හැමෝටම අභිරහසක් වූ හනී-බනී (Jurassic Home)

by | Oct 12, 2019 | Life

හැමෝටම අභිරහසක් වූ හනී-බනී (Jurassic Home)

හැමදාම මං අපේ ගෙදර බල්ලෝ දෙන්න ගැන පෝස්ට් දානවනේ. මේ ඉන්නේ හනී-බනී. 2015 පංසලක ඉඳන් ගෙනාව බලු කුක්කෝ දෙන්නෙක්. මුං දෙන්නා හින්දා අපේ ගෙදරට මෙලෝ යකෙකුට එන්න බෑ. පැය භාගෙකට කලින් කියන්න ඕන කවුරු හරි එනවනම් මුංව ගෙට දාගන්න. කවුරුහරි අහු වුනොත් කෑලිත් නෑ. මමත් ගෙදර ඉන්නේ දොරවල් වහගෙන. ජනේලෙන් එලිය බලනකොට මට හිතෙන්නේ ජුරාසික් පාක් එකේ ඉන්නවා කියලා.

මුං හින්දා තමයි අම්මා වැටෙන්නේ, තුවාල වෙන්නේ. අපිවත් හපනවා. ලඟකදි ගත්ත ෆොටෝ නැත්තේ මුංගේ ෆොටෝ ගන්නවා කියන්නේ අපේ අවසානේ වගේ තමා…

ඒක නිසා පරණ ෆොටෝ ටිකක් දැම්මා. දැන් අපේ මිදුලේ මෙහෙම ඉන්න එකනම් හීනයක්….

 

0 Comments