Program එකකට යන්න කියලා

by | Aug 14, 2018 | Getting Ready | 0 comments

Program එකකට යන්න කියලා

මම ගෙදර ඉඳන් ගමනක් යන්න ලැහැස්ති වෙනකොට අපේ ලොකු අයියා (Kumara) මෙන්න මෙහෙමයි මගේ බඩු ලැහැස්ති කරලා දෙන්නේ… මම ඉතිං නාලා කරලා එනකොට ඇඳුම් ඔක්කොම මැදලා, සපත්තු පොලිෂ් කරලා, අනික් දේවලුත් සූදානම් කරලා තියනවා. මම යනකොට ගෙදර හිටියොත් බතුත් කවනවා. හැබැයි ඉතිං හෙටින් පස්සේ ඒ දේවල් මොනවත් නෑ. අවුරුදු 15ක් මාව බලාගත්තා. තාත්තා නැතිවුණාට පස්සේ මගේ වගකීම් ටික ඔක්කොම භාර අරගෙන මට නිදහස දුන්නා වැඩ කරගන්න. හෙට එයයි, නෝනයි බබයි අලුත් ගෙදරකට යනවා. අම්මා, තාත්තා, අක්කලා හැරුණහම ලොකු අයියා තරම් මං වෙනුවෙන් කැපකිරීම් කල කෙනෙක් මිහිපිට නැති තරම්. හැබැයි ඉතිං එයාව මං අගය කිරීම කලේ අඩුවෙන්. ඡායාරූප වල හිටියේ අඩුවෙන්. ඒත් යුතුකම්, වගකීම පැහැරහැරියේ නැහැ. සතියකට මගේ රෙදි 100කට වඩා හෝදලා දෙනවා, ඒකත් අතින්.

මගේ වැඩ හැමෝම මෙහෙම කරලා දෙන නිසා මට කාලය ඉතුරු වෙනවා සමාජසත්කාර කරන්න.

මොනා වුනත් ලොකු අයියයි, නෝනයි නැති අඩුව ගොඩක් දැනේවි. මම අද ගෙදරින් එනකොට අයියා හිටියේ නෑ, ඒත් නෝනට උම්මා 4ක් දීලා සමුදීලා ආවා… මාව ආදරෙන් බලාගත්තට දෙන්නටම බොහොම පිං.

සැ.යු : අයියාට සහ නෑනාට උපහාරයක් ලෙස පළකරන ලදි

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments