අද අපි සවස් කාලයේ SamajaSathkara.lk දියතලාව Innovation Center එකේදී පුංචි කඩල දන්සැලක් සංවිධානය කලා. වසර ගණනක් පුරාවට මා විවිධ වූ අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම ගෙන ආ සමාජසත්කාර මතුයම් දිනෙක පෙර සසර පුරුද්දට මෙන් අප හා බැඳුන අපේම පුංචි කුමාරිය, සුරතල් සිඟිත්තිය, පින්බර දියණිය, කෙදිනක හෝ දහසකුත් හදවත් හි නිබඳව රැදෙනා සෙනෙහෙවන්තිය වන සනුදි සහස්නා දියණියට උරුම වනවා.
කුස තුළ රැඳි දා පටන්ම අසරණ හදවත් සමීපයට ගිය ඈ අදටත් අර්ථය නොවැටහුණත් අප සිදු කරන්නාවූ සෑම කටයුත්තකදීම සහභාගී කරවාගන්නේ යම් දිනෙක ඇයට මේ පිළිබඳව මනා අවබෝධයක් ලැබේවි යන අරමුනින්. සනුදි දියණිය අප සැමගේ සෙනෙහස විදින්නට පුංචි කැදැල්ලට පා නගා වෙසක් පුන් පොහොය ලැබූ අද දිනයට සය මසක් ගත වීම අප හැමටම මහත් වූ සතුටක් ගෙන දෙන්නක්. ඇය කෙතරම් පින්බරදැයි සිතේ තව තවත් තහවුරු වීමක් වැනිය අද දින ඇයට සය මසක් සපිරීම. ඒ වෙනුවෙන් අපේ සුරතලියට ආශිර්වාදය සතුට සෙනෙහස මෙන්ම නීරෝගී සුවයද පතා අද දිනයේ අප සැම සනුදි දියණියත් කැටුව කඩල දන්සලක් පැවැත්වූවා.
බොහොම ආසාවෙන් පිං දිදී දන්සල වෙත ආ ගිය හැමගේම ආශිර්වාදය නොඅඩුව අපේ පුංචි දියණියට ලැබේවා…. ඇගේ ජීවිතය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා…. සැමගේ ආදරය සෙනෙහස දිනූ පා තැබූ තැබූ තැන්හි යසස සෞභාග්යය වැඩෙනා පින්බල මහිමයක් ඇත්තාවූ දුටු දුටුවන් සිත් පිනවන්නාවූ ගුණදහමින් පෝෂණය වී ඇත්තාවූ නිබඳ ගෞරවයට පාත්ර වන්නාවූ සැමගේම සෑමතැන්හිම පිළිගැනීමට ලක් වන්නාවූ දැනුමින් බුදුදහමින් පෝෂණය වී ඇත්තාවූ සරල දිවි පෙවෙතෙහි අගය දන්නා වූ නිබඳවම සසර පුරාවට කළණ මිතුරු ඇසුරම ලබන්නාවූ ආදරය දයාව කරුණාව සෙනෙහස එකට කැටි වූ ප්රතිමූර්තියක් වන්නාවූ සුන්දර පින්සාර දියණියක් කාන්තාවක් වන්නට මේ කුසලානිසංසයන් මහෝපකාරී වේවා….
පෙර දිනයේ පටන් මේ වෙනුවෙන්ම වෙහෙස දරා සහය ලබා දුන් අප පවුලේ සැමටත් අවශ්ය ද්රව්ය සපයා දීමෙන් සහ සකස් කිරීම් කටයුතු සඳහා උදව් උපකාර කළ සැමටත් සහභාගී වූ සැමටත් මේ කුසලයේ ආනිසංසය ලැබේවා…. ඔවුන් සැමගේම ජීවිත ආලෝකමත් වේවා… යහපත් සිතුම් පැතුම් ඉටු වේවා… නිරෝගී සුවය ලැබේවා… තව තවත් කුසලයන් සිදු කිරීම කෙරෙහිම සිත් යොමු වේවා….
බු. ව. 2561 ක් වූ සම්බුද්ධ ජයන්තිය සමරන මේ පින්බර වෙසක් මංගල්යයේ ලෝක වෙසක් උත්සවය මෙවර පැවත්වෙන්නේ ශ්රී ලංකාවේදීය. එයට සමගාමිව ලංකාව පුරා දිස්ත්රික් මට්ටමෙන් හා ප්රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් වෙසක් උත්සව සංවිදානය කර තිබුණි. හපුතලේ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්රදාන වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ ඇල්ලගම ශ්රී සුමංගලාරාමය මූලික කරගෙනය. යුධ හමුදා කදවුරු, රාජ්ය ආයතන, පාසැල්, විවිද සංවිධාන හා විහාරස්ථාන දායක සභාව එකව මෙවර සංවිධානය කර වෙසක් උත්සවය දාන, ශීල, භාවනා වැඩසටහන් ඇතුලුව විවිධ වෙසක් පහන් කූඩූ, තොරන්, දන්සැල් හා විවිධ වෙසක් සැරසිලි වලින් සමන්විත වෙනවා. එනිසා විශාල ජනතාවක් පැමිනේයැයි අපේක්ශාවෙන් තමයි අපි මේ දන්සල සංවිධානය කරනු ලැබුවේ…
අපගේ සමාජසත්කාර Mini කඩල දන්සල වෙත පැය 3 1/2ක කාලයක් ඇතුලත 1,000කට ආසන්න පිරිසක් පැමිණියා. මෙය සිදු කරන්න විශේෂ හේතු 5ක් තිබුණා.
1. අදට අපේ සමාජසත්කාර අනාගත හිමිකාරිය Sanudi Sahasna දෝණි මෙලොවට බිහිවී මාස 6ක් සම්පූර්ණ වෙනවා.
2. මගේ ෆේස්බුක් මිතුරියකගේ ස්වාමිපුරුෂයා රෝහල් ගත කර සිටින අතර දානමය පිංකමක් සිදුකර ඔහුට ආශිර්වාද පැතීම.
3. රෝගී වී රෝහල් ගත කර සිටින Iresha Malsreeni Piyatissa අක්කාගේ දුවට සෙත්පැතීම.
4. මාගේ අම්මා අසනීපෙන් පසුවෙනවා. ඇයට ඉක්මන් සුව ප්රාර්ථනා කිරීම.
5. පසුගිය දිනක බයිපාස් සැත්කමක් සිදුකර දැනට සුවවෙමින් සිටින ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේට ඉක්මන් සුවය ප්රාර්ථනා කිරීම.
මෙහි ඇති තවත් සුවිශේෂී කරුණ නම් කිසිදු පරිසර දූෂණයකින් තොරව පොළවට දිරාපත් වන්නාවූ දෑ පමණක් භාවිතා කරගනිමින් ඉතාමත් පිරිසිදු ස්ථානයක පිරිසිදු ඇදුමින් සැරසී අපද ඉතාමත් පිරිසිදුව මෙය සකස් කර බෙදාදීමයි.







