අද උදේ මට ෆේස්බුක් මිතුරියක් කතා කරලා කීවා එයාගේ ගෙදර පෙර පාසලක් තිබිලා ඒක දැන් නවත්වලා තියෙන්නේ ඒකේ සෙල්ලම් මිදුලේ ඔන්චිල්ලා, ලෙස්සන බෝට්ටු සහ ඩෙස් පුටු ආදිය දුෂ්කර පලාතක පෙර පාසලකට ලබාදෙන්න කැමතියි කියලා.
ඉතිං මං අදම ගියා ඒ වෙනුවෙන් පෙර පාසලක් බලන්න. මේ පෙරපාසල තියෙන්නේ මහියංගනය, මහගම කියන ගමේ. ගොඩනැගිල්ල පමණයි. වෙන කිසිම පහසුකමක් නැහැ. ඉතිං ඒ මිතුරිය කැමති වුනොත් අපි බලාපොරොත්තු වෙනවා ඒ දේවල් මේ පෙර පාසලට ලබාදෙන්න. ඒ විතරක් නෙමේ අපි ඒ පෙර පාසලේ තෝරාගත් අන්ත අසරණ දරුවන් කිහිප දෙනෙක්ට මාසික පෙර පාසල් ගාස්තුව මාස කිහිපයක් යනකම් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. පොඩි මුදල් වෙන්නේ. රු.800ක් වගේ. ඉදිරියේදී ඔබටත් දරුවෙක් භාරගන්න පුලුවන්…
එහි අධීක්ෂණ කටයුතු Harsha Eranga ග්රාම නිළධාරිතුමා විසින් සිදු කරනු ලබනවා.







