සහස්නා ඇපරල් – Sahasna Apparel කියන්නේ වසර 11 මාගේ සමාජසත්කාර ගමන් මගෙහි සුවිශේෂී වූ සංධිස්ථානයක්

by | Oct 17, 2017 | Business | 0 comments

සහස්නා ඇපරල් – Sahasna Apparel කියන්නේ වසර 11 මාගේ සමාජසත්කාර ගමන් මගෙහි සුවිශේෂී වූ සංධිස්ථානයක්

ශ්‍රී ලංකාව තුළ පැය 24 පුරාත් දින 365 පුරාවටත් ක්‍රියාත්මක වන අවම ශ්‍රම දායකත්වයෙන් වැඩිම සේවාවක් ලබා දෙන ෆේස්බුක් සමාජ ජාලය හරහා එක් රොක් වූ පිරිසගේ සහයෝගයෙන් සිදු කරන විශාලතම සමාජ සේවා ආයතනය වන SamajaSathkara.lk හි තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සහස්නා Apparel හැඳින්විය හැක. දිනකට දෙකකට සෑහෙන බඩු මල්ලකට වඩා ස්ථීර ආදායමක් ලැබෙන උපකාරයක් ලෙස සහස්නා Apparel ආරම්භ කෙරිණි.

මැහුම් කුසලතා ඇති අය හට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය ලබා දීමත් ඔවුන් මසා නිම කරන ඇඳුම් මිලදී ගෙන කුසලතා නැති අය හට ලබා දීමෙන් ඒ අයටත් ආදායමක් ලැබෙන ලෙස වෙනස්ම වූ සැලසුමකට අනුව මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර මසන ලද නිමි ඇඳුම් වල තත්ව පරික්ෂාව සහ බෙදා හැරීම මෙන්ම ඇඳුම් මැසීමත් මෙහිදී සිදු කෙරේ.

මෙමගින් දැනට අඩු ආදයම්ලාභී කාන්තාවන් තිදෙනෙක් සඳහා ස්ථිර රැකියා ලබාදී ඇති අතර 2018 වසර අවසාන වන විට උපරිම පවුල් 100ක් සඳහා ස්වයංරැකියා ලබාදීමට බලාපොරොත්තු වේ. ඊට අමතරව වසරකට දිළිඳු දරුවන් සහ වැඩිහිටියන් 1000-2000 අතර ප්‍රමාණයකට නිමි ඇඳුම් පරිත්‍යාග කිරීමටද බලාපොරොත්තු වේ.

 

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments