~හ්ම්~

by | Apr 6, 2013 | Stories | 0 comments

~හ්ම්~

මේ කතාව මගේ ආදරණීය පෙම්වතිය/යෙහෙළිය ගැන…
කතාවක් තියනවනේ තමන්ගේ හොඳම යාලූවා ආදරවන්තිය කරගන්න තියෙනවනම් හොඳයි කියලා..

මට හිතාගන්න බැහැ මොකක්ද වුනේ කියලනම්, එත් එයා මගේ හොඳම යාලූවා වුනා කියලනම් මට තේරෙනවා.. එයා මට ආදරය කරන්න පටන් ගත්තේ, මං එයාට ආදරේ කරන්න පටන්ගත්තේ අපි හොඳ යාලූවො වුණාට පස්සේ..

ඒ 2007, මං ඒ වෙනකොට කෙල්ලෝ දෙන්නෙක්ට ආදරේ කරලා විරහ වේදනාව විඳිමින් හිටියේ… මං මගේම කියලා ආයතනයක් පටන් අරං ඒකේ වැඩ කර කර හිටියේ ඒ කාලේ.. Institute එකක්.

මෙයා මුලින්ම ආවේ මගේ ශිෂ්‍යාවක් විදිහට. මගේනම් කිසි කැමැත්තක් තිබුණේ නැහැ.. මොකද ගමේම කතාව ගිහින් තිබුණේ මෙයයි, මෙයාගෙ අම්මයි දෙන්නම මහ අහංකාර දෙන්නෙක් කියලා.. මනුස්සයෙක්ගේ මූණ බලන්නේ නැහැ.. මුහුණට මුනිච්චි වුනහම මුස්පේන්තුකමට ගස්සගෙන යනවා කියලා..

මං පාරේ එනකොටත් මේ දෙන්නා මුණගැහෙනවා, මාත් හොඳ හැදිච්ච ළමයෙක්.. දැක්කහම 20,30 පාරක් බලන්න හිතෙන ගමේම ඉන්න ලස්සනම කෙල්ල මේ.. ඒත් මම නෙමේ හැරිලා බලන්නේ.. කොහොමත් මං පොඩිකාලේ ඉඳන් හොඳ සංවරව හැදුනේ… ඔය ලස්සන බලලා ආතල් ගන්න උවමනාවක් තිබ්බේ නැහැ.. මගේ ලෝකේ වුණේ වෙනස් දෙයක්.. පාරේ යනකොට මං බිම බලාගෙන යන්නේ.. ගමේ හැමෝම මට ආදරෙයි, හරිම අහිංසකයි කියලා.. තාමත් එහෙමයි… මං මේ මං ගැන කියනවා නෙමෙයි… ඒත් මං අහිංසකයි, ආදරණීයයි… ආ.. ඒ වගේම හුරතල්…පොඩි එවුන් පරාදයි මං ඉස්සරහා..

කොහොම වුනත් මම නෙමේ ඔය ජෝඩුව දිහා හැරිලා බැලූවේ..
පස්සේ තමයි දැනගත්තේ අහංකාරකමට ගස්සගෙන ගියාට අම්මට හොරෙන් කකුල කහන්න කියලා පොඞ්ඩක් නැවතිලා, මං දිහා හොරෙන් බලන විත්තිය… මටත් හොරා ගොඩක් කලක ඉඳන් එයා මට ආදරේ කරලා.. අනේ
මන්දා.. අපරාදේ ඒ කාලේ එයා මට හිතෙන් ආදරේ නොකර මට කිව්වනම් අපි දැන් කසාද බැඳලා ළමයිනුත් ඉන්නවා.. දුවෙකුයි, පුතෙකුයි… ඉස්සරවෙලාම මට ඕන වුනේ දුවෙක්ව.. ආසව තිබ්බා එයා වගේ ලස්සනට ඇඳුම් අන්දවලා හැඩ බලන්න..

කොහොමහරි මේ අහංකාර කෙල්ල ක්ලාස් ආවා.. මං ඉගැන්නුවේ computer. මට එපා වෙලා හිටියේ.. පංතියේ කිසි වැඩක් කරන්නේ නැහැ… මං දිහා බලාගෙන ඉන්නවා..මට උගන්වන්නත් නෑ.. අපහසුතාවයට පත්වෙනවා අපි දෙන්නගේ ඇස් දෙක එකට ගැටෙනකොට… එයා ඇත්තටම ලස්සනයි.. හුරුබුහුටියි… කන්න හිතෙනවා… මාත් ගණන් උස්සගෙන හිටියා… රටේ ලෝකේ කෙල්ලො නැතුවටවෑ ඔය මල හොල්මන මත්තෙ
නැහෙන්නේ කියලා.. අනික මෙයා අපේ අයියට ලයින් දානවා කියලා අපේ අයියා මට කීවා..

පස්සෙයි දැනගත්තේ අයියට ලයින් දාලා තියෙන්නේ එයත් එකක් යාලූවෙන්න නෙමෙයි, අයිය මට පැය 24ම ගාර්ඞ් එක දාගනෙ හිටිය නිසා එයාව යාලූකරගෙන ඒ මාර්ගයෙන් මට කිට්ටුවෙන්න කියලා.. කොහොම හරි ඕක දැනගත්ත දවසේ ඉඳන් අයිය එයත් එකක් නයි වෛරයි.. තාමත් එහෙමයි.. මොකද අපේ අයිය ඇත්තටම මෙයාට කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ…අපේ අයිය මං වගේ නෙමේ. පැණි ඇඹලයෙක්…

සති 2යි ක්ලාස් තිබ්බේ 3 වෙනි සතියේ ක්ලාස් ඉවරවෙලා මෙයා පොඞ්ඩක් නතර වුනා ඉන්ටර්නෙට් යන්න ඕන කියලා.. මාත් computer එකක් ඔන් කරලා දුන්නා.. පැයක් විතර ගියා, දැන් අපි දෙන්නා විතරයි.. වැඩ ඉවර වෙලා එයා කතාවට වැටුනා මාත් එක්ක.. එදාද මන්දා හරියට කටහඩ ඇහුණේ.. ක්ලාස් එකේදී කවදාවත් අහන ප‍්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ..
එයා මං ගැන ඇහුවා… මං හැම වෙලාවෙම ඕපන්.. ඕන එකක් ඕන කෙනෙක්ට කියනවා මයෙ මොකෝ කියලා…

මගෙන් ඇහුවා මට ගර්ල් කෙනෙක් ඉන්නවද කියලා.. මං නෑ කිව්වා.. ඇයි ඇහුවා.. මං මගේ පරණ සිද්ධි එයාට කිව්වා.. ඒවත් ගොඩක් ආදරණීයයි, දුක හිතෙනවා.. මං ඉස්සරහදි කියන්නම්.. අපි දෙන්නා කතා කලේ බිම ඉඳන්.. මං හිතන්නේ මං මොනව හරි කොල වගයක් කප කපා හිටියේ බිම.. මං ගොඩක් නිර්මාණශීලි, එයා මං කොල කපන දිහා ආසාවෙන් බලාගෙන හිටියා, එයාත් ටිකක් කපලා දුන්නා.. එයා ඇහුව මගෙන් ආදරේ කරන්න ආස නැත්ද කියලා…

මං කීවා ආදරේ මගේ ජීවිතේ, හරි ආසයි කියලා…

එයා මගෙන් ඇහුවා මං කැමති මොන වගේ ගෑණූ ළමයෙක්ටද කියලා.. මෙන්න මං කීව දේවල් ටික…
1. ලස්සන වෙන්න ඕන ටිකක්
2. කොන්ඩෙ දිග වෙන්න ඕන
3. පූසන්නට කැමති වෙන්න ඕන
4. Computer Expert කෙනෙක් වෙන්න ඕන කියලා..

එයා “හ්ම්” කියලා යන්න ගියා..

මට එයාව හිතට ඇල්ලූවා, කියන තරම් නරක නැහැ කියලා හිතුණා. කෙහොම හරි ආයෙත් ආවහම කතා කරන්න ආසාවෙන් හිටියේ… සති දෙකක් ගියා.. එයා පංති ආවේ නැහැ… මට දුකයි… දවසක් හදිසියෙම එයා දුවගෙන ඇවිත් මං ඉන්න තැනට කොල කෑල්ලක් දාලා එයා දිව්වා.. කොහොම හරි ඒක මට බලන්න වුනේ නෑ.. අපේ අක්කට ගිහින්
දුන්නා.. එයා තමයි කියෙව්වේ මට ඇහෙන්න..

ඒකේ තිබ්බා එයාගේ කොණ්ඩෙ දිගයි, ලස්සනයි කියලා හිතනවා, පූසන්ට ගොඩාක් කැමතියි, මට දැන් හොඳට computer පුලූවන් කියලා… “ඔයා දැන් මට කැමතිද? ” කියලා… කීවේ ඔක්කොම දේවල් ඇත්ත.. එයා කොරියන් කීබෝර්ඞ් එකකින් හිතාගන්න බැරි තරම් වේගෙන් සිංහල ගහන්න පුරුදු වෙලා.. එයා මං දිහා බලාගෙන කවි ටයිප් කරනවා විනාඩියට… දැන් එයා computer සම්බන්ධ ලොකු ආයතනයක වැඩ කරනවා.. එයා තමයි හැම තැනකදිම ඒ ආයතනයේ මුල්තැන ගත්තේ.. මට මාර ආඩම්බරයි…

එයානම් කියන්නේ “ඔයානේ මගේ සර්” කියලා… ඒත් එයාගේ අධිෂ්ඨානයයි එයාව ඒ තැනට ගෙනාවේ.. මගේ ආදරේ දිනගන්නයි එයා එහෙම කලේ.. කොච්චර ආදරණීයයිද…?

ඔන්න ඔය විදිහට අපේ ආදරේ පටන් ගත්තා…අපි දෙන්නා අවුරුදු 2ක් එතන හිටියා.. අපි දෙන්නා අපේ ගම හිතාගන්න බැරි තරම් දියුණු කලා..ඇත්තම කියනවනම් දැන් 2013, එකම එක කිස් එකයි මං එයාට දුන්නේ, එකත්
වැරුදිලා මුණ හැප්පිච්ච එකක්.. මං ඒකට එයාගෙන් සමාව ගත්තා.. “මට සමාවෙන්න නංගි” කියලා… ඕක මතක් කර කර එයා තාමත් මට විහිලූ කරනවා…

අනේ මන්දා, ඒ බැඳීම හරි පුදුමාකාරයි… ඒකට නමක් නැහැ… කිස් නොකලට එයා මගේ පපුවේ උණුහුමට තුරුල්වෙලා හිටියා… අතින් අල්ලගෙන හිටියා.. අවුරුදු 2ම මට උදේ, දවල් සහ හවස කෑම කැව්වේ මෙයා… මොකද මං කොච්චර හුරතලේට හැදුනද කියනවනම් අතින් කන්න කැමතිම නෑ.. තාමත් එහෙම්මමයි.. ඔෆිස් එකේ අක්කලත් මට කවනවා.. යාලූවො හොයගන්නෙත් කවන්න කැමති අය විතරයි… අම්මා, අක්කලා, අයියලා, අප්පච්චි හැමෝම කවනවා.. හොඳම දේ කියන්නේ මෙයා මට කවන්නේ අපේ තාත්තා ඉස්සරහ…

මතකද මගේ පරණ යාලූවෙක් ගැන කතාවක් තිබ්බේ..? ඒකේ මං කීවේ මෙයා ගැන තමයි.

මේ කාලය ඇතුලතදී මං ගොඩක් අලූත් දේවල් නිර්මාණය කලා. ඔයාලා දන්නවද ඒ දේවල් නිර්මාණය කරද්දි මට මෙයාගෙන් ලැබුණ සහයෝගය මොකක්ද කියලා.. මම කරපු, කියපු දේවල් කිසිම කෙනෙක්ට තේරුණේ නැහැ.. විකාර වගේ පෙණුනේ.. කවුරුවත් ඒවා අහන්න කැමති නෑ.. මගේ එක විශේෂත්වයක් තමයි දකින හිතට එන ඕනෑම දෙයක් මට එසැනින් හදන විදිහ හිතෙනවා.. ඒක හදන්න පුලූවන්.. ඒක මට උපතින් ලැබුණ දෙයක්.. ඒත් මට අවශ්‍ය වුන එකම දේ තමයි.. කවුරු හරි ඒක අහගෙන ඉන්න ඕන. එතකොට තමයි මට ඒ අදහස හරියට එන්නේ..

මෙයා කල එකම දේ “හ්ම්” කීව එක විතරයි.. මොකද මං කීව එක මගුලක්වත් මෙයාට තේරුණේ නැහැ… ඒත් මාව ධෛර්යමත් කරන්න එයා තේරුණා කියලා ඇගෙව්වා… ඒ ඇති මට… අද එයාගේ “හ්ම්” එක නිසා ආයතන කිහිපයක් මිලියන ගානක් හොයලා තියෙනවා මගේ නිර්මාණ වලින්… දහස් සංඛ්‍යාත මිනිසුන් ප‍්‍රමාණයක් ඒ සේවාවන් අත්වින්ඳා..

එයා මගෙන් කවදාවත් මොනවත් ඉල්ලුවේ නැහැ… එයාට ඕන උනේ මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න… අද එයත් හොඳ තැනක, මාත් හොඳ තැනක.. හැබැයි දෙන්නා දෙතැනක…. තාමත් එයා මට ආදරෙයි… මාත් ආදරෙයි..

එයාගේ වගේ වගේ ආදරයක් ලබන්න, මිත‍්‍රත්වයක් ලබන්න
මම ගොඩාක් පිං කරලා තියෙනවා…
ඒත් හැමදාටමත් මගේ කරගන්න බැරි වුනේ
සංසාරේ මංකල ලොකූ
පවකටද කොහෙද…?

ගොඩක් අය හිතන්නේ ආදරේ කරනකොට අපි ගොඩාක් දේවල්
බලාපොරොත්තුවෙනවා කියලා…
ඒත් ආදරේ කියන්නේ හරි සියුම් දෙයක්, මහ මෙරක් ඕන නැහැ..
පුංචි ආදරණීය වචනයක් ඇති..
පැය ගණන් ඕන නැහැ, විනාඩි 5ක් උණුහුම දෙන්න පුලූවන්නම් ඒ ඇති..
දාස් ගණන් වියදම් කරන්න ඕන නැහැ, එක පාරක් ඔලූව අතගාලා
නළල ඉඹින්න පුලූවන්නම් ඒ ඇති…

හැම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියක් සිටිනවා කියලා මම කතාවක් අහලා තියෙනවා. ඒත් මටනම් ඒක වෙනස්. ඔබ සැමදා මා ඉදිරියෙන් සිටියා, මා ලගින් සිටියා. වැටෙන්න යන හැම මොහොතකම මාව අල්ල ගත්තා. කඳුලක් එන හැම මොහොතකම හිනැස්සුවා. සැමවිටම නොසැලී ලගින් සිටියා. ඔබ දැක්වූ මිත‍්‍රත්වය, ආදරය, ලෙන්ගතුකම වෙනුවෙන් මම සැමවිටම ඔබට ගෞරව කරනවා.

මං මේ කතාව ලිව්වේ ඔයාට මං කොච්චර ආදරේද කියලා කියන්න.. මං ඒක කවදාවත් ඔයාගේ මූණට කීවේ නැහැ.. ඒකට මට සමාවෙන්න… ඒත් මට අද හිතෙනවා… අනේ ඔයා මගේ වූනානම්…. මං ඔයා වෙනුවෙන් බලාගෙන
ඉන්නවා… හැමදාමත්… හරියට ඔයා උදේට මම වැඩට යනකම් පාර අයිනට වෙලා අම්මට හොරෙන් 5,6 පාරක් දත් මැද්දා වගේ… ඒ අතීතේ හරි සුන්දරයි… ආදරණීයයි… ඔයාගේ “හ්ම්” අද මාව ලොකු තැනකට ගෙනාව.. මං ඒකට සදා ණයගැතියි…

මං ඔයාට ආදරෙයි සුදු මැණිකේ…

~ඔයාගේ ආදරණීය ධනූ~

සත්‍ය කතාවකි…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments