අඩි 3 ක් පමණ උසැති රන් සහ රිදී ආලේපිත කරඬු 2ක් අප විසින් පසුගිය මාස කිහිපයේදී මේ ආකාරයට සැරසීම සිදු කරනු ලැබුවා. එය මහත් ඵල මහානිසංස ගෙනදෙන පුණ්යකර්මයක් වෙනවා. අපගේ මහන්සියෙන් නිමවුනු කරඬුවක් නිසා හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.
අපි මෙයින් එක් කරඬුවක් අප්රේල් මාසයේදීත්, අනෙක් කරඬුව මැයි වලින් පසුවත් (එය පූජා කිරීමට බලාපොරොත්තු වන පන්සලේ ධාතු මන්දිරය තවම ගොඩනංවමින් පවතී. අවසන් වීමට මාස 2ක් පමණ ගත විය හැක) පූජා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියා.
පසුගිය දින කිහිපයේ ඇතිවූ කලබලකාරී තත්වය නිසා අප්රේල් මාසයේ පූජා කිරීමට සිටි කරඬුව පූජා කිරීමට නොහැකි වූවා. එය හැකි වුවහොත් මැයි මාසයේදී පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා. තවමත් මෙය පූජා කිරීමට ස්ථීර වශයෙන් පන්සලක් තොරාගෙන නොමැති නිසා අවශ්යයි නම් ඔබේ ගමේ පන්සලට මෙය පූජා කිරීමට අප සූදානම්. ඔබේ ගමේ පන්සලේ ඡායාරූප රූප අප වෙත වයිබර් හෝ වට්ස් ඇප් හරහා එවන්න.
0703366488 (Viber/Whatsapp)
කරඬුව සැරසීමට ගත් Silver සහ Gold Stones, Glue බොහොමයක් ඉතිරිව පවතින අතර මෙවැනි පිංකමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් වෙත ඒවා නොමිළයේ පරිත්යාග කිරීමට කැමතිය. අවශ්යයි නම් කතා කරන්න.







