ජනමිතු පදනමේ වෙබ් අඩවිය නිර්මාණය

by | Sep 21, 2018 | Profile Picture | 0 comments

ජනමිතු පදනමේ වෙබ් අඩවිය නිර්මාණය

Randima Chathuranga කියන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ලාබාලම නාගරික සභා මන්ත්‍රීවරයා. මා ඔහු දැන හඳුනගෙන වසර 6-7ක් වෙනවා. එකල ඔහු දේශපාලකයෙකුව සිටින කාලයේ ඔහුගේ සමාජ සේවා කටයුතු පලකිරීම සඳහා නිර්මාණය කල ඔහුගේ Janamithu.org වෙබ් අඩවියද නිර්මාණය කලේ මා විසින්. දැන් ඔහු වෙනත් සමාජ සේවා පදනමක් ආරම්භ කරලා තියේ ජනමිතු පදනම කියලා. මේ දිනවල එම පදනමට අප වෙබ් අඩවියක් නිර්මාණය කරනවා.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ ලෝකයේ ඕනෑම තැනක සිට විවිධ ක්‍රමවේද විශාල ප්‍රමාණයක් ඔස්සේ පදනමට ආධාර කිරීමට හැකිවන ආකාරයටයි. වෙබ් අඩවිය නිර්මාණය කල පසු පදනමට ආධාර ලබාදෙන ආකාරය, ව්‍යාපෘති පිළිබඳව විස්තර, බැංකු ගිණුම් විස්තර පිළිබඳව ඔබ දැනුවත් කරන්නම්.

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments