ගලේවෙල සෙනෙහසේ චාරිකා
ගලේවෙල සෙනෙහසේ චාරිකා
Feb 12
චාරිකාවේ විස්තර
ගමනාන්තය : ගලේවෙල
චාරිකාව ආරම්භ කරන දිනය : February 11, 2020 12:00 am
චාරිකාව අවසන් කරන්න බලාපොරොත්තු වන දිනය : February 13, 2020 12:00 am
ගමන් මාර්ගය : වරකාපොල > කුරුණෑගල > ගලේවෙල
චාරිකාවට ඔබට සම්බන්ධ වෙන්න පුලුවන්ද යන වග : Yes
ගමන ඉතාමත් දුෂ්කරයි. දවසේ වැඩි හරියක් බැහැලා පයින් ගියේ. නමුත් 100 දෙනෙක්ට වගේ විවිධ වූ උපකාර කරන්න පුලුවන් වුණා.
අද දවසේ ගල්බොක්කේයාය, පහලදිග්ගල, සියඹලාවත්ත, බුලනවැව, සියඹලාගොල්ලයාය, දමන, මකුළුගස්වැව යන ගම්මාන වල සංචාරය කලා.
අද දවසේ වැඩසටහනට ශ්රම දායකත්වය දැක්වූ දෙවහුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන සුසන්ත අයියාට බොහොම පිං මේ ගමේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම ගැන….
උදේ අම්මා හදලා දුන්න තෝසේ දෙකක් කාලා තමයි තවමත් අපේ කණ්ඩායම ඉන්නේ. දැන් වෙලාව රාත්රී 7.30යි. තවමත් අපිට නතරවෙන ස්ථානයට යන්න බැරිවුණා…
මහන්සියි… නමුත් හිත සතුටෙන් පිරිලා…
ආශිර්වාද, උම්මා ගොඩයි….
කෑමනම් මොනවද ඉතිං, හැමදාම කන්නේ…
ඔක්සිජන් ඕනත් නෑ ඉතිං අපිටනම්….
තවත් චාරිකා


