සමාජසත්කාර බුද්ධ මන්දිරය

by | Jan 1, 2017 | Ashirwadha | 0 comments

සමාජසත්කාර බුද්ධ මන්දිරය
2016 වසර ගෙවී ගොස් 2017 නව වසර එළඹීමත් සමඟ සමාජසත්කාර වැඩකටයුතු වලට හා එහි සියලුම සාමාජිකයන්ට තුණුරුවනගේ ආශිර්වාදය ලබාදීම පිණිස මා විසින් අද දින සවස් කාලයේ සමාජසත්කාර බුද්ධ මන්දිරය වෙත පැමිණ ප්රථමයෙන්ම මලුව ඇමද පිරිසිදු කිරීම සිදු කරනු ලැබුවා.
අනතුරුව සුවඳ මල් බුදු රජාණන්වහන්සේගේ වෙත පූජා කිරීමෙන් අනතුරුව මා විසින් අප වැඩකටයුතු මේ වසර තුළදී සර්වප්රකාරයෙන්ම සාර්ථක වීමටත් සමාජසත්කාර හා අත්වැල් බැඳගෙන සිටින සියලුම මිතුරු මිතුරියන්ගේ සියලුම යහපත් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වෙන වසරක් වේවායැයි ප්රාර්ථනා කරනු ලැබුවා.
අනතුරුව බෝ මළුව වෙත ගොස් පහන් හා හඳුන්කූරු දල්වා සියළුම දෙනාට නිදුක් නීරෝගී චිරජීවනය ප්රාර්ථනා කලා.
ඉන්පසුව විහාරාධිපති ස්වාමීන්වහන්සේට පිරිකරක් පූජා කර උන්වහන්සේගේ ආශිර්වාදයද ලබාගත්තා…
සැමටම සුභ නව වසරක් වේවා !
තෙරුවණ් සරණයි !
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments