සරසවිය Dancing Studio වෙබ් අඩවිය නිර්මාණය

by | Sep 21, 2018 | Profile Picture | 0 comments

සරසවිය Dancing Studio වෙබ් අඩවිය නිර්මාණය

ඔබගේ මංගල උත්සවය හැඩ කරගන්නා ගමන් තවත් අසරණ දරුවෙකුගේ ජීවිතය හැඩ කරන්න දායක වෙන්න දැන් ඔබටත් පුලුවන් !

අති දක්ෂ නර්ථන ශිල්පීන්ගේ සේවාව ඔබටත් අවශ්‍යයිද? ඔබගේ සංස්කෘතික වැඩසටහන්, මංගල උත්සව ආදියට අවශ්‍ය නැටුම් කණ්ඩායම් වල සේවාව දැන් ඔබට Sarasawiya Dance Studio හරහා හෝ Gayan Buddika මහතා සම්බන්ධ කරගෙන ලබාගත හැක. ඒ වගේම නර්ථනය ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඕනෑම කෙනෙක්ට නර්ථනය ඉගෙන ගන්න විශිෂ්ට තැනක් තමයි මේ නර්ථනායතනය.

මේ ආයතනයේ වෙබ් අඩවිය නිර්මාණය SamajaSathkara.lk Tech Labs විසින් සිදු කරනු ලබනවා. මෙම ආයතනයද අසරණ අයට පිහිට වීම සඳහා සමාජසත්කාර සමඟ අත්දැල් බැඳගත් තවත් එක් ආයතනයක්. SamajaSathkara.lk Tech Labs හරහා කුඩා පරිමාණ ව්‍යාපාර කරන අයට සමහර වෙලාවට නොමිළයේ හෝ ඉතාමත් අඩුම මිළට වෙබ් අඩවි නිර්මාණය කරලා දෙනවා. 75%ක් මිළ අඩු කරනවා ආයතනයේ හෝ ව්‍යාපාරයේ CSR ව්‍යාපෘති සඳහා SamajaSathkara.lk සම්බන්ධ කරගන්නවනම්. ඉතිං “සරසවි සත්කාර” කියන්නේ අන්න ඒ වගේ සේවාවක්. සමාජසත්කාර වෙබ් අඩවිය හරහා හෝ සමාජසත්කාර පෝස්ට් එකක් හරහා ඔබගේ මංගල උත්සවය හැඩ කරන්න සරසවිය Dance Group එකක සේවාව ඔබ ලබාගතහොත් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල ඉන්නා දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමටද, නර්ථනය හදාරන දරුවන්ට ඒ සඳහා අවශ්‍ය දේවල්, උපදෙස් ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට දායකත්වය ලබාදීම පිළිබඳව අප මේ දිනවල මෙම ආයතනය සමඟ සාකච්ඡා කරමින් පවතිනවා.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments