නිදිමතයි… ඒත් තාම වැඩ ඉවර නැහැ. කාලා බීලා ඉවරවෙලා ඇඳට වෙලා ආයෙත් වැඩ පටන් ගත්තා. පටන් ගත්තා කීවට නැවත්තුවේ නෑ ඉතිං… උදේ 7ට දියතලාවෙන් ආපු ගමන මේ. නොනැවතී වැඩ. කරපු වැඩ පසුව දාන්නම්…
අද මම මේ ආකාරයට ව්යාපෘති පෝස්ට් නැතුව දවස ගෙවන ආකාරය ඔබට පෙන්නුවේ මං වසරකට දින 317ක් කරන කැපවීම ඔබට පෙන්වීමටයි…. කලාතුරකින් ලැබෙන මේ මනුස්ස ජීවිතේ අර්ථවත් විදිහට ගෙවන්නේ මෙහෙමයි මම. ටික කාලයක් පවතින මේ තරුණ ජීවිතේ මට ඕන අනෙක් අයට වඩා වෙනස් දෙයක් කරන්න…. ජීවිතේ සැපවත්ව විඳින්න ආස නැහැ මං. ඒ සඳහා කාලයක් නෑ මට. මොකද විඳවන අය අප්රාමාණයි. ඒ අයට සෙත සලසන්නම්, ජීවිතේ විඳින්න අවස්ථාවක් දෙන්නනම් මට විඳවන්නම වෙනවා..







