අම්මගෙ ආශිර්වාද
අම්මගෙන් ආශිර්වාද අරගෙන ප්‍රොජෙක්ට් යන්න කියල
අම්මගෙන් ආශිර්වාද අරගෙන ප්‍රොජෙක්ට් යන්න කියල
අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම පසුගිය දිනක අප සිදුකලා. මෙමගින් අපගේ අරමුණ වන්නේ ඒ පවුල් වල සාමාජිකයින් ධර්මය කරා යොමු කිරීමයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ චෛත්‍යන් අතරින් උද්දේසික චෛත්‍ය ලෙස හදුන්වන පිළිම වහන්සේ උදෙසා නිවැරදි ලෙස වැදුම් පිදුම් කිරීම, උදයට සවසට නිවසේ සියල්ලන් එක්වී පන්සිල් සමාදන් වී පිරිත් කීම, නිසි ලෙස පිළිම වහන්සේ උදෙසා වත්පිළිවෙත් සිදු කිරීමේ ආනිසංස වරක් අප සමග මෙවැනිම පිංකමට සම්බන්ධ වූ ගල්ටැම්මණ්ඩිය විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් පහදා දීම සිදුකලා.
මේ ආච්චි අම්මා ඉන්නේ කොටදෙණියාව. අපි අවුරුදු 3කට කලින් උදව් කලා මේ ආච්චිට. මාව දැක්ක ගමන් දුවගෙන ඇවිත් අනේ මයෙ රත්තරන් අම්මා, මැණික, මගේ පණ අයේ මාව බලන්න ආවා දෙයියෝ, මයෙ අප්පච්චි මට කරපු උදව් මට අමතක නෑ රත්තරනේ කියලා මාව බදාගෙන ඉම්ඹා. පුදුම ආදරයක් තියෙන්නේ මට. ඉතිං මේ අම්මට අපි බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කලා. බලන්න තියෙන සතුට සහ ශ්‍රද්ධාව….
දැහැමි පවුලක් මගින් දැහැමි සමාජයක් බිහි කිරීමේ උතුම් පරමාර්ථය ඇතුව මේ පිංකම සිදුකලේ Udari Wanigasekara අක්කා. ඇයගේ ආදරණීය පුතණුවගේ Nethula Methsithu පුතාගේ උපන්දිනය වෙනුවෙන් තමයි අපි මේ පිංකම සිදුකලේ.
උදෑසන ව්‍යාපෘති වලට යාමට සූදානම් වූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්
හෙට දවසෙන් වැඩි හරියක් නිදාගන්න හිතුවා. ආයේ දවසක් දෙකක් යනකන් මගේ පෝස්ට් දාන්නේ නැහැ. කැමරාව පැත්තකින් තියලා නිදහසේ ඉන්නවා…
ගෙදර ඉන්න ගමන් බිස්නස් වැඩ වගයක් කලා
පෞද්ගලික වැඩ වගයකට නාවලපිටිය යන්න කියලා