අදනම් අමතක නොවන දවසක්. හොඳමට වැස්සේ වුනත් වතුර ටික දැක්කට පස්සේ නාන්න හිතුනා. ඉතිං අප්පුච්චයි මායි බැස්සා ඇලට. පැය භාගයක් විතර නෑවා. එහා පැත්තේ තියෙන්නේ හඳපානාගල වැව. ඒකේ කිඹුල්ලු ? සහ අලි. අපිට උඩින් අලිවැට. අපි ඉතිං උන් ගැන වගක්වත් නැතුව නෑවා. මට ඉතිං ගිලෙන්න බැරි නිසා අප්පුච්චා නෑව්වා… ටිකකින් උඩ හරියේ නාන කොල්ලෝ ටිකක් යටි ගිරියෙන් කෑගහන සද්දේ ඇහිලා මම පිටිපස්ස හැරිලා බැලුවා. හත් දෙයියනේ මට අඟල් 5-6ක් එහායින් ? කිඹුලෙක් නෙමේ කබරයෙක්. ඒකා වතුර දිගේ වතුරේ පාරේ සැරට ගහගෙන එනවා. මමයි අයියයි යටිගිරියෙන් කෑගහගෙන කොහොම නැග්ගද මන්ද උඩ තියෙන කොන්ක්රීට් පඩියට නැගලා. මං කෑගහන සද්දෙට බයේ කබරයා ජබ ජබ සද්දෙට කකුල් ගගහා උඩුගම් පීනනවා දැක්කා… අනූ නමයෙන් බේරුනේ කබරයා. නැත්තම් දනී මං කරන දේ…
මේ මගේ ඇලකින් නාන අවසාන නෑමයි, නැවත නෑමක් නොමැත…







