Tripmo. Anuradapura | www.tripmoanuradapura.biz වෙබ් අඩවියට තාක්ෂණික විශේෂාංග එකතු කිරීම

by | Sep 21, 2018 | Working | 0 comments

Tripmo. Anuradapura | www.tripmoanuradapura.biz වෙබ් අඩවියට තාක්ෂණික විශේෂාංග එකතු කිරීම

“ලොකු උනත්, පොඩි උනත් හැම විටම හැම ගමනක්ම වැදගත්” නිසා ඔයාලට මතකනේ මම Tripmo අනුරාධපුර වෙබ් අඩවිය නිර්මාණය කරලා මිත්‍රයෙක්ට මගේ දැනුමෙන් සත්කාරයක් කලා.

අපි හිතුවා මේ වෙබ් අඩවිය ස්වයංක්‍රීය කරන්න. SamajaSathkara.lk සයිට් එකේ වගේ “සයිට් එකෙන් අහන්න | Ask the Site” සේවාව ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට ඉතිං දුරකතන ගාස්තුත් ඉතිරියි. ඕන දේ ඕන වෙලාවක ලොකු වුනත් පොඩි වුනත් සයිට් එකෙන් කතා කරලම අහන්න.

SamajaSathkara.lk Tech Labs හරහා මම කුඩා පරිමාණ ව්‍යාපාර කරන අයට සමහර වෙලාවට නොමිළයේ හෝ ඉතාමත් අඩුම මිළට වෙබ් අඩවි නිර්මාණය කරලා දෙනවා. 75%ක් මිළ අඩු කරනවා ආයතනයේ හෝ ව්‍යාපාරයේ CSR ව්‍යාපෘති සඳහා SamajaSathkara.lk සම්බන්ධ කරගන්නවනම්. ඉතිං “Tripmo. CSR | සත්කාර” කියන්නේ අන්න ඒ වගේ සේවාවක්. Tripmo. අනුරාධපුර ටැක්සි එකක ඔයාලා ගමනක් ගිහින් ඒ Trip ID එක මේ වෙබ් අඩවියේ Tripmo. CSR සත්කාර මෙනුව වෙත ගොස් Submit කල විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අසරණ වැඩිහිටියෙක්ට, දරුවෙක්ට හෝ සතෙකුට උදව් කිරීම වෙනුවෙන් Tripmo. අනුරාධපුර ශාඛාව මුදල් වෙන් කරනු ලැබේ.

අපි C Rose Maxworth නංගිගේ ලස්සන කටහඬෙන් Tripmo. අනුරාධපුර Hotline එකට Ring-in Tone එකක්ද නිර්මාණය කලා.

හදිසියට ගමනක් යන්න, වැඩ ඇරිල ගෙදර යන්න, බස් එකෙන් බැහැල ඉර වදින්න කලින් වැඩට යන්න, ටැක්සියක් ඕන උනත්, ගාණ සැර නිසා දාඩිය පෙරාගෙන පයින් දුවන්න ඕනෙ නෑ දැන්. පොඩි ගානකට ලොකු දුරක් යන්න… Tripmo සේවාව අගෝස්තු 14 වෙනිදා සිට අනුරාධපුර ඉන්න යාලුවන්ටත් අත් විඳින්න පුලුවන්.

Tripmo – Anuradapura භාරව කටයුතු කරන්නේ මගේ කළ්‍යාණ මිත්‍රයෙක් වෙන Lahiru Chamara Wijesundara මිතුරා. ලහිරු SamajaSathkara.lk වෙනුවෙන් ලොකු සේවාවක් කල කෙනෙක්. ඔයාලා දන්නවනේ සමාජසත්කාර වලට Pay & Go Kiosk ඔස්සේ ආධාර ලබාදෙන සේවාව ලබාගන්න මට උදව් කලේ ලහිරු. සමාජසත්කාර Bizsupport 2.0 ව්‍යාපෘතිය එහෙමත් නැතිනම් MegaPay බිල්පත් ගෙවීමේ සේවාව ඔබට හඳුන්වා දෙන්නත් ඔහු උදව් කලා. ඉතිං ඒ වෙනුවෙන් කළගුණ සැලකීමක් වෙනුවෙනුයි මම ඔහුගේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් Tripmo. Anuradapura වෙබ් අඩවිය නිර්මාණය කරලා දුන්නේ. ඔයාලටත් මේ සේවාව පිළිබඳව වැඩි විස්තර මේ වෙබ් අඩවියෙන් දැනගන්න පුලුවන්. සයිට් එක සම්පූර්ණයෙන්ම හදලා ඉවර වුණහම ඔයාලට කියන්නම්. පහසුවෙන් ගමනක් යන්න විතරක් නෙමේ අනුරාධපුර ඉන්න ඔබගේ ත්‍රීරෝද රථය, මෝටර් රථය tripmo සමග ලියාපදිංචි කරවාගෙන ඉහල ආදායමක් උපයන්නත් ඔබට පුලුවන්….

අනුරාධපුර යාලුවොත් පුරුදුවෙන්න tripmo එකෙන් හයර් යන්න. ගාණ අඩුවෙන හැටි අත්විදින්න, අඩුම මිලට ටැක්සියකින් හයර් එකක් යන්න පුලුවන් Tripmo. වෙතින් විතරයි.

දැන් Tripmo තමයි Trend එක…

No matter how big or small a journey is… it will always matter

වැඩි විස්තර සඳහා පිවිසෙන්න : Tripmo – Anuradapura

සැ.යු : මාගේ ජීවනෝපාය වන්නේ මාගේ පෞද්ගලික වෙබ් අඩවි සහ මෘදුකාංග සංවර්ධන ආයතනය හරහා සිදුකරන නිර්මාණ අලෙවිය වන අතර ලහිරු වසර ගණනාවක සිට මාගේ කල්‍යාණ මිතුරෙක් වන නිසාත් ඔහු මා වෙනුවෙන් සිදුකල උපකාර ඇගෙයීම උදෙසාත් ඔහුගේ වෙබ් අඩවිය නොමිළයේ නිර්මාණය කර දෙන ලදි.

ඔබටත් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0703366488 ඔස්සේ මා හට ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් m.me/Daneshmaduranga

ඔස්සේ චැට් පණිවිඩයක් එවන්න.

සමාජ සේවා සිදුකරන ඔබ වෙනුවෙන් සහ සමාජ ව්‍යවසායකයින්, ස්වයංරැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාර උදෙසා වෙබ් අඩවි නිර්මාණයට 75%ක වට්ටමක් 2018 සැප්තැම්බර් මාසයේදී ලබාදීමට බලාපොරොත්තු වේ.

 

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments