BawBaw.lk වෙබ් අඩවිය නිර්මාණය (SamajaSathkara.lk තාක්ෂණික අංශයේ තවත් එක් සමාජසත්කාරයක්)

by | Sep 8, 2018 | Working | 0 comments

BawBaw.lk වෙබ් අඩවිය නිර්මාණය (SamajaSathkara.lk තාක්ෂණික අංශයේ තවත් එක් සමාජසත්කාරයක්)

මේ දවස්වල මම අසනීප නිසා ගෙදරනේ. ඉතිං ප්‍රොජෙක්ට් වලට යන්න බැරි නිසා වෙනස් විදිහක සමාජසත්කාරයක් කරන හිතුවා. බව් බව් Baw Baw ෆේස්බුක් පේජ් එක, එහෙමත් නැතිනම් Gihan Dinushka මල්ලිව මේ රටේ ෆේස්බුක් භාවිතා කරන කෙනෙක් දන්නේ නැතිනම් ඒක පුදුම වෙන්න ඕන කරුණක්.

ගිහාන් මල්ලි කියන්නේ මගේ කල්‍යාණ මිත්‍රයෙක්. ඒ වගේ කැපවෙලා සමාජ සේවය කරන තරුණයෙක්. ශ්‍රී ලංකාවේ අසරණ සතුන් දහස් ගණනක් අද සතුටෙන් ජීවත්වෙන්නේ ගිහාන් මල්ලිගේ කැපවීම නිසා. “බව් බව්” ෆේස්බුක් වැඩසටහන නිසා. ඉතිං ගිහාන් මල්ලිට, එයාගේ සමාජසත්කාරය වෙනුවෙන් මගෙනුත් යම් දෙයක් වෙන්න ඕන කියලා හිතලා මල්ලිට මම ඊයේ කීවා වෙබ් සයිට් එකක් මම නිර්මාණයට කිසිදු අයකිරීමකින් තොරව හදලා දෙන්නම් කියලා. ඉතිං එයා කීවා එයාගේ ෆොටෝ අරගෙන හෙට (අද) මාව හම්බවෙන්න එන්නම් කියලා. ඊයෙම පැය දෙකකින් මේ වෙබ් සයිට් එක මම හදලා ඉවර කලා. හැබැයි එනකම් මම මල්ලිට පෙන්නුවේ නෑ. එයා ආව ගමන් මම මේ වෙබ් සයිට් එක පෙන්නුවා. එයා පුදුම වුණා එයාට මම විස්තර කියලා පැය 24ක් යන්නත් කලින් එයා බලාපොරොත්තු වුනාටත් වඩා වෙබ් සයිට් එකක් මම නිර්මාණය කල එක ගැන. අපි මේ සයිට් එක හදලා ඉවරවෙන විට මෙය ලංකාවේ විශිෂ්ටතම සතුන් වෙනුවෙන් නිර්මාණය කල වෙබ් අඩවිය වනවා නියතයි. මල්ලිගේ බව්වන්ගේ ඡායාරූප ලැබෙන තුරු මම සාම්පල් එක හැදුවේ මම බව්වන්ට උදව් කල ඡායාරූප දාලා. විස්තරත් බොරු ඒවා දැම්මේ.

අපි ඉක්මනටම මේ වෙබ් සයිට් එක Launch කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් පුලුවන් තරම් අදහස් දෙන්න වෙබ් සයිට් එක වැඩි දියුණු කරන්න.

ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා බව් බව් Mobile Hotline එකක් ලඟදීම ඔබ වෙනුවෙන් ආරම්භ කරන්න. එහි Ring-In Tone එකද මම අද නිර්මාණය කලා. C Rose Maxworth නංගිගේ ලස්සන කටහඬ නිසා එය තවත් ලස්සන වුණා. මෙම Ring-In Tone එක ලස්සන කරගන්න ඔබේ අදහස්ද ලබාදෙන්න.

සැ.යු : මාගේ ජීවනෝපාය වන්නේ මාගේ පෞද්ගලික වෙබ් අඩවි සහ මෘදුකාංග සංවර්ධන ආයතනය හරහා සිදුකරන නිර්මාණ අලෙවිය වන අතර ගිහාන් මල්ලී වසර ගණනාවක සිට මාගේ කල්‍යාණ මිතුරෙක් වන නිසාත් ඔහු සිදුකරන සමාජසත්කාරය ඇගෙයීම උදෙසාත් ඔහුගේ වෙබ් අඩවිය නොමිළයේ නිර්මාණය කර දෙන ලදි.

ඔබටත් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0703366488 ඔස්සේ මා හට ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් m.me/Daneshmaduranga

ඔස්සේ චැට් පණිවිඩයක් එවන්න.

සමාජ සේවා සිදුකරන ඔබ වෙනුවෙන් සහ සමාජ ව්‍යවසායකයින් උදෙසා වෙබ් අඩවි නිර්මාණයට 75%ක වට්ටමක් 2018 සැප්තැම්බර් මාසයේදී ලබාදීමට බලාපොරොත්තු වේ.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments