වසර 12ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන් ඊයේ දිනයේදී මා “දේශමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලද වගයි !

by | May 28, 2018 | Awards | 0 comments

වසර 12ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන් ඊයේ දිනයේදී මා “දේශමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලද වගයි !

නෛකශ්‍රී විරාජමානව සොබා සෞන්දර්යයෙන් ලොව අන් සියලු රටවල් අභිබවමින්, ප්‍රමුඛස්ථානය උසුලන ශ්‍රී ලංකාද්වීපයේ ඉපිද “සැමට දිරිය – රටට සවිය” වෙමින් ලංකා සංස්කෘතික දායාදයන් වැඩිදියුණු කරමින් ද ජාතීන් අතර සහයෝගීතාව පතුරුවාලමින් මා කරනු ලැබූ සේවයට, සහජ දක්ෂතාවට ප්‍රවීණත්වයට සාදු චර්යාවට උපහාර පිරිනැමීම වස් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමේ සංවත්සර මහා සභාවේදී මාහට “දේශමාන්‍ය” ජාතික ගෞරවනාම සම්මාන සන්නස්පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රභූ ආරාධිත අමුත්තන් අතින් 2018ක් වූ මැයි මස 27 වන දින කොළඹදී පිරිනැමූ වගයි !

දේශමාන්‍ය (‍ජාතියෙහි අභිමානය) යනු, ශ්‍රී ලංකා රජය විසින් සිවිල් සම්මානයක් ‍ලෙසින් පිරිනැමෙන දෙවන ඉහළතම ශ්‍රී ලාංකික ජාතික සම්මානය (ශ්‍රී ලංකාභිමාන්‍ය ට පසුපසින්) වේ.

2016 දෙසැම්බර් 24 වෙනි දින මා ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපාකාර පදනමේ “ස්වර්ණ බිම්බ” ගෞරව සම්මාන උපාධි ප්‍රදාන උත්සවයේදී “දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර” යන ගෞරව සම්මාන උපාධියෙන්ද පිදුම් ලැබුවා.

එපමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කල V-Awards 2015 උළෙලේදී (2015 පෙබරවාරි 13) වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා (Youth Volunteer of the Year) සම්මානයෙන්ද,

JCI Sri Lanka ආයතනය සංවිධානය කල The Ten Outstanding Young Persons Of Sri Lanka – TOYP Awards – 2017 (2017 දෙසැම්බර් 16) හි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් දස දෙනා අතරට මානුෂීය සහ ස්වේච්ජා සේවය (Humanitarian and/or Voluntary Service) යටතේද මා තේරී පත්වූ බව ඔබ දන්නා කරුණක්.

දරුවෙක්, සහෝදරයෙක් විදිහට මගේ පවුලේ අය වෙනුවෙන් මට ලබාදෙන්න පුලුවන් උපරිම ගෞරවාදරය මම ඔවුනට මෙලෙස ලබාදුන්නා… අද මගේ පියා ජීවතුන් අතර නැති වුණත් මං දන්නවා ඔහු සිටිනා තැනක සිට මට ආශිර්වාද කරන බව…

—————————————————————————

ඊයේ දිනයේ පැවති මෙම උත්සවයේදී කලාකරුවන් (නළු, නිළියන්, චිත්‍රපට, නාට්‍ය අධ්‍යක්ෂක වරුන්) විශාල ප්‍රමාණයක්ද, ඡ්‍යෝතීර්වේදීන්ද, වෛද්‍යවරු, ඉංජිනේරු වරු සහ විවිධ වෘත්තීයවේදින්ද, ෆේස්බුක් ඔස්සේ සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් කැපවෙන මා වැනි තවත් පිරිසකටද, දේශපාලනඥයින්ටද ගෞරව සම්මාන පුද කරන ලදි. ඒ සම්මාන ලද සියලුම දෙනාටම මා සුභ පතනවා.
—————————————————————————

මේ ගෞරව නාමය මාහට පමණක් නොව එදා මෙදා තුර SamajaSathkara.lk හා ශ්‍රමයෙන්, මුදලින් සහ නන් අයුරුන් දායකවූ සැමට අයිති බව මා මතක් කර සිටිනවා.

දිවි තිබෙන තුරා රට, ජාතිය, ආගම වෙනුවෙන් (සකල ලෝක වාසී සියලුම සත්වයින් වෙනුවෙන්) කැපවෙන බවද, දිවි තිබෙන තුරා දේශපාලනයට සම්බන්ධ නොවන බවද මෙයින් දැනුම් දෙමි.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments