මගේ හොඳම යාළුවො තුන්දෙනෙක්

by | Mar 17, 2013 | Stories | 0 comments

මගේ හොඳම යාළුවො තුන්දෙනෙක්

ඇත්තටම අපිට යාළුවෝ ගොඩාක් ඉන්නවා. ෆේස්බුක් එක බැලුවහම ඕන කෙනෙක්ට ඒක තේරෙනවා… ඒත් කීයෙන් කී දෙනාද අපේ හදවතට ලංවෙලා ඉන්නේ… කීයෙන් කී දෙනාද දුකකදි අපේ ලග ඉන්නේ, අපිට අවශ්‍යතාවයක් වෙනකොට අපි ලග ඉන්නේ… එහෙම යාළුවො තුන්දෙනෙක් මටත් ඉන්නවා… මාලක පල්ලියගුරුගේ, අනෙක් කෙනා බුද්ධික වල්පිට සහ ඉමාලන් සමරතුංග.

අපි දැන් අඳුරගෙන අවුරුදු 7, 8ක් වෙනවා… ඒත් අපි තාමත් එකට ඉන්නවා… ඉස්කෝලේ යහළුවෙක්වත් එහෙම නැහැ සමහර වෙලාවට… අපි එකට වැඩ කලා…

කොහොමහරි පහුගිය අවුරුදු 8 ඇතුළත මගෙන්නම් එයාලට කිසිම දෙයක් වෙලා නැහැ… ඒත් මටනම් කියාගන්න බැරිතරම් දේවල් කරලා තියේ… විශේෂයෙන්ම මං කොළඹදි තනියම ඉන්නකොට අසනීප වුනහම බලාගන්නවා… ඒක ගොඩක්ම වැදගත් මට… මගේ අම්මා, තාත්තා නැතිවුණ වෙලාවෙ ඇඩුවේ මෙයින් එක්කෙනෙක්ගේ පපුවට තුරුල් වෙලා…

ඒ තරමටම අපේ පවුලටත් සමීපයි… මටත් සමීපයි… අම්මා කෙනෙක් වගේ, තාත්තා කෙනෙක් වගේ, විටෙක සහෝදරයෙක් වුණා, යහළුවෙක් වුණා…

මගේ ජීවිකයට ආ සම(හරක්) ගෙන් අන්තීමේදී ඉතිරිවුණ ආදරණීයම තුන් දෙනා ඔබයි… මේ උත්තමාචාරය ඔබ තුන් දෙනාටයි. හැමදාමත් මා ලගින් ඉන්න… මං ආදරෙයි අහස තරම්…

~මම ධනේෂ් මධුරංග~
ප‍්‍රසිද්ධියේ නම දැමීමෙන් ඇතිවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප‍්‍රකාශ කරමි. ඒත් හදවතේ තිබෙන මිත‍්‍රත්වය සගවාගෙන හිදින්නට නොහැකි නිසා මෙය දැමීමට තීරණය කලා…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments