මේ දවස්වල මම අසනීප නිසා ගෙදර කියලා ඔයාලා දන්නවනේ. ඉතිං ප්‍රොජෙක්ට් වලට යන්න බැරි නිසා වෙනස් විදිහක සමාජ සත්කාරයක් කරන හිතුවා. ඒ තමයි දැනුමෙන් සත්කාරයක් සිදු කිරීම.
The Green Project – Sith Facebook Movement එක එහෙමත් නැත්නම් Sanjaya Pradeep මල්ලි කියන්නේ කෙටි කාලයක් ඇතුලත රටේම ප්‍රසිද්ධ වුණ චරිතයක්. මොකද අපි ජීවත්වන මහපොළවට කළගුණ දැක්වීමේ අරමුණින් සංජය මල්ලි පැළ ලක්ෂයක් ශ්‍රීලංකාව පුරා සිටුවීමට ෆේස්බුක් ඔස්සේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. සංජය මල්ලිගේ අරමුණ රැල්ලක් හදන එක. මහපොළවට ආදරය කරන මිනිසුන්ගේ රැල්ලක් හදන එක.
ඉතිං සංජය මල්ලිගේ මේ උතුම් කටයුත්ත නිසා එයාගේ සමාජසත්කාරය වෙනුවෙන් මගෙනුත් යම් දෙයක් වෙන්න ඕන කියලා හිතලා මම මල්ලිට කීවා නිර්මාණයට කිසිදු අයකිරීමකින් තොරව වෙබ් සයිට් එකක් හදලා දෙන්නම් කියලා. පසුගිය සතියේ මොණරාගල ගිය වෙලාවේ සංජය මල්ලි මට එයාගේ ව්‍යාපෘතියේ ඡායාරූප අඩංගු DVD තැටියක් ලබාදුන්නා. හැබැයි ඉතිං ඒ ඡායාරූප වල Quality එක මදි වෙබ් සයිට් එකට. ඉතිං මං මල්ලිට කීවා අලුතෙන් ඡායාරූප ගන්නකම් මා සිදුකල ව්‍යාපෘතිය වල ඡායාරූප දාලා සාම්පල් වෙබ් සයිට් එක හදන්නම් කියලා.
පැය 3ක් වගේ කෙටි කාලයකින් මම වෙබ් සයිට් එක හදලා සංජය මල්ලිට ලින්ක් එක යැව්වා. එයා පුදුම වුණා, ඒ වගේම සතුටු වුණා.
අපි මේ සයිට් එක හදලා ඉවරවෙන විට මෙය ලංකාවේ විශිෂ්ටතම පාරිසරික අංශය වෙනුවෙන් නිර්මාණය කල වෙබ් අඩවිය වනවා නියතයි.
අපි ඉක්මනටම මේ වෙබ් සයිට් එක Launch කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් පුලුවන් තරම් අදහස් දෙන්න වෙබ් සයිට් එක වැඩි දියුණු කරන්න. සංජය මල්ලිගේ උතුම් කටයුත්ත සාර්ථක කරගන්න.
ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා Green Project Mobile Hotline එකක් ලඟදීම ඔබ වෙනුවෙන් ආරම්භ කරන්න. එහි Ring-In Tone එකද මම අද නිර්මාණය කලා. C Rose Maxworth නංගිගේ ලස්සන කටහඬ නිසා එය තවත් ලස්සන වුණා. මෙම Ring-In Tone එක ලස්සන කරගන්න ඔබේ අදහස්ද ලබාදෙන්න.
සැ.යු : මාගේ ජීවනෝපාය වන්නේ මාගේ පෞද්ගලික වෙබ් අඩවි සහ මෘදුකාංග සංවර්ධන ආයතනය හරහා සිදුකරන නිර්මාණ අලෙවිය වන අතර සංජය මල්ලී වසර ගණනාවක සිට මාගේ කල්‍යාණ මිතුරෙක් වන නිසාත් ඔහු සිදුකරන සමාජසත්කාරය ඇගෙයීම උදෙසාත් ඔහුගේ වෙබ් අඩවිය නොමිළයේ නිර්මාණය කර දෙන ලදි.
ඔබටත් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0703366488 ඔස්සේ මා හට ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් m.me/Daneshmaduranga
ඔස්සේ චැට් පණිවිඩයක් එවන්න.
සමාජ සේවා සිදුකරන ඔබ වෙනුවෙන් සහ සමාජ ව්‍යවසායකයින් උදෙසා වෙබ් අඩවි නිර්මාණයට 75%ක වට්ටමක් 2018 සැප්තැම්බර් මාසයේදී ලබාදීමට බලාපොරොත්තු වේ.







