මේ දවස් වල ඉතිං වෙනදට වඩා ඇහැරලා ඉන්නවා. වැඩත් කරනවා. මහන්සි වෙලාවට සහ වහින වෙලාවට මේ වගේ ෆේස්බුක්, Youtube බලලා, යාලුවොත් එක්ක චැට් කර කර ඉන්නවා.
මේ දවස් වලනම් කරන්නේ ෆේස්බුක් එක ක්ලීන් කරන එක. කිසිම පිංකමකට සම්බන්ධ නොවුන, නමුත් සාමාන්‍ය ෆේස්බුක් ජීවිතේ මගේ යාලුවෝ ඔක්කොම මේ ප්‍රොෆයිල් වලින් අයින් කරලා වෙන එකකට ඇඩ් කරනවා. දැන් මට මගෙ නමින් ප්‍රොෆයිල් හදන්න දෙන්නෙත් නෑ, ෆොටෝ දාන්න දෙන්නෙත් නෑ. මොකද ෆේස්බුක් නීතිය අනුව එක් කෙනෙක්ට එකයි තියෙන්න පුලුවන්. මට 5ක්ම තියේනේ…
සමහර වෙලාවට ගිය මාසේ චැට් වලට අද තමයි රිප්ලයි දාන්නේ. හිතලා බලන්නකෝ 2000ක් විතර දවසට මැසේජ් ආවහම. ගොඩක් වෙලාවට ගුඩ් මෝනින්, ගුඩ් නයිට් එවන්නේ නැත්නම් හොඳයි කියලා අද මට හිතුනා. මොකද උදේට ෆෝන් දෙක අතට ගන්නකොට ප්‍රොෆයිල් 5කින් මැසේජ් 1000-1500ක් ඇවිත්. 99%ක් ගුඩ් මෝනින්. ඉතිං ව්‍යාපෘති සම්බන්ධ චැට් එහෙම හොයාගන්න අපහසුයි.
හැමදාම උදේට කනකොට මං දවල් 12 පහුවෙනවා. මොකකටවත් නෙමේ ආපු මැසේජ් ඕපන් කරලා බලලම වෙලාව යනවා. ඔයාලට seen වෙලත් මම රිප්ලයි නැත්තේ ඔක්කොටම රිප්ලයි දාන්න වෙලාව නැති නිසා. ඒක නිසා මං කරන්නේ එකින් එක ඕපන් කරනවා ව්‍යාපෘති හෝ ව්‍යාපාර සම්බන්ධ මැසේජ් එකක්ද කියලා බලන්න. නැතිනම් close කරලා දානවා. ඉතිං ඔක්කොම ඕපන් කරනකොට දවස ඉවරයි.
ඒක නිසා මම මේ ටිකේ ප්‍රොෆයිල් වල ඉන්න සාමාන්‍ය යාලුවන්ව වෙනම ප්‍රොෆයිල් එකකට ගන්නවා. මේවගෙන් අයින් කරනවා. එතකොට මේවගේ ප්‍රොජෙක්ට් වලට සම්බන්ධ වෙන අය පමණක් හිටියහම ඒ අය දාන මැසේජ් පහසුවෙන් බලන්න පුලුවන්නේ. සාමාන්‍ය යාලුවෝ ඇඩ් කරගන්න ප්‍රොෆයිල් එකේ හැමෝටම එක පාර ගුඩ් මෝනින්, ගුඩ් නයිට් මැසේජ් දානවා. කාපු බීපු කෑම හැම දෙයක්ම එක පාර කීවහම ලේසීනේ….
ඉතිං අදත් වැස්ස පටන් ගත්තා…
අදත් පාන්දර 1 වෙනකම් යාලුවොත් එක්ක පොඩ්ඩක් චැට් කරනවා ෆේස්බුක් එක ක්ලීන් කරන ගමන්….








0 Comments