මම අද තරම් කවදාවත් මුහුදේ නාලා, විනෝදවෙලා නැහැ. පැය 1 1/2ක් නෑවා. සෙල්ලම් කලා. බෝලයක් ගත්තා, ෆොටෝ එක විතරයි ගහගන්න පුලුවන් වුනේ වතුරේ ගහගෙන ගියා… හරි සතුටුයි අදනම්, මාස 6කට සැරයක්වත් මෙහෙම නිවාඩුවක් ගන්න ඕන. වැඩත් එක්ක වැඩිවෙලා ඉන්න බැහැ. ප්රොජෙක්ට්ස් මතක් වෙනවා රැළි එනකොට.
විනෝදයෙන් ගෙවෙන ඒ ජීවිතෙත් ෂෝක්, ඒත් මට හරි යන්නේ නැහැ. අයියට 10 පාරකට වඩා කීවා දැන් ඇති යමු කියලා… මං කොළඹ යන්නත් ඕන, ඩ්රයිවර් මල්ලිට එක දවසක් හරි නිවාඩුවක් දෙන්න ඕන. මාසෙකින් එයා ගෙදර ගිහිනුත් නැහැ.







