන්න.

ඒ මනුස්සයා එතකොට කිව්වා…

“නෑ කියන්න එපා කොයි වෙලාවකවත්. පොඩ්ඩක් බලන්න, එහෙම තිබ්බනම් මටත් ගොඩක් ලේසියි” කියලා…

මට ලැජ්ජ හිතුනා. ඒත් දෙන්න ගියේ නැහැ ලැජ්ජාව නිසා… වැරැද්ද වෙනුවෙන් මං දුක්වෙනවා… ආයෙත් එහෙම දෙයක් වෙන්නේ නෑ… අපි අපේ පහසුව ගැන හිතනවා වගේම තමයි ඒ මිනිස්සුත් එයාලගේ පහසුව ගැන හිතන්නේ…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments