හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 03)
හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 03)
Jan 20

වැඩසටහනේ විස්තර 

ආරම්භක දිනය සහ වේලාව : 20/01/2020 2:00 pm
අවසන් වන දිනය සහ වේලාව : 20/01/2020 4:00 pm
ස්ථානය : අඟුණකොලපලැස්ස

හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය ශාස්ත්රපති පණ්ඩිත පූජ්ය තලම්පෝරුවෙ ඉන්දසිරි සුමන නාහිමියන් විසින් අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 03) – අඟුණකොළපැලැස්ස (හම්බන්තොට දිස්ත්රික්කය)

? Launch of the Hakuruwela Viharaya Website – පුණ්යභූමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන ?

SamajaSathkara.lk පදනමේ අධ්යක්ෂ දේශමාන්ය ධනේෂ් මධුරංග එදිරිසූරිය මහතාගේ සංකල්පයක් මත ශ්රී ලංකාවේ සියලුම විහාරස්ථාන වෙනුවෙන් නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩසටහනක් ලෙස ආරම්භ කල පුණ්යභූමි වැඩසටහනේ තුන්වන වෙබ් අඩවිය ජනවාරි 18 දින අඟුණකොළපැලැස්ස හකුරුවෙල පුරාණ විහාරස්ථානයේදී සුභ මොහොතින් සද්ධර්ම කිර්ති ශ්රි විමලසිරි ගෞරව නාම සහිත රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහ විහාරාධිපති හම්බන්තොට දිස්ත්රික් කෘත්යාධිකාරි පරිවේණාධිපති සංගමයේ ගරු සභාපති බැදිගම විද්යානන්ද පිරිවෙන් පරිවේනාධිපති ශාස්ත්රපති පණ්ඩිත පූජ්ය තලම්පෝරුවෙ ඉන්දසිරි සුමන නා හිමියන් විසින් අන්තර්ජාලයට මුදාහරින ලදි.

කෘතවේදී සත්කාරක සමාජ සේවාවක් ඉටු හකුරුවෙල පුරාණ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ගුරුවල ශ්රී පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අනුස්මරණය කිරීමට සිදුකල පිංකමක් අතරතුර මෙම වැඩසටහන සිදුකරන ලදි. විශේෂ සීල භාවනා වැඩසටහනක්ද ඒ අතරතුර සිදුකරන ලදි.

වෙබ් අඩවි 200කට ආසන්න ප්රමාණයක් ඉදිරි සති කිහිපයේදී අන්තර්ජාලයට නිකුත් කිරීමට නියමිතය. මීට පෙර වෙබ් අඩවි සියල්ල අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ අමාත්ය චමල් රාජපක්ෂ මහතා අතින් අන්තර්ජාලයට මුදා හරින ලදි.

හකුරුවෙල විහාරස්ථානයේ වෙබ් අඩවිය :
https://hakuruwelapuranaviharaya.org.lk

ඔබේ පන්සලටත් නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිනම් දැන්ම කතා කරන්න – 0701 10 10 10

පුණ්‍යභූමි වැඩසටහන : https://punyabhoomi.lk/

පුණ්‍යභූමි වැඩසටහන සම්බන්ධිකරණය : Prasadi Udayangi (සමාජසත්කාර හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකාරක සහ පුණ්‍යභූමි වැඩසටහනේ උපදේශක)

විශේෂ ස්තුතිය :
Nilanthi Edirisooriya (සමාජසත්කාර පදනමේ උප සභාපතිනිය)

විශේෂ ස්තුතිය : මාස 4ක සිට වැඩසටහනට නන් අයුරින් සහය දැක්වූ ෆේස්බුක් මිතුරන් සැමට…

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk