හදවත් සැත්කමට රෝහලට ඇතුලත් වීමට පෙර කැලණිය පන්සලට ගියා…
අද දහවල් අනුරාධපුර නංගිව ආසිරි ශල්ය රෝහලට ඇතුලත් කරනවා. මම උදෑසනම ඇයව එක්ක එන්න ගියා. ඉන්පසු උදේ ආහාරය ගැනීමෙන් පසු මම ඇයව කැළණි පන්සල් එක්ක ගියා. ඇයයි, ඇගේ අම්මයි, දරුවයි, ස්වාමිපුරුෂයයි එක්ක තමා අද කැළණි පන්සල් ගියේ. අපි නිල් මානෙල් මල් සහ සුදු නෙළුම් මල් පූජා කලා. ඒ වගේම පහන් දල්වා, සුවඳ ඳුම් පූජාවක්ද සිදුකලා.
ඒ වගේම පන්සල් භූමීයේ සිටි අසරණ යාචක ආච්චිලා 5 දෙනෙක්ට මම ඇය ලව්ව රු.100 බැගින් ලබාදුන්නා. ඒ අයද නොසෑහෙන්න පිං දුන්නා.
සැත්කම සාර්ථක වීමට ඔබගේ ආශිර්වාදයද ඇයට ලබාදෙන්න…
ශ්රී සෞභාග්ය ධෛර්ය, බුද්ධි තේජස් ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්රමාණ පුණ්යසම්පත්තියක් ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්යවත් අරහත් සම්ය සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක් මඟුල් ලකුණු අනුහසින්
සවණක් ඝණ බුදුරැස් අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක් ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්රී කරුණා මුදිතා උපේක්‌ඛඅ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
තෙරුවන් සරණේ අනුහසින්ද
ඔබගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක් දොම්නස් ද දුරුවේවා·
හදවත් සැත්මක සාර්ථක වේවා…
ඔබගේ සියලු පැතුම් ඉටුවේවා·
දීර්ඝායුෂ ලබා සියවසක් ජීවත්වීමේ වාසනාව
උදාවේවා· තෙරුවණ් සරණයි…
සමාජසත්කාර ආශිර්වාද පූජා | ප්රාර්ථනා Fund







