අද සවස් වරුවේ වැවකින් නෑවා

by | Apr 6, 2018 | Fun | 0 comments

අද සවස් වරුවේ වැවකින් නෑවා

සැ.යු : වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි, ගැහැණු ළමයි නැරඹීමෙන් වළකින්න. +23 එබීමට පෙර දෙවරක් සිතන්න….

වැඩ ඔක්කොම ඉවර කරලා අපි නාන්න කියලා වැවක් හෙව්වා. ඔක්කොම වැව් හිඳිලා. කිලෝමීටර් 30-40ක් ගිහින් හොයාගත්තා ගල්ලෑලිගම පන්සල ලඟ වැව. වතුර පොඩ්ඩක් තිබ්බා. අපි යනකොට නැන්දලා වගයක් නානවා. අපි ඇහුවා මෙතන නාන්න පුලුවන්ද ගැඹුරු නැද්ද කියලා. අපෝ නෑ නාන්න පුලුවන් ප්රශ්නයක් නෑ කීවා. අපිත් ඉතිං එළ එළ කියලා බහින්න ලැහැස්ති වෙනකොට එක නැන්ද කෙනෙක් කියනවා කිඹුලෝ ? හතරක් විතර ඉන්නව, පත කිඹුලෙකුත් ඉන්නවා කියලා. මොනා කරන්නද ආසාවනේ, කිඹුලා කෑවත් කමක් නෑ කියලා කෝට්ටක් අරන් වැව ගැඹුරුද කියලා බලලා වැවට බැහැලා නාගත්තා… මට ඉතිං ගිලෙන්න, පීනන්න බෑනේ. අතින් වතුර අරන් නාගත්තා. අප්පුච්චා හිටියනම් වෙනදට හිල්පොල්කට්ටෙන් නාවනවනේ… නාලා ඉවරවෙලා ෆොටෝ ෂූට් එකක් එහෙම කරලා අමාරුවෙන් සුදු නෙළුම් මලකුත් කඩාගත්තා…
දවසම මහන්සි වෙලා මෙහෙම නාගත්තහම පුදුම සනීපයක් තියෙන්නේ… නාලා ඉවරවෙනකොට සවස 6 වුණා. ඉන්පසු අපි ඊලඟ ව්යාපෘතියට දෙහිඅත්තකණ්ඩිය යන්න පිටත් වුණා…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments