පෞරුෂත්වය

පෞරුෂත්වය

වීඩියෝව බලන්න : http://www.youtube.com/watch?feature=player_embedded&v=_TtwBZL4KiI

අපි හැමොටම අපේ කියලා අනන්න‍ය්‍ය තාවයක් තියෙනවා. ඒත් අද සමාජෙ තියෙන පාට පාට ලෝකෙට අපිව ගලපෙන්නැති තැන් ඕනා තරම් තියෙනවා. ඒ තැන් දැනගෙන හෝ නොදැන අපිත් වෙනස් වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒත් ඇත්තටම වෙන්නෙ සමජෙ අපිව නැති කරනවා. සමාජෙට ගැලපෙන රූකඩයක් බිහිකරනවා. …..

Story of a Boy, Who Considers himself useless but his Determination and Passion for his Love… Changes EVERYTHING ..!!!!!

Everybody can change their personality.

 

සුදු මල්ලි නිදාගන්න

සුදු මල්ලි නිදාගන්න

මං මේ ලියන්න යන්නේ පේ‍්‍රමය ගැන කතාවක් නම් නෙවෙයි, ඒත් ආදරණීය කතාවක්… ඒකට මං “Rab ne bana di jodi – දෙවියෝ මැව්ව ජෝඩුව” කියලා දැන්මේ පොඩි හිනා යන කාරණයක් නිසා… කතාව කියවලම බලන්න…

මේ මගේ හොඳම යාළුවා ගැන මං ලියන්න හදන්නේ… පේජ් එක කියවන අයට මතක ඇති අර සැන්විච් කතාව ලිව්වේ මෙයාට… මං සතියක් විතර ගෙදර ගිහින් ඉඳලා කොළඹ ආවා. මං කොළඹ ආවාහම ඉන්නේ එයත් එක්ක. එයා ඉන්නේ අම්මයි, නංගියි එක්ක… කොහොමහරි මං ආපු ගමන්ම අපේ පොඩි අයියා හම්බවෙන්න යන්න වුනා පොඩි වැඩ වගයක් ගැන කතා කරන්න… මං 6ට විතර තමයි ගියේ… මං වැඬේට ගොඩක් වෙලා යන නිසා මං යාළුවට කීවා කෑම තියන්න එපා, “ඔයා කන්න අයියේ, මං රැවෙයි” කියලා… මෙයා ඒවා අහන කෙනෙක් නෙමෙයි… මට කන්න බොන්න දීලා, සතුටින් තියන්න එයා හැම වෙලාවෙම උත්සාහ ගන්නවා… එයා ඒක ගණන් නොගෙන කීවා “මල්ලී ඉක්මනට ගිහින් එන්නකෝ” කියලා… කොහොමහරි මං අපේ අයියා මුණගැහෙන්න ගියා. නුගේගොඩ KFC එකට ගියේ… එකේ ඉන්න නිසා අපිට නිකන් ඉන්න බෑනේ… කන්නම වෙනවා… ඒත් මං දන්නවා මගේ යාළුවා මං එනකං බඩගින්නේ ඉන්නවා කියලා…
9 විතර වුනා. කොල් 6,7ට වැඩිය ආවා. “මල්ලී වැඬේ කොහොමද, ඉවරද, දැන් කොහෙද ඉන්නේ?” එක එක දේවල් මගේ යාළුවා ඇහුවා…
මං තවත් පරක්කු වෙන නිසා කීවා “අයියේ ඔයා කන්න, මං රැවෙයි” කියලා… “කමක් නෑ මල්ලි ඔයා එන්නකෝ මං ඉන්නම්” කියලා එයා මට කීවා.
මං අපේ අයියටත් කීවා මේක ගැන, හිතටත් දුකයි. තනියම කන එක ගැන. නොකත් බෑ… කන්න වුනා.

අයියගේ වයිෆ්ටත් කෑම එකක් අරන් යන්න ඕන කීවා රැවුන නිසා. ඒක හින්දා තවත් ටිකක් වෙලා ගියා. වෙලාව 9.30. මං කීවා “අයියේ දැන් යන්න ඕන, අපි පස්සේ කතා කරමු, මගේ යාළුව බඩගින්නේ, එයා මං එනකන් ඉන්නේ, එයා අද දවල්ටත් කෑවේ නෑ වැඩ නිසා, එයාව බඩගින්නේ තියන්න බෑ” කියලා.

අපි හිටපු තැන ඉඳන් ගොඩක් දුරයි බෝඩිමට, මං පයින් ගියේ, ලැප් එකත් උස්සගෙන ගියේ හරි මහන්සියි, උදේ ඉඳන් මාත් ගොඩක් වැඩ කරලා හිටියේ, කකුල් දෙක ඉන්න බැරි තරම් රිදෙනවා, ඒත් යන්න ත‍්‍රීවීල් එකක් හොයාගන්න බැරිවුනා. ඒ අස්සේ ෆෝන් එකත් ඕෆ් වුනා.

දැන්නම් මගේ යාළුවා හොඳටම බය වෙනවා කියලා මං දැනගත්තා… විනාඩි 30ක් විතර ගියා පයින් බෝඩිමට යන්න. පැය භාගයක් ෆෝන් එක ඕෆ්. මං ඉන්න තැනවත් යාළුවා දැනගෙන හිටියේ නෑ. නුගේගොඩ ඉඳන් අතුරු පාරක යන්න ඕන.

මං ටික දුරක් යනකොට යාළුවා මං පස්සෙන් ඇවිත් මගේ අතින් අල්ල ගත්තා. දෙයියනේ මෙයා මගෙන් ප‍්‍රතිචාරයක් නැති නිසා මාව හොයන්න ගිහින් මහ රැ. ඒකත් මං ඉන්න දිහාක් දන්නේ නැතුව කොහේ කියලා හොයන්න මෙයා පාරට බැස්සද කියලා මට හිතගන්න බැරිවුණා. මට මාර ආදරයක් එයා ගැන දැණුනේ. මං පරක්කු වුණ එකට සමාව ඉල්ලූවා.

බොඞ්මට ගියහම තමයි මට තරු පෙණුනේ. ලොකුම ලොකු බත් දෙකක් වහලා තියෙනවා. දෙයියනේ 10.30 වෙලාව. උදේ 9ට විතර කෑවට පස්සේ මෙයා මොනවත් කාලා නෑ. මට කියාගන්න බැරි තරම් දුකක් දැනුනේ.

මං සාමාන්‍යයෙන් පොඞ්ඩක් කන කෙනෙක්, මං රැට කාපු ටිකෙන් ඇත්තටම මගේ බඩ පිරිලා තිබුනේ. මං කොහොම බත් කන්නද, මෙන්න මේ හේතුව නිසයි මං මුලින්ම “Rab ne bana di jodi – දෙවියෝ මැව්ව ජෝඩුව” කියලා කිව්වේ.

ඒකේ scene එකක් තියේ කොල්ලා බඩ පිරෙන්න කාලා ඇවිත් ගෙදර ආවාහම වයිෆ් හදලා දුන්න චිකන් බුරියානි, එයාට තියෙන ආදරේට කනවා. ඒත් ඒ මනුස්සයට ඇත්තටම කන්න බඬේ ඉඩක් නෑ. ආදරේ නිසා, හිත රිදවන්න බැරිකමට කෑවේ… මං ඒ ෆිල්ම් එක දවාලේ බැලූවා. එතකොටයි මේ සිද්ධිය මතක් වුනේ.

අන්න ඒ වගේ දෙයක් මාත් කලේ. අමාරුවෙන් ඇස්දෙකේ කඳුළු පෙරි පෙරි බත් කෑවා…
මං මහන්සියෙන්නේ හිටියේ, ඇග හෝදගෙන කකුලත් අමාරු නිසා ටිකක් කෙඳිරි ගගා ඇඳට වැටුනා… මං නිසා මගේ යාළුවා පැය 12ටත් වඩා බඩගින්නේ හිටපු එකට මට මාර දුකයි…

ටිකකින් මගේ කකුල කවුරුහරි අල්ලනවා වගේ දැනුනා. අනේ මගේ යාළුවා මගේ කකුලේ බාම් ගානවා. පවු දෙයියනේ. එයා මට කොච්චර ආදරේද, ඔළුවෙත් එහෙමම බාම් ගාලා, ඔළුව ටිකක් අතගාලා “සුදුමල්ලි නිදාගන්න” කීවා…

මගේ ජීවිතේදි මට මුණ ගැහුණ හොඳම යාළුවා ඔයා… ඔයා මගේම කෙනෙක් වගේ මාව ආදරෙන් බලාගත්තා, තාමත් බලාගන්නවා… එයා අසනීපෙන් කියලා මට අද කතා කරලා කීවා. මං හෙටම යනවා එයා ලගට.

මට තේරුණ එක දෙයක් තියෙනවා. ඒ එයා මං ලග නැත්නම්, මං එයා ලග නැත්තම් දෙන්නම අසනීප වෙනවා කියලා. ලග ඉන්නවනම් ප‍්‍රශ්නයක් නෑ. ඒ දෙන්නට දෙන්නා බලාගන්න නිසයි, ආදරය, සෙනෙහස, මිත‍්‍රත්වය එතන උතුරලා යන නිසයි.

කොහොමවුනත් මට දෙන මේ අසීමිත ආදරයට ඔයාට පිං. මේ වගේ ආදරයක්, මිත‍්‍රත්වයක් මට කවදාවත් ලැබිලා නෑ, දැනිලා නෑ…

මං අසනීප වුනහම මාව බලාගන්නවට, තනි නොතනියට ඉන්නවට, දුකේදී මාව සතුටු කරනවට, සතුටෙදි ඒක දෙගුණ තෙගුණ කරනවට, මං වෙනුවෙන් බඩගින්නේ ඉන්නවට මං ඔයාට සදා ණයගැතියි.

මේ උපහාරය ඔයාගේ මිත‍්‍රත්වයට. මං ඔයාට ආදරෙයි අහස තරම්…

~පෞද්ගලික අත්දැකීමකි ~