“සහස්නා” ඇපරල් | “Sahasna” Apparel (A Virtuous Associate of Samajasathkara.lk) – Sustaining Rural Families – Album 02

by | Jun 25, 2017 | Business | 0 comments

“සහස්නා” ඇපරල් | “Sahasna” Apparel (A Virtuous Associate of Samajasathkara.lk) – Sustaining Rural Families – Album 02
SamajaSathkara.lk යනු නිරතුරුවම දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කිරීමට කැප වී සිටින ආයතනයකි. ඉතින් අපි කුමක් හෝ දෙයක් පටන් ගන්නේ එම අරමුණ වඩ වඩාත් අර්ථවත් කර ගැනීම සදහා ය. ඉතින් අපි රෙදි මහන ආයතනයක් පෙරේදා, ජූනි 23 වෙනිදා පටන් ගත්තා.
සහස්නා ඇපරල් මගින් වන සේවාව පිලිබඳව කියනවානම් මෙය පටන් ගැනීමට මූලික හේතුව වූයේ දුප්පත් අසරණ පවුල් කිහිපයකට ස්වයං රැකියා අවස්ථා ලබා දීමටයි. ඇදුම් මැසීමට දන්නා පවුල් වලට මෙන්ම නොදන්නා පවුල් වලටද මේ නිසා ස්වයං රැකියා ලබා දෙන්න පුලුවන් මේ නිසා. මහන මැෂින් හා රෙදි ලබා දුන්නද ඔවුනට නවීන විලාසිතා අනුව රෙදි මැහීම සිදු කරන්න බෑ. ඔවුන් බොහෝ විට කරන්නේ පාපිසි හෝ යට ඇදුම් මැසීම. තව දෙයක් සීමිත සම්පත් යටතේ ඇදුම් විශාල ප්රමානයක් කාර්යක්ෂමව මැසීමට හා වෙළෙඳ පොළට අවශ්ය පරිදි නිම කරන්නත් ඔවුනට හැකියාව නෑ. නමුත් අප නිම කරන ඇදුම් ඔවුනට ලබා දුන් විට ඒවාද විකුණා ලාභ ලබා තම ආර්ථික මට්ටම ඉහල නංවා ගන්න පුලුවන්. ඇදුම් මැසීමට නොදන්නා පවුල් වලට ලබා දීම තුලින් ඔවුන් ප්රධාන පාරක් අසල සිටීනම් නිවසේ සිටම හෝ නැතිනම් ගෙයින් ගෙට ගොස් හෝ පොලක වැනි ස්ථානයක සිට විකිණීම සිදු කරන්න පුලුවන්. තව දෙයක් මේ නිසා අපට දුප්පත් කිහිප දෙනෙකුට ඇදුම් මැසීමට රැකියා ලබා දෙන්නත් පුලුවන්. මුලින් අපි මේ පවුල් වලට නිමි ඇදුම් මිලදී ගෙන දෙන්නට සිතුවත් ඒ සදහා විශාල මිලක් වැය වන බව පෙනුනා. එවිට විශාල මිල ගනන් වලට ඒවා අති දුශ්කර පැතිවල අලෙවි කරන්න බෑ. නමුත් අපි මසා ඔවුනට නිමි ඇදුම් ලබා දෙන විට එලෙස විශාල වියදමක් වැය නොවන බව වැටහුනා. එවිට සාධාරණ මිලකට ඇදුම් ලබා දෙන්නත් පුලුවන්. ඒ කරුණු සලකා බලා අපි මේ වැඩේ පටන් ගත්තා.
දැන් වේලාව හොදම වේලාව කියා සිතා නැකැත් ආදිය නොබලා අපි මේ වැඩේ පටන් ගත්තේ. කලින් වුවද අපි එසේ විශාල වැඩ පටන් ගෙන සාර්ථක ලෙස නිම කර තියෙනවා. එලෙස සාර්ථක වීමට හේතුව වන්නේ ඉතා විශාල පිරිසක් අපට හදවතින්ම ආශිර්වාද කිරීමයි. කොහොම වුවත් ආගමනානුකූලව අපි වැඩ පටන් ගත්තේ ස්වාමින් වහන්සේලා වැඩමවා ගෙන ඇවිත් පිරිත් දේශනාවක් සිදු කිරීමෙන් අනතුරුවයි. අනතුරුව කිරි ඉතිරවීමක්ද කලා. වැඩ පටන් ගන්න කලින් අම්මා විසින් සකසා දුන් කිරිබත් සහිත කැවිලි වලින් හැමෝටම සංග්රහයක් සිදු කලා. ඒ දේවල් වලින් පසු වැඩ ඇරඹීම සිදු කර ඇදුමක් මසා නිම කලා.
ඉතින් අපි මේ පටන් ගත් ඇපරල් එක නිසා ලංකාවේ දුප්පත් පවුල් සිය ගානකට ස්වයං රැකියා මෙන්ම කිහිප දෙනෙකුට ඍජු රැකියා අවස්තා ලබා දි ඔවුන්ගේ ආර්ථික මට්ටම් නගා සිටුවීමට බලාපොරොත්තු වනවා මෙන්ම මෙයට උදව් කරන ඔබගේ මුදලට උපරිම අගයක් ලබා දීමට හැකියාව ලැබෙනවා. පවුල් ගානක සිය ගණනක කුස ගිනි ජීවිත කාලය පුරා නිවීමට මේ ගන්නා වෙහෙසට උදවු කිරීම විශාල කුසල කර්මයක්ද වනු නොඅනුමානය.
වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…
වදන් පෙළගැස්ම – Manoj Prasanna
මෙය දියුණු කිරීමට ඔබේ අදහස්ද ලබාදෙන්න…
විශේෂ සටහන් :
මෙහි Brand name එක ලෙස අපි “සහස්නා” යන නම භාවිතා කරනවා. එය SamajaSathkara.lk හි අනාගත හිමිකාරිණිය වන SamajaSathkara.lk හි උපසභාපති Manoj Prasanna මහතාගේ දියණියගේ නමයි. ඇයට උපතේදී “සනුදි සහස්නා” ලෙස නම තැබුයේද “සමාජ සත්කාර” යන නමට ගැලපෙන අයුරිනි.
මෙම විශේෂ ව්යාපෘතිය ආරම්භ කලේ මාගේ සහෝදරිය Nilanthi Edirisooriyaගේ 44 වැනි ජන්ම දිනයට (ජූනි 18) සමාජසත්කාර වෙනුවෙන් දැක්වූ අනුපමේය සහයට ඇයට උපහාර දැක්වීම උදෙසාය. ඒ වෙනුවෙන් 2017 වසරේදී පවුල් 44කට ස්වයංරැකියා අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
සමාජසත්කාර “සහස්නා” ඇපරල් | Samajasathkara “Sahasna” Apparel
A Virtuous Associate of Samajasathkara.lk
Sustaining Rural Families
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments