සමාවෙන්න මහත්තයෝ වැරදීමක්

by | Mar 21, 2013 | Stories | 0 comments

සමාවෙන්න මහත්තයෝ වැරදීමක්

මට මතක ඇති කලෙක ඉදල මගේ අම්මව දැකල තිබුනේ නැහැ, මම හිටියේ තාත්තත් එක්ක,අපි ජීවත් වුනේ පුංචි මැටියෙන් හදපු පැලක ,ඇත ගමක. තාත්ත පුංචි පුංචි කුලී වැඩ තමයි කරේ, ඊට අමතරව එය තැබිලි විකුණුව.අපේ වත්තේ වවුන කෙසෙල් තැබිලි, පොල් විකුණලා තමයි අපි ජීඑවත් වුනේ.
මම දන්නා කලේ ඉදලම තාත්තට තිබුනේ එක ඇහැක් විතරයි.එයාගේ වම ඇහැ නැහැ. කැතට එක පෙනුන.තාත්තගේ මුනත් ගොඩක් කැතයි.ඒ නිසා මම තාත්තට ගොඩක් අකමැති උණා . කොටින්ම මට තත්ත්ව පෙන්න බැරි උන.

ඉස්කෝලේ මගේ සමහර යාලුවෝ “ඇහැක් පොට්ට අප්පාගේ පුතා ” කියල මට විහිලු කර. ඒ වෙලාවට මට තාත්තත් එක්ක පුදුම තරහක් වයිරයක් අවේ.කවදාවත් මගේ හිතේ තාත්ත ගැන අනුකම්පාවක් තිබුනේ නැහැ.ඇත්තටම මට හිතුනේ තාත්ත නිසයි මගේ අම්මත් නැති උනේ කියල.ඒ නිසාම මගේ තරහ තවත් වැඩි උන.

දවසක් මම ඉස්කෝලේ ඇරිලා යාළුවොත් එක්ක පාරදිගේ එනකොට තාත්ත තැබිලි විකුණා විකුණා පර අයිනේ ඉදගෙන හිටිය.ඒ වෙලාවේ ගිනි ගහන අවුව.මම එතනින් යාළුවොත් එක්ක යනකොට තාත්ත පුතේ කියල මට කතා කර.ඒ වෙලාවේ මගේ යාලුවෝ ඔක්කොම මට විහිලු කර.ඇහැ පොට්ට අප්පාගේ පුතා කියල.මට ගොඩක් කේන්ති ගිය, මම තාත්ත දිහා බලන්නේ වත් නැතුව පාරෙන් එහා පැත්තට ගිහින් යන්න ගිය. මට පුදුම තරහක් හිතේ තිබුන.

එදා යනකොට තුනට විතර ඇති. මම කුස්සියට යනකොට තාත්ත දාඩිය පිටින්ම මගේ පිගානට බත් බෙදනවා මම දැක්ක. තාත්ත මගේ දිහා හරිම ආදරෙන් බැලුව. මගේ හිතෙනම් කිසිම ආදරයක් තිබුනේ නැහැ.මම කේන්තියෙන් ක ගැහුවා…”අයි මට මෙහෙම ලජ්ජා කරන්නේ,,,, යාලුවෝ මට හිනා වෙනවා, ,ඔය මැරිලා යනවනම් මම කැමති….”
මම මහා හයියෙන් කගහගෙන කාමරේට ගිය.මගේපුංචි ලි ඇදෙ නිදාගෙන හිටිය දවසම. ඇත්තටම මට ගෙදරත් තාත්තත් පෙනුනේ අපායක් වගේ, එවෙලාවේ තාත්ත මට මුකුත්ම කිවේ නැහැ.මට මතක ඇති කලෙක තාත්ත මට බනලවත් ගහලවත් නැහැ. එය එතරම්ම මට ආදරේ කර. එත් මගේ හිතෙනම් පොඩි හරි කරුණාවක් ආදරයක් තිබුනේ නැහැ .

කොයිතරම් කේන්තියෙන් මම හිටියද කියනවනම්,, මම ගොඩක් මහන්සිවෙලා ඉගෙන ගත්ත. මේ අපායෙන් ගැලවෙන්න.
ඒ නිසාම මම අපොස උසස්පෙළ ඉහලින්ම සමත් වෙලා කොලබ විස්වාවිද්යාලයට තේරුණා. එදා ගෙදරින් කොලබ එන දවසේ වත් මට තාත්ත ගැන දුකක්වත් කරුනවක්වත් දැනුනේ නැහැ. මහා වාදයකින් බේරුනා කියල දැනුන.

මම ගොඩක් මහන්සිවෙලා ඉගෙන ගත්ත.මගේ උපාදිය ඉවර වෙලා මට පිටරට සිස්සත්වයක් ලැබුන. එහෙ ගොඩක් හොදට ඉගෙන ගත්ත. අවුරුදු ගානකට පස්සේ මම ලංකාවට අවේ විවාහවෙන්න තීරණය කරගෙන. පිටරටදී යාලු උන සල්ලිකාර ගනු ළමයෙක්ව මම විවාහ වුන. මගේම සල්ලිවලින් සුවිසල ගෙදරක් හද ගත්ත.

අවුරුදු ගානක් මෙහෙම ගෙවිල ගිය. මම දැන් දරුවෝ තුන්දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්. මට මගේ තාත්ත ගැන මතකයක්වත් නැහැ.
දවසක් හවස මම office ඉවර වෙලා ගෙදර අව , ගේට්ටුව අරලමයි තිබුනේ. හමහන්සියට මම ඇදෙ ටිකක් අල වුන.
ටික වෙලාවකින් ළමයි කෑ ගහන සද්දයක් ඇහිලා මම මිදුලට දුවගෙන ගිය.

දෙවියනේ,,, තාත්ත… කොහොම මව හොයාගත්තද.. ?
එයාගේ සුපුරුදු ඇදුම , සරමයි සළුවයි පිටින් මෙහෙ කොහොම අවදා…? තාත්ත හොදටම වයසට ගිහින්. තවත් කැත වෙලා . මගේ ළමයි බයවෙලා..”තාත්තේ තාත්තේ මෙන්න ගෝණි බිල්ලෙක් ඇවිත්…” කියල එයාලබයවෙලා කගහනවා.
මගේ කේන්තිය දෙගුණ තෙගුණ උන.

“තමුසේ කවුද. මොකටද මෙහෙ අවේ මගේ ළමයිනුත් බයකරන්න. යනවා යන්න එලියට..”

මගේ කටින් මහා හයියෙන් පිට වුන. එතරම්ම මගේ ඇස්වලින් කේන්තිය පිටවුණා.තාත්ත මගේදිහ බලාගෙනම හිනාවෙලා …
“සමාවෙන්න මහත්තයෝ වැරදීමක්..මම යන්නම්.. බුදුසරණයි..”

තාත්ත අපහු හැරිලා යන්න ගිය…
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
මගේ හිතට සැනසීමක් දැනුන…

කාලය ගතවුණා. .
මට හිතෙන විදියට දැන් අවුරුදු තුනක් විතර ..

මගේ පරණ ගමේ ඉස්කෝලෙන් මගේ office එකට ලියුමක් එවල තිබුන . අදිසිෂ්‍ය සංගමේ රස්විමකුයි..ඉස්කෝලෙට අලුතෙන් ගොදනගිල්ලකුයි විවුර්ත කිරීමකට ආරාදන කරලා. .
මම ගෙදරටත් නොකිය මම අමතක කරපු ගමට අයිත තනියම ගිය.

ගම ගොඩක් වෙනස් වෙලා.දියුණුවෙලා. මගේ වාහනෙන් මම ආඩම්බරෙන් ගමේ ඉස්කෝලෙට ගිහින් උතසවේ ඉවරවෙනකන් සහබාගි උන.
අන්තිමට හවස මම ගෙදර එද්දී මට හිතුන නිකමට පරණ ගෙවල් පැත්තේ යන්න ඕනේ කියල. ඉතින් මම වෙල්යාය අද්දරින් වාහනේ නවත්තල පයින්ම ගේ පැත්තට ගිය.
සැහෙන්න වෙනස්වෙලා. මට පෙනුනේ කැලෑවෙන් වැහිලා ගිහිපු පස්ගොදක් වෙන්න යන්තම් වෙලා තියෙන කටු මැටි බිත්ති කලි දෙක තුනක් විතරයි..
මට හිතාගන්නවත් බැරි නුන.
කෝ තාත්ත……?

මම ගමේ කීප දෙනෙකුගෙන්ම අහල බැලුව විස්තරයක් හොයන්න එත් බැරිඋන, අන්තිමට මම මගේ පරණ නදයෙක්ගේ ගෙදරකට ගිය.එහෙ හිටිය ගනු කෙනෙක් කිව …. තාත්ත දැනට අවුරුදු දෙකකට කලින් නැතිවෙලා කියල.
මැරෙනකම්ම තාත්ත මේ අපේ කටු මැටි ගෙදරමයි ඉදල තියෙන්නේ.
තාත්ත මැරෙන්න අන්තිම මොහොතට කලින් මට දෙන්න කියල දුන්න ලියුමක් දුන්න.
මම එකත් අරන් මගේ වාහනේට නැග්ග, , මට ලියුම බලන්නවත් වුවමනාවක් ඕනේ උනේ නැහැ,,
එත් ටික වෙලාවකින් මහේ හිත මටම කිව ඒ ලියුම කියවන්න කියල..

මම ලියුම හිමින් හිමින් කියවන්න පටන් ගත්ත,,,
::: මට දැනුන තාත්ත අවුරුදු ගානක් කියාගන්න බරිවහිටිය දුකක් හදවතේ හිරකරගෙන හිටිය දුකක් මේ ලියුමේ තියෙනවා කියල..:::තාත්තගේ බොදවුන අපැහැදිලි අකුරුරු මම අමාරුවෙන් කියවන්න පටන් ගත්ත

:::”””:::
මගේ රත්තරං සුදු පුතා වෙත …!

මගේ පුතේ . මේ ලියුම මගේ අතින් ඔයාට දෙන්න වේවිද කියල කියන්න මම දන්නේ නැහැ. එත් කවද හරි මේ ලියුම ලැබුනොත් කියවන්න .
මට මතකයි පොඩි කලේ ඉදලම ඔය මගෙන් ඔයාගේ අම්ම ගැන අහවුව. එත් මම හැමදාම කිවේ අම්ම කොහෙද ගිය කියල.එත් ඔයාට නොකියපු දෙයක් තියෙනවා,,
දවසක් ඔයයි අම්මයි මමයි අපි තුන්දෙනාම ඇත ගමනක් ගිය. එතකොට ඔය ගොඩක් පුංචි. හරියට රෝසමලක් වගේ.අම්ම ඔයාට ගොඩක් ආදරේ කර. මමත් පුළුවන් තරම් ඔය ගැනම තමයි හිතුවේ. ඉතින් අපි එදා ගෙදර එනකොට හොදටම රෑ උන.අපි අවේ පුංචි කුලිරතෙක . හදිස්සියේම අපේ වාහනේ අනතුරක් වුන. එක දරුණු රිය අනතුරක්. එකෙන් ඔයාගේ අම්ම එතනම ඔයාව මව දල ගිය. මටත් හොදටම තුවාල උන.ඔයාටත් හොදටම අමාරුයි. ඔයාගේ එක ඇහැක් ,, දකුහු ඇහැ තුවාල වෙලා. දොස්තරලා කිවේ ඔයාගේ ඇහැ අයින් කරන්න වෙනවා කියල. එක අහක් තියාගෙන මගේ රත්තරන් පුතා ලොකුවෙනවා මට බලන් ඉන්න බැහැ මගේ පුතේ. ඒ නිසා මම පිරිමියෙක් වුනත් දොස්තර මහත්තුරු ගව අඩල අඩල මගේ වම ඇහැ ඔයාට බද්ද කරන්න එකග කරගත්ත… සැත්කම සාර්ථකව වුන. ඔය මගේ පුංචි පැටිය හිටිය වගේම ලස්සනට ඉන්නවා දැක්කම මට දරාගන්න බැරි සතුටක් දැනුන. මගේ ඇහෙන් ඔය ලෝකය බලන හැටි මම එක ඇහැකින් බලන් ඉදල සතුටු වුන. ඔය කොයිතරම් මට බැන්නත්,, මත එක්ක තරහෙන් හිටියත් මගේ හිතේ ඔය ගැන අබමල් රේණුවකවත් තරහක් නැහැ මගේ රත්තරන් පුතේ….!!!මේ ලෝකේ කොහේ හිටියත් ඔය සතුටෙන් ඉන්න… මම ඔයාට අසිර්වද කරනවා………..

මගේ පුංචි පුතාට තුරුනුවන්ගේ සරණයි,,

මෙයට ඔයාගේ තාත්ත,,
:::::::::::::::::::::::::::::::::::::::::::

ජීවිතේ කවරදාකවත් තාත්ත වෙනුවෙන් කදුලක් තිය සුසුමක්වත් හෙලපු නැති මගේ ඇස්වලින් නවත්ත ගන්න බැරිතරම් කදුළු වැක්කෙරෙනවා. ඇයි මේ…? මටවත් හිතාගන්න බැහැ …මෙතරම් කාලයක් මම වයිර කරේ මම අමතක කරේ මගේ ලෝකේ ලස්සනට බලන්න ඇහැක් දුන්න මගේ තාත්තට නේද. මට දරාගන්න බැරි වේදනාවක් හදවත් පුර ගිය.
පැය ගානක් වාහනේට වෙලා මම මහා හයියෙන් අඩුව.කිසිදවසක කදුලක් හෙලපු නැති මගේ තාත්ත,,,මහා දුකක් හදවතේ හිරකරන් මගේ ලෝකේ ලස්සන කරපු තාත්ත,,කාත් කවුරුවත් නැතිව හිගන්නෙක් වගේ මැරිලා ගිහින්,,,
මම අදටත් මේ වේදනාවෙන් විදවනවා. .

ඔයාල කවරදාවත් තාත්තට,,,අප්පච්චිට මේ වගේ සලකන්න එපා. තාත්ත ගොඩක් සැර වෙන්න පුළුවන්…කැත වෙන්න පුළුවන්…නුගත් වෙන්න පුළුවන්..එත් ඒ තාත්ත ,,අප්පච්චි ඔය වෙනුවෙන් මහා දුකක් හදවතේ හිරකරන් ඉන්නේ..

ආදරෙයි අහස තරම් මගේ තාත්තේ,,,,,,

(සත්‍ය සහ පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් )

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments