ෆේස්බුක් මිතුරන්ගේ මුල්ය දායකත්වයෙන් නාවක්කුලම, නවතෙල්දෙණිය ගම්වාසීන්ගේ ශ්රම දායකත්වයෙන් නාවක්කුලම වැවේ පාසි, ජපන් ජබර ඉවත් කර පිරිසිදු කිරීම.
අද උදෑසන 8 සිට ගම්වැසියන්ගේ දායකත්වයෙන් අපි වැව පිරිසිදු කිරීම ආරම්භ කලා. දැන් භාගයක් පමණ අවසන්. උදෑසන කඩල සමඟ තේ දුන්නා හැමෝටම. දැන් දවල් කෑම සූදානම් කරනවා.
අපේ ෆේස්බුක් සාමාජිකයන් නියෝජනය කරන්න අපේ සමාජසත්කාර කණ්ඩායමේ Dinesh Kumara වැවට බැහැලා ගමේ අයත් එක්ක හරි හරියට වැඩ කරනවා. ආඩම්බරයි ඔහු ගැන. මේ සඳහා දායකත්වය දැක්වූ හැමෝටම පිං. ෆේස්බුක් සාමාජිකයන් නියෝජනය කරන්න ඊයේ කොළඹ ඉඳන් Udara Palliyaguru මිතුරත් සම්බන්ධ වුණා. නොච්චියාගම ප්රජා පොළිස් ඒකකයේ අධීක්ෂණය යටතේ මෙය සිදු කරන්නේ.
නිදහස් දවසේ අනික් අයට නිදහසේ නාගන්න අවස්ථාවක් ලබාදෙන්නයි මේ වෑයම…







