පොලිස්කාරයා

පොලිස්කාරයා

Color Lights | A Film By Kaushalya Madhawa Pathirana

පොලිස්කාරයා…
මොහොතකට හිතුණද අපි වෙනුවෙන් මේ මනුස්සයා කොච්චර දුකක් විඳිනවද කියලා ? ඒත් අපි එයාට පොලිස් කාරයා කියන්නේ ඇයි ?

වීඩියෝව බලන්න, මනුස්සකම කියන දේ තියෙනම් SHARE කරන්න…

Color Light | කලර් ලයිට් : http://www.youtube.com/watch?v=DRzUcI8ZUcI

~All rights reserved to Kaushalya Madhawa Pathirana~

මං ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තේ

මං ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තේ

මං මේ පළවෙනි වතාවට එකම කතාව දෙවැනි වතාවට පේජ් එකට දාන්නේ… තාත්තගේ ආදරේ කීපාරක් දැම්මත් ඇති වෙන්නේ නැහැ… ඔයාලත් කියවලා බලන්න, අපිට තාත්තලා කොච්චර ආදරේද, අපි එයාලට කරන දේවල් හරිද කියලා…

මං ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තේ….

අපේ දිහාට ෆෝන් එකක් ඉස්සරවෙලාම ගෙනාවේ 2000 විතර, ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට හිතෙන විදිහට අද මම මේ තත්වෙත් ඉන්නේ ෆෝන් එක නිසා…ඒක ඇල්කටෙල් ෆෝන් එකක්…දැන්නම් ගෙදර හැමෝටම තියෙනවා..මටම 5ක් විතර තියෙනවා..
කොහොම හරි අපේ තාත්තටත් එකක් ඕන කියාල ගත්තා, මොකද මම පංති ගියහම ඉන්න තැන් බලාගන්න, එන වෙලාව දැනගන්න. ඒ 2004 විතර…තාත්තා ඒකේ කෝල් ගන්න බට්න් එක, කට් කරන එක ඇරෙන්න වෙන දෙයක් දැනගෙන හිටියේ නෑ…ඉතිං ෆෝන් එක මිලට ගත් දා පටන් තාත්තාගේ ඉල්ලීම වූවේ එහි ඇති වැඩ පිළිබඳව එයාටත් කියලා දෙන්න කියාය. මමත් ඉතිං technology expert පොරක් නිසා , හා මම කියල දෙන්නම්, කියා වැඩේ බාර ගත්තද ටික දවසක් යනවිට එය එපා වූවේ මම කියනා මෙලෝ දෙයක් ඊළඟ දවසේ වන විට තාත්තාගේ මතකයේ රැඳී නොතිබීම නිසා.

ඔය කාලය අතරතුර තාත්තා මගෙන් අසාගත් නොහොඳ නෝක්කාඩු කතා ගණන නම් අසීමිත වූ බව මම දනිමි.

“මොනාද අනේ,කොච්චර කියල දුන්නත් තාත්තට කිසි දෙයක් මතක නෑ නේ…”

“ආයේ නම් කියල දෙන්නේ නෑ හරි ද..මේ අන්තිම පාර..”

“අයියෝ SMS ගහන්න පුරුදු වෙන්නේ කාට SMS යවන්නද අප්පා..??”

“දැන් නම් මේක හරි කරදරයක් වෙනවා…”

මේ ආකාරයෙන් එකී මෙකී නොකී කතා සිය ගණනක් මගේ මුවින් පිටවන්නට ඇත්තේ ය.

මේ සියල්ලටම තාත්තා කිසිම දෙයක් කිව්වේ නැත්තේ ය.ඔහු කල එකම දෙය නම් මා ඇනුම්පදයක් කියන විට හිනැහීම හා ඇතැම් වෙලාවට “අපි ඉතින් ඔයාලා වගේ මේවා ගැන දන්නේ නෑ නේ මයේ පුතේ. ඒකනේ අමතක වෙන්නේ” කියා කිවීම පමණ ය.

2005 මම උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ඉස්කෝලෙට ගියා..ගිහින් ඉස්කෝලෙට ආපු විත්තිය තාත්තට කියලා ෆෝන් එක ඕෆ් කලා. ගියා කියලා කිව්වෙ නැත්තම් හුස්ම හිරවෙයි, ඒ තරමට මං ගැන හොයනවා.. අවුරුදු 2ක් කුරුණෑගල උසස්පෙළ ක්ලාස් එකේ එළියට වෙලා හිටියා උදේ 8 ඉඳන් 5 වෙනකන් මාව ආපහු ගෙදර එක්ක යන්න…
කොහොමහරි උදේ වරුවේ පේපර් එකට ලියලා ඉන්ටර්වල් එකේදී මම ආයෙත් ෆෝන් එක ඔන් කලා.

ටික වෙලාවක් ගිය විට ලැබුණු SMS පණිවිඩයක් දැකීමෙන් පසු මගේ හදවතට දැනුන හැඟීම මේ සටහන ලියන මොහොතේ දී ද ඒ ආකාරයෙන් ම දැනෙන්නේ ය..

උදේ 8.50 ට පමණ (විභාගය පටන් ගන්නේ උදේ 9 ට ය.) තාත්තා විසින් ඒවා තිබුණු එම පණිවිඩයේ සඳහන් වූවේ මෙම වාක්‍ය කිහිපය ය.

“පුතේ හොඳට පේපර් එක කියවලා උත්තර ලියන්න. කලබල වෙන්න එපා. පුතාට ඕක පාස් වෙන්න පුළුවන්. බුදු සරණයි! මොන දේ උනත් පුතාට අපි ආදරෙයි ගොඩාක්, හැමදාමත්… තාත්තා”

මම ඇස් දෙකේ කඳුලු පුරවගෙන මේ පෝස්ට් එක දාන්නේ..
තාත්තා අද මං ලග නෑ….
මට එයා නැති අඩුව ගොඩක් දැනෙනවා…
කාටවත් බෑ ඒ අඩුව පුරවන්න…
මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ….

මගේ අනිත් පෝස්ට් වගේ කාටවත් මං මේක ලයික් කරන්නවත් ශෙයාර් කරන්නවත් කියන්නේ නෑ… මගේ හදවත ඒක ලෝකෙ පුරාවටම ශෙයාර් කරල ඉවරයි…
ඇස් දෙකෙන් කඳුලූ වැටෙනවා… පපුව පැලෙන්න වගේ… මට සමාවෙන්න තාත්තේ…

 

ජීවිතේ සතුට කියන්නේ මුදල් කියන දේම නෙවෙයි

ජීවිතේ සතුට කියන්නේ මුදල් කියන දේම නෙවෙයි

එක්තරා කාලෙක රජ කෙනෙක් සියලුම රජ සම්පත් වලින් ආඪයව කල් ගත කරන ලදී. සියලු සැප සම්පත් තිබුණද ඔහු තුළ සතුටක් නම් නොවීය.

දිනක් උද්‍යානයෙහි සක්මන් කරමින් සිටින මොහුට ඉතා දිළිඳු උයන් පල්ලෙකු බොහෝමත් සතුටින්, ගීතයක් මුමුණමින් තම රාජකාරියෙහි නිරතවනු දැකගත හැකිවිය. මෙයින් පුදුමයට පත්වූ රජු, උයන්පල්ලා ගෙන්වා ඔහු මෙපමණ දිළිඳු බවින් යුතුවත් සතුටින් සිටීමට හේතුව විමසන ලදී.

”දේවයන්වහන්ස, මම බොහෝම දිළිඳු බව නම් ඇත්ත, ඒත් මමයි මගේ බිරිඳයි ළමයි ටික දෙනයි ඉන්නේ බොහෝම සතුටින්. එයාලා ගැන හිතද්දී මට කිසිම දුකක් දැනෙන් නෑ. දැනෙන්නේ අසීමිත සතුටක් පමණයි.” මේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ රජු වහාම තම පුරෝහිත ගෙන්වා සැප සම්පත් වලින් අඩුවක් නොමැති තමා සතුටින් නොමැති වීමටත්, දිළිඳු උයන්පල්ලා නිරන්තරයෙන් සතුටින් සිටීමටත් හේතුව විචාලේය.

මේකයි රජතුමනි, ඔය උයන්පල්ලා තවම 99 කණ්ඩායමට බැඳිලා නෑ. ඔබ වහන්සේටත් 99 කණ්ඩායම ගැන දැනගන්න ඕන නම් අද රෑ ඔහු සේවය කරන උද්‍යාන කොටසේ රන් කාසි 99ක් සහිත කාසි පොදියක් තබන්න. උදෑසන සේවයට පැමිණි උයන්පල්ලා හට රන් කාසි පොදිය හමුවිය. ඔහු එය ඉතාමත් සතුටින් රැගෙන එය සඟවාගෙන තම නිවෙසට ගෙනයන ලදී. ඉතා සතුටින් සිටි ඔහු කාසි ටික එකින් එක ගණින්නට වුවද එහි ඇත්තේ කාසි 99ක් පමණක් බව ඔහුට වැටහිණි.

නැවතත් ගැන බැලුවද එය එසේම විය. මීලඟ දිනයේද රජු පෙර පරිදිම රන් කාසි 99ක් සහිත මල්ලක් උයනෙහි තබා උයන්පල්ලා දෙස සෝදිසියෙන් බලා සිටින්නට විය. මෙවරද ඔහු එය සඟවාගෙන නිවසට ගෙනයන ලදී. පෙර පරිදිම ගැන බැලූ ඔහුට එහි ඇත්තේ කාසි 99ක් පමණක් බව වැටහිණි. කිහිප වරක් ගැන බැලුවද ප්‍රතිඵලය පෙර පරිදිම විය. ඔහු අතින් සිදුවන වරදක් නිසා දෙවියන් ඔහු හට මෙලෙස කාසියක් අඩුවෙන් ලබාදෙන බව ඔහු සිතන්නට විය. නැතිනම් කිසිම අයෙකු කාසි 99ක් නොදෙන බව ඔහු ඔහුටම කියාගනිමින් මින්පසු වෙනදාටත් වඩා මහන්සි වී වැඩ කිරීමට සිතා ගති. කොතෙක් මහන්සි වී සේවයේ යෙදුනද ඔහුට දිනපතා ලැබෙන කාසි ගණන 99ක් පමණක්ම විය.

තමන්ට නියමාකාරයෙන් කාසි ගණන ඉපැයීමට උදව් නොකරනවායැයි ඔහු තම බිරිඳට සහ දරුවන්ට බැණ වදින්නට විය. වෙනදා සතුටින්, ගීතයක් මුමුණමින් රාජකාරියේ යෙදුනු ඔහුගෙන් ඒ සතුට දැකගත නොහැකි විය. පුරෝහිත රජු වෙත පැමිණ මෙසේ ඒ සිදුවීම විස්තර කරන ලදී… ”දේවයන්වහන්ස, දැන් උයන්පල්ලා නීත්‍යානුකූලව 99 කණ්ඩායමට බැඳිල ඉන්නේ.

99 කණ්ඩායම කියන්නේ සතුටින් ඉන්න ඇති තරම් දේවල් තිබුණත් නැති දෙයක් ගැන හිතල දුක්වෙන, පසුතැවෙන මිනිස්සුන් කණ්ඩායමට. මොකද ඒ අය නිතරම ක්‍රියා කරන්නේ ”අන්තිම එකත් අරගෙනම නතර කරනවා” කියන අදහසින්. ඉතිං කවදාවත් ලද දෙයින් සෑහීමකට පත්වෙන්නේ නෑ. ආශාවන්ගේ අවසානයක් නෑ. නොදැනීම සතුට කියන දේ ජීවිතෙන් මග හැරිලා.” ජීවිතේ සතුට කියන්නේ මුදල් කියන දේම නෙවෙයි නේද යාලුවනේ. ආශාවන් සීමිත වෙනකොට සතුට කියන දේ අපේ ජීවිත වලට බොහොම ලඟයි කියලයි මට නම් හිතෙන්නේ.

අපේ ආත්මය

අපේ ආත්මය

එක්තරා කාලයක වෙළෙන්දෙක් හිටියා. සල්ලි ගොඩාක් තිබුන මේ වෙළෙන්දට හිටියා නෝනලා 04 දෙනෙක්

ඔහු මේ හිටිය නෝනලගෙන් හතරවෙනි නෝනට ගොඩාක් ආදරය කලා, ආභරණ වලින් සැරසුවා වගේම ලස්සන ඇදුම් වලිනුත් සැරසුවා. ඇයව හොදින්ම රැක බලා ගත්තා. තුන්වෙනි නෝනාටත් මේ වෙළෙන්දා ගොඩාක් ආදරෙයි. වෙළෙන්දා නිතරම එයාව තියාගත්තේ එයාගේ යාලුවන්ට පෙන්වන්න. ඒ නෝනා ගැන එයා ගොඩාක් ආඩම්බරත් වුනා. පොඩි බයකුත් තිබුනා කවුරු හරි ඒ නෝනා අරගෙන යාවි කියලත්. දෙවනි නෝනාටත් මේ වෙළෙන්දා ආදරෙයි.. ඒ නෝනා ගොඩාක් මැදිහත් ඒ වගේම හරි ඉවසිලිවන්තයි. මේ පෝසත් වෙළෙන්දට ප්‍රශ්ණයක් වුන හැම වේලාවේම ඒ ගැන යමක් අහන්නෙත් මේ දෙවන නෝනගෙන් තමා. ඇය හැම අමාරු වෙලාවේම මේ වෙළෙන්දත් එක්කමයි. දන්නවද? මේ වෙළෙන්දාගේ පළමු වැනි නෝනා බොහෝම ගෞරවයෙන් යුතු කෙනෙක්. වෙළෙන්දාගේ වත්කම්, ව්‍යාපාර වගේම ගෙවල් දොරවල් පිළවෙල ගැනත් හොයා බැලුවේ මේ පළමු වැනි නෝනා.

එයා වෙළෙන්දත් එක්ක නිතරම එකට ඉන්න හැදුවට වෙළෙන්දා මේ පළමු නෝනාට ආදරේ කලෙත් නෑ ඇය ගැන සොයා බැලුවෙත් නෑ. ඒත් ඇය ඔහුට හිත ගැඹුරෙන්ම ආදරය කළා. ඉතින් කාලය මෙහෙම ගෙවීගෙන ගෙවීගෙන යද්දි දවසක් මේ වෙළෙන්දා හොදට ම ලෙඩ වුනා. ඔහු දැන ගත්තා ඔහු ඉක්මනින් මැරෙන්න යනවා කියලත්. අන්න ඒ හින්දම වෙළෙන්දා කල්පනා කලා “මම මෙච්චර සැප සම්පත් එක්ක වගේම නෝනලා හතර දෙනෙකුත් එක්කම ගොඩාක් සතුටින් තමා හිටියේ, හැබැයි මැරුනොත් නම් මම තනිවේවි.“ මෙහෙම හිතුන වෙළෙන්දා බැලුවා නෝනලවත් තමන් එක්ක එක්කන් යන්න.

වෙළෙන්දා මුලින්ම හතරවෙනි නෝනාට කතා කලා. කතා කරලා කිව්වා “ මම ඔයාට ගොඩාක් ආදරේ කලා, හොඳ ආභරණ, රෙදි ඔයාට දුන්නා. ඉතින් දැන් මම මැරෙන්න යන්නේ ඔයා එනවද මාත් එක්ක යන්න? “ මේ හතරවෙනි නෝනා ගත් කටටම වෙළෙන්දාට “ බැහැ“ කියලා කිව්වා. ඒ කතාවට වෙළෙන්දාගේ හදවතට පිහියෙන් ඇන්නා වගේ වුනා.
වෙළෙන්දා තුන්වෙනි නෝනාගෙනුත් ඇහුවා අර ප්‍රශ්ණෙම. ඇය කියනවා “මේ ජිවිතේ කොච්චර හොඳද. ඔයා මැරුණම මම වෙන කෙනෙක්ව කසාද බඳිනවා. ඒ නිසා ඔයත් එක්ක එන්න බෑ“ කියලා. වෙළෙන්දට තවත් දුකයි, ඔහුගේ හදවත සීතල වෙනවා. කොහොමටත් කියලා ඔහු කතා කරනවා දෙවන බිරිඳට, ඇයගෙන් වෙළෙන්දා ඇහුවා ඔයා ඕනම ප්‍රශ්ණෙකදී මාත් එක්කම හිටියා, දැන් මම මැරෙන්න යන්නේ. ඔයා එනවද මාත් එක්ක? දෙවන බිරිද ටිකක් කල්පනා කරලා මෙහෙම කියනවා. “මට සමාවෙන්න. මේ පාර නම් මට ඒක කරන්න බැරි වෙනවා. හැබැයි ඔයත් එක්ක ඔයාගේ සොහොන ගාවට නම් එනවා“ කියලා.

ඒ උත්තරයත් වෙළෙන්දාට දැනුනේ හරියට අකුණක් කෙටුවා වගේ. එක පාරටම අසරණ වෙළෙන්දාට ඇහෙනවා “ මම එනවා ඔයත් එක්ක, ඔයා කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා“ වෙළෙන්දා බැලුවා වටපිට ඒ ඔහුගේ පළවෙනි නෝනා, එයා හරියට දුර්වල වෙලා. වෙළෙන්දාට දුක හිතෙනවා. ඔහු කියනවා, “ අයියෝ… මට පුළුවන්කම තිබුණ කාලේදී ඔයාව හොදින් බලාගන්න තිබුණා…“ කියලා.

දන්නවද??? මේ වගේ නෝනාලා හතර දෙනෙක් අපේ ජිවිත වලත් ඉන්නවා. කවුද ඒ??? හතරවෙනි නෝනා තමා අපේ ශරීරය. කොච්චර වේලාව අරන් හැඩ වැඩ දාලා ලස්සන කලත් අපි මැරෙන වේලාවට එයා අපිව දාලා යනවා. ම්… තුන්වෙනි නෝනා, ඒ තමා අපේ තත්ත්වය, වත්කම. අයියෝ. අපි මැරුනම ඒ ඔක්කෝම අනුන්ගේ. දෙවනි නෝනා, ඒ තමා අපේ දෙමව්පියන් හා යාලුවෝ ටික. ඕනම දේකට ජිවත් වෙද්දි අපි ළඟ ඉන්නවා. හැබැයි අපි මැරුණම අපේ සොහොනගාව හිටගෙන ඉන්නවා විතරයි.

පළවෙනි නෝනා තමා අපි කවදාවත්ම මුදලින්, වටිණ රෙදි වලින්, සතුටෙන් සරසවන්නෙ නැති අපේ ආත්මය. අද ඉඳන් අපි අපේ ආත්මයට ගරු කරමු. ආත්මයම නිවී සුවපත් වෙන ජීවිතයක් ගත කරමු.

 

සැම විටම දරුවන්ට ආදර්ශමත් වෙන්න

සැම විටම දරුවන්ට ආදර්ශමත් වෙන්න

තමන්ගේ වයසක ආදරණීය බිරිඳ නැතිවුනාට පස්සේ තනිවුන වයසක ඔහු එයාගේ එකම පුතයි, ලේලියයි අවුරුදු 4ක් වුණු මුණුබුරයි ඉන්න ගෙදර පදිංචියට යන්න ගියා. අත් වේවලනවා. පෙනීමත් දැන් බොහෝම දුර්වලයි. අනික වයස හින්දම ඇවිදින්නෙත් බොහෝම අමාරුවෙන්. මේ පවුල රාත්‍රියට තමන්ගේ කෑම වේල ගන්නේ එකම මේසයක වාඩිවෙලා. සුහුද කතා බහත් එක්ක. සීයත් මේ මේසේම කෑම කනවා. හැබැයි හැමදාම වගේ වයසක සීයා එහෙම නැතිනම් මේ ගෙදර පුතාගේ ”තාත්තා” මේසේ පුරාමයි, බිමයි කෑම ජාති හලා ගන්නවා. ඒ මිදිවට පිගන් කෝප්ප එහෙමත්. ඒ ඉතින් එයා වයස හින්දා. ලේලියට වගේම පුතාටත් මේක කරදරයක්. දවසක් ලේලිය කෑම මේසේදීම තරහින් තම ස්වාමිපුරුෂයාට මෙහෙම කියනවා… ”මේක නම් හරියන්නේ නෑ. මට දැන් ඇති වෙලා තියෙන්නේ. හැමදාම එක වගේ, ඔයාගේ තාත්තටට නම් මොකක් හරිම කරන්න වෙනවා

හැමදාම කෑම හලා ගන්නවා. මට තියෙන වැඩ මදිවට තව වද දෙනවා.” පුංචි පුතත් පුදුමයෙන් මේ දේ බලා හිටියා.

ඊලග දවසේ මේ නෝනයි මහත්තයයි දෙන්නා ගේ මුල්ලක පොඩි මේසයකුයි, පුටුවකුයි හදලා වෙනදා කෑම වෙලාවට සීයගේ කෑම වේල එතනට ලැහැස්ති කලා. ඒ විතරක් නෙවේ. මේ ලේලිය තමන්ගේ පුංචි දරුවට ඒකට ඕන තවත් දේ ගේන්නත් කිව්වා. ”පුතේ… සීයට කෑම දෙන්න ඔය ලී පිඟාන මෙහේට අරන් එන්නකෝ. දැන් ඉතින් ඔයාගේ සීයා කොච්චර පිඟන්, කෑම බිම දැම්මත් කමක් නෑ. දැක්කද කෑම කන්නේ මුල්ලකනේ. අනික පිගානත් ලී.. ඇය සතුටෙන්ම කිව්වා.” පුංචි පුතා, මේ සියගේ මුණුබුරා ලී පිගානත් ගෙනල්ලා දුන්නා. දින ගත වී ගෙන යනවා… මේ පවුල තමන්ගේ කෑම වේල් සතුටින් පුරුදු මේසේම ගන්නවා. සීයා මුල්ලක තියෙන මේසයේ ලී පිගානක තමන්ගේ කෑම වේල ගන්නවා. එකත් වෙව්ල වෙව්ල හරිම දුකෙන්. ඉඳ හිට කඳුලු බිංඳුවක් දෙකක් බත් පිඟානට නොවටුණා නෙවෙයි.

සතියකට විතර පස්සේ පුතා වැඩ ඇරිලා ගෙදර එනකොට පුංචි පුතා ලී කෑලි වගයක් අරගෙන සෙල්ලමක් කරනවා. ”පුතේ… මොනාද පුතේ ඔයා ඔය හදන්නේ? සෙල්ලම් වාහනයක්ද?” ඔහු ආදරයෙන් ඇහුවා. ”නෑ නෑ තාත්තේ… මම මේ ලී පිඟන් දෙකක් හදනවා.”
”ඒ මොකටද පුතේ ඒ?” ”අර අපේ සීයට දුන්නේ, අන්න ඒ වගේ අම්මයි තාත්තායි වයසට ගියාම කෑම දෙන්න පිඟන් දෙකක් ඕනනේ. මම ඒවා හදනවා.” පොඩි එකා කිසිම ගාණක් නැතිව උත්තර දුන්නා. මේ පිලිතුර දුන් ගමන්ම පුතාගේ වගේම ඒ ගැන බලන් හිටපු ලේලියටත් කට උත්තර නැතිව ගියා. ඒ දෙන්නා මුහුනට මුහුන බැලුවා.

එදා හවසම පුතයි ලේලියි අර ගේ මුල්ලක තිබුනු ලී මේසය අයින් කරලා දැම්මා. මුල් දවස් වල වගේම එකම මේසයක එකට වාඩිවෙලා මේ පුතයි ලේලියි, මේ අසරණ ”තාත්තා” නැතිනම් මුනුපුරාගේ සීයා කෑම කනවා. මොන දේ ඉහිරුනත් ඒ ගැන කිසිම දොසක් නොකියන්නත් මේ වයසක තාත්තට හොදින් සලකන්නත් යුතුකම් හොදින් ඉටුකරන්නත් වග බලා ගත්තා. පුංචි ළමයි හැමදේම හරි අවධානයෙන් බලනවා. මොකද ඔවුන් ක්‍රියා කරන්නේ අපි ක්‍රියා කරන විදිහ බලලා ගන්න අදහසින්. අන්න එයින් මනසට, බුද්ධියට ලැබෙන දේ සමහරක් ඔවුන් අනාගතයටත් ඉතිරි කරගන්නවා. ඉතින් පුංචි ළමයි ඉදිරියේ එහෙම වැරදි දේ නොකරන්නත්, අපි හදා වඩා ගත්ත අපේ අත පය දැඩි කල අපේ දෙමව්පියන්ටත් ඔවුන් මොන තත්වයේ සිටියත් කලගුණ සලකන්නත් අපි වගබලා ගතයුතුයි ! මොකද අපිට ඒකට ලැබෙන්නේ බොහෝම ටික කාලයක් විතරයි.