සහස්නා ඇපරල් – Sahasna Apparel කියන්නේ වසර 11 මාගේ සමාජසත්කාර ගමන් මගෙහි සුවිශේෂී වූ සංධිස්ථානයක්.
ශ්‍රී ලංකාව තුළ පැය 24 පුරාත් දින 365 පුරාවටත් ක්‍රියාත්මක වන අවම ශ්‍රම දායකත්වයෙන් වැඩිම සේවාවක් ලබා දෙන ෆේස්බුක් සමාජ ජාලය හරහා එක් රොක් වූ පිරිසගේ සහයෝගයෙන් සිදු කරන විශාලතම සමාජ සේවා ආයතනය වන SamajaSathkara.lk හි තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සහස්නා Apparel හැඳින්විය හැක. දිනකට දෙකකට සෑහෙන බඩු මල්ලකට වඩා ස්ථීර ආදායමක් ලැබෙන උපකාරයක් ලෙස සහස්නා Apparel ආරම්භ කෙරිණි. ඒ වගේම SamajaSathkara.lk හි තිරසාරත්වය/පැවැත්ම වෙනුවෙන් මෙම සමාජ ව්‍යාපාරය ආරම්භ කරන ලදි.
මැහුම් කුසලතා ඇති අය හට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය ලබා දීමත් ඔවුන් මසා නිම කරන ඇඳුම් මිලදී ගෙන කුසලතා නැති අය හට ලබා දීමෙන් ඒ අයටත් ආදායමක් ලැබෙන ලෙස වෙනස්ම වූ සැලසුමකට අනුව මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර මසන ලද නිමි ඇඳුම් වල තත්ව පරික්ෂාව සහ බෙදා හැරීම මෙන්ම ඇඳුම් මැසීමත් මෙහිදී සිදු කෙරේ.
මෙමගින් දැනට අඩු ආදයම්ලාභී කාන්තාවන් පස් දෙනෙක් සඳහා ස්ථිර රැකියා ලබාදී ඇති අතර 2018 වසර අවසාන වන විට උපරිම පවුල් 100ක් සඳහා ස්වයංරැකියා ලබාදීමට බලාපොරොත්තු වේ. ඊට අමතරව වසරකට දිළිඳු දරුවන් සහ වැඩිහිටියන් 1000-2000 අතර ප්‍රමාණයකට නිමි ඇඳුම් පරිත්‍යාග කිරීමටද බලාපොරොත්තු වේ.
සහස්නා ඇපරල් වෙබ් අඩවිය : http://samajasathkara.lk/sahasna
(මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන වෙබ් අඩවියක් වන අතර නිර්මාණය කිරීම අවසන් කර නොමැත. Image Optimize කර නොමැති නොසා ලෝඩ් වීමට වැඩි වේලාවක් ගතවන බව කරුණාවෙන් සළකන්න)
අපගේ සහස්නා ව්‍යාපෘතිය ITN ඇත්පවුර වැඩසටහන සඳහා තේරී පත්වූ වග සතුටෙන් දැනුම්දෙමි.
ඇත් පවුර (அத் பவுர | Ăth Pavura) යනු රටපුරා විසිරුණු සමාජ ව්‍යවසායකයින් විසින් තම සමාජීය ව්‍යාපාරික අදහස් හා සැලසුම් රටේ පිළිගත් ආයෝජකයන් වෙත ඉදිරිපත් කර, ඔවුන්ගේ අවධානය දිනා ගනිමින් තම සමාජීය ව්‍යාපාරය සාර්ථක කරගැනීමට වෙර දරන වැඩසටහනකි. ස්වාධීන රූපවාහිනි සේවයෙහි (ITN) සතිපතා ඉරිදා රාත්‍රී 9.30 ට මෙය විකාශය වේ.
වැඩි විස්තර පසුවට බලාපොරොත්තු වන්න…







