විඩාබර දෙපා…. (පොළොවේ සිට සඳට ඇති දුරටත් වඩා….)

by | Mar 16, 2019 | Working | 0 comments

විඩාබර දෙපා…. (පොළොවේ සිට සඳට ඇති දුරටත් වඩා….)

පසුගිය දිනවල මා සිටියේ මාගේ අසනීපයට ප්‍රතිකාර ගනිමින් හෙට්ටිපොළ, බරම්පොල කියන ගමේ. පෙරේදා සවස මා කමෙන්ට් කල ෆේස්බුක් පෝස්ට් එකකට අදාලව සමාජසේවා අමාත්‍යාංශයේ නිළධාරිණියක් විසින් මට ඇමතුමක් ලබාදුන්නා මා විස්තර අසා සිටි “මහමග දමාගිය ආච්චි කෙනෙක්” ඔවුන් සතුව සිටින බව. ඉතිං අසනීප තත්වයෙන් වුනත් මා ඇයට පොරොන්දු වුණා ඇයට හෙටම මම ආච්චි අම්මා බලන්න එනවා කිවා. ඒ ඇය නතර කර සිටින වැඩිහිටි නිවාසයේ අනික් ආච්චිලා, සීයලාට තෑගිත් අරගෙන. ඇමතුම ලැබුනේ සවස 5ට විතර. ඒ මොහොතේම මමත්, ලහිරු මල්ලිත් හෙට්ටිපොළ ටවුන් එකට ගිහින් රෑ 9 වෙනකන් අවශ්‍ය තෑගි මිළදී ගත්තා. පාන්දර 1 වෙනකම් ඒ ටික ලස්සනට පැක් කලා.

ඉන්පසු අපි පාන්දර 4ට හෙට්ටිපොළ සිට කුරුණෑගලට බස් එකේ ආවා. ඉන්පසු කුරුණෑගල ඉඳන් තුල්හිරිය අපේ ගෙදරට ඇවිත් තෑගි ටිකත් පැක් කරගෙන, ප්‍රොජෙක්ට් එකට යන්න ලැහැස්ති වෙලා කඩවතට බස් එකේ ආවා. ඉන්පසු එතනින් මාතරට, ඉන්පසු අකුරැස්සට, එතනින් පිටබැද්දරට සහ අවසානයේ සවස 6 වන විට අවසාන බස් එකේ දෑරංගල ගමට ආවා. විනාඩි 10යි තිබ්බේ බස් එක ආපසු එන්න. අපි ගෙනාව බඩු ටිකත් තියලා ආපහු පාරට ආවා බස් එකේ පිටබැද්දර ටවුන් එකට ගිහින් නතර වෙන්න. කිලෝමීටර් 390ක ගමනක්. පාන්දර 4ට ආරම්භ වෙලා රාත්‍රී 7.30ට අවසන් වුණා.

කාමරයේ නතර වී මේස් දෙක ගැලවූ පසුයි මාගේ කකුල් දෙක දැක්කේ. අද පාන්දරත් මේ විදිහටම පාර ලාවට හිටලා තිබ්බා… මේස් දෙක ගැල්වූ පසුයි වේදනාව දැනෙන්නේ…

දවසම මහන්සි වුනත්, අසනීප තියාගෙන මෙච්චර දුර ආවත් ඒ ආච්චි අම්මාගේ මූණ දැකලා වචනයක් දෙකක් කතාකල පසු ඒ විඩාව නැතිව ගියා….

2006 සිට අසරණ මිනිසුන්ට සේවය කරන්න මා කොපමණ ඇවිද ඇතිද… 2018 අවසාන වන විට මා පොළොවේ සිට සඳට ඇති දුරටත් වඩා දුරක් ලංකාව වටේ සංචාරය කර ඇති බව ගණනය කිරීමෙන් හෙලිවුනා.

ඉතිං කකුල් වලට අමාරු වුනත් හිතට හරි සතුටුයි, ආඩම්බරයි.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments