SamajaSathkara.lk Mini කඩල දන්සල | දියතලාව

by | May 10, 2017 | Project | 0 comments

SamajaSathkara.lk Mini කඩල දන්සල | දියතලාව
අද අපි සවස් කාලයේ SamajaSathkara.lk දියතලාව Innovation Center එකේදී පුංචි කඩල දන්සැලක් සංවිධානය කලා. පැය 3 1/2ක කාලයක් ඇතුලත 1,000කට ආසන්න පිරිසක් පැමිණියා.
බු. ව. 2561 ක් වූ සම්බුද්ධ ජයන්තිය සමරන මේ පින්බර වෙසක් මංගල්යයේ ලෝක වෙසක් උත්සවය මෙවර පැවත්වෙන්නේ ශ්රී ලංකාවේදීය. එයට සමගාමිව ලංකාව පුරා දිස්ත්රික් මට්ටමෙන් හා ප්රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් වෙසක් උත්සව සංවිදානය කර තිබුණි. හපුතලේ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්රදාන වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ ඇල්ලගම ශ්රී සුමංගලාරාමය මූලික කරගෙනය. යුධ හමුදා කදවුරු, රාජ්ය ආයතන, පාසැල්, විවිද සංවිධාන හා විහාරස්ථාන දායක සභාව එකව මෙවර සංවිධානය කර වෙසක් උත්සවය දාන, ශීල, භාවනා වැඩසටහන් ඇතුලුව විවිධ වෙසක් පහන් කූඩූ, තොරන්, දන්සැල් හා විවිධ වෙසක් සැරසිලි වලින් සමන්විත වෙනවා. එනිසා විශාල ජනතාවක් පැමිනේයැයි අපේක්ශාවෙන් තමයි අපි මේ දන්සල සංවිධානය කරනු ලැබුවේ…
මෙය සිදු කරන්න විශේෂ හේතු 5ක් තිබුණා.
1. අදට අපේ සමාජසත්කාර අනාගත හිමිකාරිය

Sanudi Sahasna

දෝණි මෙලොවට බිහිවී මාස 6ක් සම්පූර්ණ වෙනවා.

2. මගේ ෆේස්බුක් මිතුරියකගේ ස්වාමිපුරුෂයා රෝහල් ගත කර සිටින අතර දානමය පිංකමක් සිදුකර ඔහුට ආශිර්වාද පැතීම.
3. රෝගී වී රෝහල් ගත කර සිටින

Iresha Malsreeni Piyatissa

අක්කාගේ දුවට සෙත්පැතීම.

4. මාගේ අම්මා අසනීපෙන් පසුවෙනවා. ඇයට ඉක්මන් සුව ප්රාර්ථනා කිරීම.
5. පසුගිය දිනක බයිපාස් සැත්කමක් සිදුකර දැනට සුවවෙමින් සිටින ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේට ඉක්මන් සුවය ප්රාර්ථනා කිරීම.
වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments