හාවෙක් වෙනුවෙන් සහකාරියක් සොයයි

හාවෙක් වෙනුවෙන් සහකාරියක් සොයයි

ඔයාලා දන්නවා මං මගේ යාළුවට කොච්චර ආදරේද කියලා… ඒත් මට හිතෙන්නේ මට ලගදීම එයාගෙන් වෙන් වෙලා මං ආදරය කරන කෙනා ලගට යන්න වෙනවා… ඒ කියන්නේ මං එයාව අතහරිනවා කියන එක නෙමෙයි… මං දැන් ඉන්නවා, බලනවා වගේ හැම මොහොතෙම එයාගේ දුකේදි, සතුටේදී මං එයා ලගින් ඉන්න බැරිවෙයි… සමහර විට මට ටික කාලයකට රටින් පිට යන්නත් වෙයි… ඒත් මට එයාව තනි කරන්න බෑ… එයාට ආදරය, සෙනෙහස ඕන… එයාව ආදරෙන් බලාගන්න කෙනෙක් ඕන… ගොඩාක් ආදරණීය කෙනෙක් වෙන්න ඕන… මොකද එයාගේ ආදරේ දරාගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනනේ…

වයස අවුරුදු 24ට අඩු,
අහිංසක හදවතක් තියෙන,
හැම මොහොතෙම හිනා වෙලා ඉන්න කැමති,
දවසට 7,8 පාරක් ගුටිකන එක ඉවසන්න පුළුවන්,
ආදරණීයත්වය පැය 24ම විඳින්න කැමති,
තාත්තා කෙනෙක්ගේ, සහෝදරයෙක්ගේ, යහළුවෙක්ගේ, ආදරවන්තයෙක්ගේ, හැමෝගෙම ආදරය එක පාර ලබන්න කැමති සහකාරියක්, ආදරවන්තියක් ඉන්නවානම් අදම මාව අමතන්න…

එයාව දාලා යන්න මට ගොඩක් දුකයි… ඒත් මොනවා කරන්නද, එයා මගේම සහෝදරයෙක් වුනත් මට දාලා යන්න වෙනවනේ කවදහරි… ඒකයි මං එයාට හොඳ ආදරවන්තියක් හොයලා දෙන්න හදන්නේ…
එයත් එක්ක ඉන්න එක ලේසි නැහැ… ඒත් ඉන්න විදිහ ඉගෙන ගත්ත කෙනාට එයාව නැතුවම බැරිවේවි.

ඒ ආදරය, සෙනෙහස, මිත‍්‍රත්වය ඒ තරමටම ආදරණීයයි… ඒක ගැන මං ඕන තරම් කියලා ඇතිනේ. මල්ලි වෙච්ච මට මෙහෙම ආදරයක් දෙනවනම්, එයාගේ හිමිකාරිය, සහකාරිය වෙන්න පුළුවන් කෙනාට කොයි තරම් ආදරයක් ලැබෙයිද…?

මගේ යාළුවෝ ඔක්කොම එයාගේ ආදරය ගැන දන්නවා. ඒ අයත් ඒක විඳලා තියෙනවා… එයාලත් මෙයාව ලං කරගන්න උත්සාහ ගත්තා… ඒත් මං ඉඩ දුන්නේ නෑ… ඉඩ දෙනවානම් මං ඉඩ දෙන්නේ හරිම ආදරය ලබන්න සුදුසු ආදරවන්තියට විතරයි… මොකද මං එයාගේ පේටන්ට් අයිතිය අරන් ඉවරයි… හැමදාමත් එයා මගේ හොඳම යහළුවා… හැමදාටම…

මට එයාට හොඳ කෙනෙක් හොයා ගන්න පුළුවන් වුනොත් මේ පේජ් එකෙන් මං අළුතෙන් “මංගල කිංකිණි” කියලා එකක් පටන්ගන්නවා මේ පේජ් එකෙන්…

ආදරය විඳින්න, සතුටෙන් ඉන්න, ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න කැමතිනම් මේ ඇරයුම ඔබටයි…

රූපය ගැන හිතන්න ඕන නැහැ… එයා ඇත්තටම ලස්සනයි… හාවෙක් වගේ… (කැත හාවොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා…)

එවන්න මට ෆේස්බුක් මැසේජ් එකක්… හාවාව ඔබටම අයිති කරගන්න. ඒ ලෙන්ගතුකම ඔබේ කරගන්න කාලයයි මේ…

දවස් ගාණකට මං කතා දැන්මේ නැතිවුනොත් ඒ ලෝක විනාසෙට මං මැරිලා නෙමෙයි, මූ මට ගහලා අත කඩලා කියලා මතක තියාගන්න. දැනුත් මේ මට එහා පැත්තට වෙලා ඉන්නවා කල්පනා කර කර හාවියක් ගැන වෙන්න ඇති…

දාලා යන්න නම් ලගට එන්න එපා, හැමදාම ආදරය විඳින්න කැමතිනම් විතරක් එන්න..
එහෙනම් සුබ පැතුම් යාළුවනේ…

මං හාවාගේ එක කුස නූපන් මල්ලී, කලවැද්දා

~ෆේස්බුක් ආදර අන්දරය~

~ෆේස්බුක් ආදර අන්දරය~

මං ආදරය කලේ නෙත්සරට, මං නවෝද්‍යා, මට ෆේස්බුක් වලින් හමුවු ඔහු අමිල… මේ අපේ කතාවයි… ඇත්තටම මේ මගේ කතාවයි…

නෙත්සර, ඔයා වෙනුවෙන් අවංකව ආදරය කල මට ඇයි මෙහෙම කරේ… ඔයාගෙන් මම අපමණ හිත් රිදවීම්, දුක් දරා ගත් මාව අද මෙහෙම අතරමන් කරල දාල ගිය එක පුදුමයකුත් නෙමෙයි. ඔයා මට ඇත්තම ආදරේ කරන්
නැහැ කියල හසිනි කීප සැරයක් මාත් එක්ක කිව්ව. ඒත් මම හිතහදන් හිටියේ.

ඔයා නිසා මම ගොඩක් දුක් වින්දා ඔයා දන්නවා. ගෙවුන අවුරුදු හතරටම ඔයාට අඩු ගානේ අපේ හමුවීමේ ඇනවසරි එක වත් මගේ බර්ත්ඬේ එක වත් ඔයාට මතක තිබුන්නැහැ. ඒත් කමක් නැහැ මම දරා ගත්තා. ඔයාට කෝල් කරත් හමු වුනත් හැමදාම ඔයා මාත් එක්ක රංඩු කරපු එකයි කරේ.
ඔයාව අමතක කරන්න හිතවේ මට ආදරේ නාමෙන් තවත් දුක් විදින්න බැරි නිසයි. එහෙම නැතුව ඔයා එක්ක තරහකින් නෙමෙයි. කාලය ගෙවිල ගියේ ඔයාට මාවත් මට ඔයාවත් හිත්යට නිදන් කරමින් බව මම දැනන් හිටියා.

අහම්බෙන් මට දවසක් අමිල හදුන ගන්න පුඵවන් වුනා. ඇත්තෙන්ම මට එයා හදුන ගන්න ලැබුනේ ෆේස්බුක් එකෙන්. අපි ගොඩක් කතා කරේ අපේ ජීවිත ගැන. නෙත්සර ගැන මම අමිලට කිව්වේ හිතේ දුක නැති කර ගන්නත් අමිල හැර වෙන කෙනෙක් මේ ගැන කියන්න නැති නිසාත්. අමිල මගේ හොද යාඵවෙක් වුනා. ඒක තවත් පහසු වුනේ එයා මගේ ක්ලාස් මේට් කෙනෙක්ගේ යාඵවෙක් වීමයි. කාලයක් යද්දී එයාට මාවත් මට එයාවත් නැතුව බැරුව ගියා.

මගේ ප‍්‍රථම ආදරේන් ලබා ගන්න බැරි වුන සතුට සෙනෙහස මට කෙටි කාලෙකින් අමිලගෙන් ලැබුනා. ඒත් අපි තාමත් හමුවෙලා දැකලවත් නැහැ. අපි නිතරම කතා කරා.

මේ අතරේ නෙත්සර එයා මාව ආයිත් හොයන් ආවා. එයාගේ දුක කියන් කාලය වැය කලා. මම නැවත එයාව බාර ගත්තා මගේ ලෝකයට. මම එයාව මගේ හිතේ නිදන් කරල තිබුන නිසා එය අමාරු වුනෙත් නැහැ. මම දන්නවා එයා මගේ හිතෙන් මරල දැම්මා නම් ආයිත් කවදාවත් මම එයාට ආදරේ කරන්නැහැ. ඒත් ඒ ආදරේ දිගටම මට කරොත් මගේ හොදම යාඵව මට නැති වෙනවා. මොකද එයා දන්නවා එයා මට ආදරේ නැහැ කියලා.

මම මේ සේරම අමිලට කිව්වා. එයා මිනිස්සුන්ගේ හැගීම් හොදින් තේරුම් ගන්න පුඵවන් කෙනෙක්. ගරු කරන්න පුඵවන් උතුම් ගති ගුණ එයාට තියෙනවා. එයාමයි කිව්වේ නෙත්සරට තව අවස්ථාවක් දෙන්න කියලා. ඒත් මට නෙත්සරට බොරු කරන්න බැහැ. ඒ නිසා මම එයාගෙන් සදහටම අයින් වුනා.

දැන් අමිල මේ හැම දේම ගැන කලකිරිල ඉන්නේ… කාටවත් ආදරයක් කරන් නැහැලූ. මාත් ඉන්නේ තනියම, මට ඒ ගැන දුකක් නැහැ. ඒත් මට දුක මම එයාගේ ජීවිතේට වරදක් කලාද කියලයි. මට ඕන එහෙම උනානම් එයාගෙන් සමාව ගන්න. මට කියන්න ඕන මාත් අයිත් කිසිම ආදරයක් පටන් ගන්නැහැ කියන්නයි…

ඒත් උපදින එක ආත්මයක හරි ඔයා එක පාරක් හරි මගේ වෙන්න අමිල…

~~~මං නවෝද්‍යා~~~

නම් ගම් සියල්ල මනංකල්පිතයි… ආදරෙයි අහස තරම් රසිකාවියකගේ ඉල්ලීම මත මේ කතාව සංස්කරණය කර ලියන ලදි… ආදරණීය රසිකාවිය, ඔබ මට පැවසු කතාවට වෙනස් දෙයක් මෙහි ඇත්නම් ඒ වෙනුවෙන් මා පෞද්ගලිකව සමාව අයදිමි… ෆේස්බුක් ඔස්සේ සිදුවූ සිංග්ලිෂ් චැට් එකකින් මෙම කථාව නිර්මාණය කිරීමේදී අදහස් වල වෙනස්කම සිදුවන්නට පුළුවන…

අපි ඔබට සුබ පතන්නෙමු… ඔබගේ ආදරය සත්‍ය නම් ඔහු ඔබ ලගට ඒවී… ආදරය කරන්න ඔහුට අහස තරම්…

~සත්‍ය කතාවකි~

 

මිත්‍රත්වය, සහෝදරත්වය මුසු වූ ආත්මීය බැඳීම

මිත්‍රත්වය, සහෝදරත්වය මුසු වූ ආත්මීය බැඳීම

මං කලින් කීවානේ ලෝකේ ඉන්න හොඳම යාළුවා ඉන්නේ මට කියලා… ඒත් එක්කම ලස්සනම ලස්සන …. දැන් ඉතිං කට්ටිය හිතිං මවාගන්න එපා එයා තමයි ලස්සනම එක්කෙනා කියලා මේ ලෝකේ… උණහපුලූවට උගේ පැටියා මැණිකක් කියනවනේ… අනේ ඉතිං මටත් ඌ කොච්චර කැත උනත් මගේනේ කියලා හිතලා ලස්සනයි කියලා හිතනවා… එයාට තියෙන්නේ ලස්සන කටහඩක්, ගොඩක්ම ලස්සන මොකක් කියනකොටද දන්නවද? මං එයත් එක්ක ෆෝන් එකෙන් කතා කරන හැම වෙලාවකම ෆෝන් එක තියෙනකොට එයා කියන දෙයක් තියෙනවා…

‘හරි එහෙනම් පරෙස්සමට ඉන්න. කෑම කන්න, බුදු සරණා….යි… බුදුසරණයි මල්ලී…. කියලා ගොඩාක් ඇදලා කියනවා…

ඒක දැනෙනකොට හදවතට දරාගන්න බෑ… පුදුම හැගීමක් දැනෙන්නේ… එවෙලෙම එයාව හොයගෙන යන්න හිතෙනවා… ඒ තරම් ආදරණීයයි… සෙනෙහස ගලා හැලෙනවා…

ඒක අහන්න කැමති නිසයි මං එයා කතා කරන හැමවෙලාවෙම කෝල් එක කට් කරනවට කැමති… මොකද අවසාන මොහොතෙදිනේ ඒක කියන්නේ…

යාළුකමට මිලක් නැති එක කොච්චර දෙයක්ද? එහෙම වුනානම් මට ඔයාව ලබාගන්න තරම් වත්කමක් නෑ… ඔයා ඒ තරමටම වටිනවා…

එයාගේ ආදරණීයත්වය කොහොමද කියලා මගේ යාළුවො ගොඩක් දන්නවා… එයාලත් ඒක විඳලා තියෙනවා… හැබැයි මං තරම් වාසනාවන්ත නෑ කවුරුත්… මොකද එයා මං ලගම ඉන්නවා…

ගුටි කන එක තමයි ඉවසන්න බැරි එකම දේ… දවසට 7,8 පාරක් ඇග හැදෙන්න ඕන කියලා ගහනවා… ඒත් ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නෑ….

සතියක් විතර මං කතා නොදැම්මොත් හිතාගන්න මට ගහලා අත කඩලා කියලා… මොකද උණහපුළු කතාව දැක්ක ගමන් මං හෙට ගුටි කන එක ෂුවර් කනවා… මොකද ඌ කියන්නේ ඌ හාවා කියලා… මං කළවැද්දලූ. ඒත් කැත හාවොත් ඉන්නවා කියලා ඌට අමතක වෙලා… රූපය හොඳට බලන්න… ඒකේ හාවෙක් ඉන්නවා…

මොනවා වුනත් මං ආදරෙයි ඔයාට අහස තරම්… ම්… නෑ නෑ… ඊටත් පොඞ්ඩක් විතර වැඩියෙන්… මං මගේ ගර්ල්ට ආදරේ තරමට වඩා පොඞ්ඩක් අඩුවෙන්… දෙන්නෙක්ගෙන් ගුටි කන්න ඕන නැහැනේ බොරුවට කතා ලියලා… 

හැමදාමත් මගේ වෙලා ඉන්න… මගේ හොඳම යාළුවා විදිහට….

ආදරණීය හාවා වෙනුවෙන් ලියූ සත්‍ය කතාවකි…

~කළවැද්දා~

 

~හාවා කුරිරු වෙයි~

~හාවා කුරිරු වෙයි~

මේක හෙට වෙන්න යන සත්‍ය සිදුවීමක්… කලින් මං ලියපු කතාව මගේ යාළුවා කියවලා… දැන් මං හෙට එනකම් බලාගෙන ඉන්නවා මට ගහන්න… මේ දැන් චැට් කරලා කීව්වා “වරෙන්කො ගෙදර ‘අමුතු ගතිය’ දෙන්නම් පිට රත් වෙන්ඩ ” කියලා…

දැන් ඉතිං මං කාට කියන්නද ? හෙට ෂුවර් ගුටි කනවා…

මේ කතාව කියවන්න. එතකොට ගුටි කන හේතුව තේරෙයි… :
https://www.facebook.com/photo.php?fbid=324017761059409&set=a.236003246527528.54284.235928679868318&type=1&theater

 

වැරදුන කිස් එක

වැරදුන කිස් එක

මේ කතාව කියන්න මට ලැජ්ජයි. පොළව පලාගෙන යන්න හිතෙනවා මතක් වෙනකොට. ඒත් මේක කියන්න ඕන. ඇය මට කොච්චර ආදරේ කරනවද කියලා ලෝකෙටම කියන්න කැමතියි මං.

මේ 2007 සැප්තැම්බර් 01 වෙනිදා උදේ 11ට විතර වුණ දෙයක්… මං එතකොට මගෙ ඔෆිස් එකෙන් පොඞ්ඩක් එළියට ගිහින් හිටියේ වැඩකට, එතකොට මං මගේ ගෑණු ළමයට ආදරේ කරන්න පටන් අරන් මාස 4ක් විතර වෙනවා. දින වකවාණු මං දවස ගානේ ඇඳන් හිටිය ඇඳුම් එක්ක මතක තියාගෙන ඉන්න පුළුවන් ඇයට විතරයි. මං ඇයට ආදරේ කරන්න ප‍්‍රධාන හේතුවක් වුණේ ඇය මං වෙනුවෙන් ඒ හැම දෙයක්ම මතක තියාගන්න නිසයි.

කොහොමහරි මං ඔෆිස් එකට එනකොට එයා ඇවිත් හිටියා. මට මාර සතුටක් දැනුනේ. එයා දිවුල් ගෙඩියක් අරන් ඇවිත් තිබ්බා. මං ඒවා අමුවෙන් කන්න හරි ආසයි කියලා එයා දන්නවා. ඒක දුන්න නිසා ඒකට ස්තූති කිරීමක් විදිහට මං එයාට කිස් එකක් දෙන්න මූණ ඉස්සරහට කළා. එයත් ඒකට ප‍්‍රතිචාර දක්වන්න උත්සාහ කලා. දෙන්නගේ මුහුණු දෙක එකට වැදුණා. ඒක තමයි අපේ පළවෙනි කිස් එක. මං ලැජ්ජාවෙන් අහක බලාගත්තා.

දවසම මට හිතට හරි නැහැ. මං හවස 7.40ට මෙහෙම මැසේජ් එකක් යැව්වා.

‘අර වුණ දේ නොවිය යුතු දෙයක්, මට සමාවෙන්න නංගි. ඒක මගේ හිතට වද දෙනවා. මං හිතලා කලේ නැහැ. මට සමාවෙන්න. ඇත්තටම සමාවෙන්න. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න’

එයා මට කොච්චර ආදරේද කියනවානම් එයාට මං ආදරේ කල පළවෙනි දවසේ ඉඳන් අද වෙනකම් මං යැව්ව හැම මැසේජ් එකක්ම ෆෝන් නම්බර් එක, දිනය, වෙලාව තත්පරයත් ඇතුළත්ව ලියලා තියෙනවා පොතක. එයා මට එච්චර ආදරේ කලා කියලා මං දැනගෙන හිටියේ නැහැ.

මං මේ කතාව ලිව්වට කමක් නැත්ද අහන්න දැන් ටිකකට කලින් මෙහෙම මැසේජ් එකක් දැම්මා.

‘සුදුමැණිකේ, ඔයා දුන්න පළවෙනි කිස් එක ගැන මං කතාවක් ලියන්නද? මං ඒකේ ඔයාගේ නම දැම්මට කමක් නැත්ද?’

ඒකට මට මෙහෙම උත්තරයක් ලැබුණා.

‘කමක් නැහැ, ඔයා මගෙන් අහන්නේ ඇයි? ඒ ආදරේ ඔයාගෙත් ආදරේ, අපි ආදරේ කලේ ඔෆීෂියල් විදිහට. අහිතකින්, වලත්තකමකින් අපි කවදාවත් ආදරේ කලේ නැහැ. රූම් ගානේ ගියේ නැහැ. ඔයාගේ රූම් එකේ මං ඇඳුම් මාරු කරනකොටත් අහක බලාගත්ත මිසක්. ඉතිං ඒ ආදරේ ගැන නම් නෙමෙයි ෆොටෝ එක්ක දාන්න ඕන. මොකද ඒ වගේ ආදරයක් නැහැ’

ආදරණීය දිල්ශිකා, මේ ඔයාගේ ආදරය, සෙනෙහස වෙනුවෙන්… ඔයාට මං හැමදාමත් ආදරෙයි… ගොඩාක් ආදරෙයි… දෙන්නට දෙන්නා ඒක මූණට මූන නොකීවට ඇත්තටම අපි දෙන්නට දෙන්නා ගොඩාක් ආදරෙයි කියලා අපේ හිත් දන්නවා…

මේ අපේ ආදරයයි. මං ධනේෂ් මධුරංග… මේ කතාව ලිව්වේ මගේ ආදරණීය පෙම්වතිය දිල්ශිකා යසන්තිනී වෙනුවෙන්… මං ආදරෙයි ඔයාට අහස තරම්, සමහර විට ඊටත් වැඩියෙන්… ම්…. ඊටත් පොඩ්ඩක් වැඩියෙන්…