දවස් ගාණකට පස්සේ ආපහු සුපුරුදු කිට් එක ඇන්ඳා. හදිසි මීටින් එකකට යන්න වෙලා කොළඹ. ඒ ගමන්ම බෙහෙත් ගන්නත් යනවා. මම මේ දවස් 2-3ට ගොඩක් මහත්වෙලා වගේ. ෂර්ට් එකයි, කලිසමයි ඇඳගත්තේ බොහොම අමාරුවෙන්. ඇයි ඉතිං ඇඳෙන් බහින්නෙම නෑනේ. අනික චතූ මල්ලි උදේ ඉඳන් රෑ වෙනකම් එක එක දේවල් කවනවා මං වැඩ කරන අතරේ. එක වේලකට බත් පිඟන් 4ක් කවපු අවස්ථාත් තියේ. ඉතිං මහත් වෙන එක අරුමයක් නෙමේ…
ප.ලි : මේ පෝස්ට් එක අද උදෑසන ලියූ එකක් වන අතර මීටින් එක නිසා කාර්යබහුල වූ නිසා පෝස්ට් එක දැමීමට ප්‍රමාද විය. උදෑසන 9ට නිවසින් පිටත් වූ අතර වෙහෙස මහන්සි වූ නිසා මේ වන විට සෞඛ්‍ය තත්වය ඉතාමත් අයහපත්.







