පුංචි හරි පරිගණක දැනුමක් තිබේනම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් අපගේ ව්‍යාපෘතියට උදව් කරන්න

by | Oct 12, 2019 | Working

පුංචි හරි පරිගණක දැනුමක් තිබේනම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් අපගේ ව්‍යාපෘතියට උදව් කරන්න

විහාරස්ථාන/ආශ්‍රම කීවොත් අද අපේ ලංකාවේ මිනිස්සු දන්නේ 3-4යි. මොකද තාක්ෂණය භාවිතා කරන්නේ කිහිපයයි. අනික් අතට අපේ මිනිස්සුන්ට ගමේ පන්සල අමතක වෙලා. ගමේ පන්සලේ වැසිකිළියක්, බුදුමැදුරක්, දාන ශාලාවක් නොමැතිබව නොදකින මිනිස්සු වෙන තැන්වල රත්තරනින් ප්‍රතිමා හදන්න ලක්ෂ ගණන් පරිත්‍යාග කරලා රිසිට් එක ෆේස්බුක් දාන තත්වෙට පත්වෙලා. පින වැඩියෙන් ලැබෙන්නේ එසේ යැයි ඔවුන් සිතනවා…

ඉතිං සුපිරි පැලැන්තියේ විහාරස්ථාන භාවිතා කරන තාක්ෂණය ගමේ පන්සලටත් ලබාදීමේ බලාපොරොත්තුවෙන් “සමාජසත්කාර පුණ්‍යභූමි” ව්‍යාපෘතිය ආරම්භ කලා. ඒ ව්‍යාපෘතියේ පළමු අදියරෙන් තෝරාගත් විහාරස්ථාන 100ක් වෙනුවෙන් අපි නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කර දෙනවා. දෙවෙනි/තෙවෙනි අදියරේදී රු.15,000-25,000 වැනි මුදලකට තමයි එම සේවාව ලබාදෙන්නේ. පළමු අදියරෙන් පසු මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීමට උත්සාහ කරනවා. ඔබටත් රජය සමඟ සම්බන්ධතා ඇත්නම් මේ ව්‍යාපෘතියට අනුග්‍රහයක් ලබාගැනීමට උදව් කරන්න.

මේ සඳහා දැනට අපි ගම් නියම්ගම් වල දින 60ක් පුරාවට කිලෝමීටර් 6,000ක් සංචාරය කලා විහාරස්ථාන සොයාගෙන.

ඔබටත් පුලුවන් පහත ක්‍රම වලින් අපේ පුණ්‍යභූමි ව්‍යාපෘතියට සහය වෙන්න…

නිවසේ සිට ඔබට සහය විය හැකි ක්‍රම :
1. විහාරස්ථාන වල අතින් ලියන ලද තොරතුරු සිංහලෙන් ටයිප් කර දීම (Sinhala Type Setting)
2. වෙබ් අඩවි නිර්මාණය සඳහා විහාරස්ථාන වලට ලෝගෝ නිර්මාණය කර දීම (Graphic Design)

පැමිණ සහය විය හැකි ක්‍රම :
3. ඩොමේන් ලියාපදිංචි කිරීම (Domain Registration – Internet Knowledge)
4. ඡායාරූප සංස්කරණය (Photo Editing – Photoshop/Illustrator/Lightroom knowledge)
5. ටයිප් කරන ලද තොරතුරු වල නිරවද්‍යතාවය මුල් පිටපත සමග පරීක්ෂා කිරීම
6. විහාරස්ථාන වල තොරතුරු අප වෙබ් අඩවියට ඇතුලත් කිරීම (Database – Excel Knowledge)
7. තොරතුරු පත්‍රිකා ස්කෑන් කිරීම
8. ස්කෑන් කරන ලද තොරතුරු පන්සල් අනුව ෆෝල්ඩර් වලට වෙන් කිරීම
9. පන්සල් වල ඡායාරූප ෆෝල්ඩර් වලට වෙන් කිරීම

මුදලින් සහය විය හැකි ක්‍රම :
10. අපගේ සංචාර සඳහා ආධාර කල හැක.
11. විහාරස්ථාන වෙනුවෙන් ඩොමේන්/හොස්ටින් මිළදී ගැනීමට ආධාර කිරීම
12. වෙබ් අඩවි නිර්මාණය කිරීමට අවශ්‍ය Plugins මිළදී ගැනීමට ආධාර කිරීම

කුමන අයුරකින් හෝ පුංචිම සහයක් වන්න…

ඔබ පැමිණ සහය වෙනවානම් පැමිණිය යුත්තේ වරකාපොලටය. (කෑගල්ල දිස්ත්‍රික්කය) කෑම, බීම් නවාතැන් පහසුකම් සැපයිය හැක.

කතා කරන්න : 0703366488

එන්න, අපි එකතු වෙලා අපේ රට වෙනුවෙන්, ආගම වෙනුවෙන් කැපවෙමු !

 

0 Comments